හොංකොං පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

276

ආසියානු දැල්පන්දු පිටියේ සිය ආධිපත්‍ය තව දුරටත් පවත්වා ගනිමින් හොංකොං කණ්ඩායම ලකුණු 71-48ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (06) තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය අසුන වෙන් කර ගැනීමට සමත් විය. මෙම තරගය මූලික වටයේ E කාණ්ඩයේ අවසන් තරගය වූ අතර තරගාවලිය සිංගප්පූරුවේ OCBC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පෙරළිකාර ශ්‍රී ලංකා කාන්තාවෝ අපරාජිතව අවසන් 4ට

සිංගප්පූරුවේ OCBC ගෘහස්ථ පිටියේ දී පැවැත්වෙන 11 වන ආසියානු කුසලාන..

සිංගප්පූරුව 74-61ක් හා පසුගිය වසරේ ශූරියන් වූ මලයාසියාව ලකුණු 62-59ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ කුසලාන ශූරතාවට පිවිසුණේ මෙවර ශූරියන් වීමේ බලාපොරොත්තුවෙනි.

ඊයේ සිංගප්පූරුව පරාජය කිරීමට හොංකොං කණ්ඩායම සමත් වූ අතර ඒ නිසාම ඔවුන් ද මෙම තරගයට පිවිසුණේ ප්‍රබල බලාපොරොත්තු සහිතවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනි සිවලිංගම් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රහාරක තුරුම්පුව වන අතර සිංගප්පූරුව හා මලයාසියාව මෙන්ම අද හොංකොං දේශයත් ඇයව ආවරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු කාර්තුවේ දී ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක දෙදෙනා තරගය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය හා ගයනි දිසානායක නැවත වතාවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට සමත් විය.  

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ ඉන්දියාවත් මට්ටු කරති

11 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ දෙවන වතාවටත් ලකුණු 100යේ සීමාව ඉක්මවා…

පළමු කාර්තුව 18-13ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ සිටිමින් අවසන් විය. දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු අතර ලකුණු 8-2ක සිට ලකුණු 21-12ක් දක්වා ලකුණු සටහන රැගෙන ගියේ පළමු අර්ධය අවසානයේ ආරක්‍ෂිත ලකුණු 21-12ක ලකුණු පුවරුවක් සටහන් කරමිනි.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 39 – 25 හොංකොං

හොංකොං ක්‍රීඩිකාවන් තෙවන කාර්තුවේ දී ප්‍රබල සටනක් ලබා දුන් නමුත් මැද පෙළේ විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ගයාන්ජ අමරවංශ සිය සුපිරි ක්‍රීඩා විලාශයෙන් හොංකොං වෙතින් තරගය උදුරා ගැනීමට  සමත් විය.

තෙවන වටය අවසානයේ ලකුණු සටහන දැක්වුණේ 54-35ක් ලෙසයි.

සිව්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාව තවත් ලකුණු 20කින් සිය ලකුණු සටහන ඉදිරියට රැගෙන ගිය අතර සිව්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හොංකොං ක්‍රීඩිකාවන්ට ලකුණු රැස් කිරීමට පහසු අවස්ථා උදා කළේ නැත.

හසිතා මෙන්ඩිස් ද ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර තර්ජිනී සිවලිංගම් සුපුරුදු ලෙස දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගෙන එමිනි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 71 – 48 හොංකොං

ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර්ව තරගය එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<