ශ්‍රී ලංකා පුහුණුකරුවන් දෙදෙනෙක්ට ICCයෙන් ආරාධනාවක්

83

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පවත්වනු ලබන තෙවැනි අදියරේ (Level 3) පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වන අයදුම්කරුවන් වෙත දැනුම ලබා දෙන සම්පත් දායකයින් ලෙස, ශ්‍රී ලාංකික පුහුණුකරුවන් දෙදෙනෙක් වන හේෂාන් ද මෙල් සහ තාරක සමරතුංග යන මහත්වරුන් හට ICCයෙන් ඇරයුම් ලැබී ඇත.

බංග්ලාදේශය අවතක්සේරු කළ ඉන්දියාවට හොඳ පාඩමක්

බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් ඊයේ (3) දිල්ලි හිදී පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක පෙරළිකාර ජයක් ලබා….

ICCයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය විසින් පවත්වනු ලබන මෙම පුහුණු පාඨමාලාව පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 01) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර දීආරම්භ වූ අතර පාඨමාලාව නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වේ.

පාඨමාලාව තුල දී හේෂාන් ද මෙල් මහතා උපදේශකයකු මෙන්ම සමස්තවැඩසටහනේම අධීක්ෂණ පුහුණුකරුවකු ලෙස ද කටයුතු කරන අතර තාරක සමරතුංග මහතා ‘මානසික කුසලතා’ වැඩිදියුණු කිරීම පිළිබඳව උපදේශකයකු ලෙස සිය දායකත්වය දක්වනු ඇත. 

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) පුහුණු අධ්‍යාපන ඒකකයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරන ද මෙල් මහතා, ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ පළමු සහ දෙවැනි අදියරේ පුහුණුකරුවකු ලෙසත්, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) තෙවැනි අදියරේ පුහුණුකරුවකු ලෙසත් සුදුසුකම් සපුරා තිබේ. 

නිපුන්-කුෂාන් එක්ව ශ්‍රී ලංකාව අවමානයෙන් බේරයි

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ..

ද මෙල් මහතාට අමතරව මෙම පුහුණු පාඨමාලාව සඳහා සම්පත් දායකත්වය දැක්වීමට වරම් දිනා ගත් සමරතුංග මහතාICCයේ පළමු,දෙවන සහ තෙවැනි ශ්‍රේණියේ පුහුණුකරුවකු ලෙස මෙන්ම ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ දෙවන අදියරේ පුහුණුකරුවකු ලෙස ද සුදුසුකම් සපුරා ඇත. 

මෙම පාඨමාලාව සඳහා ඕස්ට්‍රේලියාව,එංගලන්තය,ඉන්දියාව,පාකිස්තානය,සිම්බාබ්වේ,ඇමරිකා එක්සත් ජනපදය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සෞදි අරාබි සහ උගන්ඩාව යන රටවල්  නියෝජනය කරමින් පුහුණුකරුවන් රැසක් සහභාගී වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<