සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හෙටින් (26) ආරම්භ වන අතර, එය තරග 3කින් සමන්විත තරගාවලියකි.

ගොඩබිමක් සොයන බිඳී ගිය ක්‍රිකට් නෞකාව

අතිශය තීරණාත්මක ගමනකින් පසු ලෝක කුසලාන එක්දින තරගාවලිය නම් සාගරයෙන් නෙරපා සුදුසුකම් ලැබීමේ …

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු කණ්ඩායම සමඟින් පැවැත්වූ එක්දින තරග 5ම පරාජයට පත්ව මෙම තරගාවලියට අවතීර්ණ වුවත්, ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මුහුණට මුහුණ

වර්ෂ 2007 සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 15කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 10ක ජය පකිස්තානු කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දැනට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 5ක් පවත්වා ඇති අතර, එයින් තරගාවලි 4ක ජය පාකිස්තානුවන් සතුවන විට, ශ්‍රී ලංකාවට එක් තරගාවලි හෝ ජයග්‍රහණය කිරීමට නොහැකිව ඇත. එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය එක්සත් අරාබි එමීර් හිදී විස්සයි විස්ස ක්‍රිකට් තරග 3කට සහභාගි වී ඇති අතර, ඉන් තරග 2ක් පකිස්තානය ජයග්‍රහණය කර ඇති අතර, තවත් තරගයක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.

බිඳ වැටීම්, කලකිරීම් මැද ශ්‍රී ලංකාවට 5-0ක තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලිය පුරාවටම අතිශය අසාර්ථක වීම නිසාත්, කණ්ඩායම තේරීමේ දී සිදු වූ අඩුපාඩු සහ …

දෙපිලේම ප්‍රහාරත්මක තරු

ධනුෂ්ක ගුණතිලක

තරග තහනමට පසුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට පැමිණ ඇති ධනුෂ්ක ගුණතිලක,  ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාව ඉටු කරනු ලබන ක්‍රීඩකයා වේ. ඔහු පාකිස්තානු එක්දින පන්දු යවන්නන්ට එදිරිව එකඳු විස්සයි විස්ස තරගයකට හෝ සහභාගි වී නැත. නමුත් ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස තරග 5කට සහභාගි වී ලකුණු 91ක් ලබාගෙන ඇත්තේ 119.73කට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙනයි.

මොහොමඩ් හෆීස්

පකිස්තානු කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල ප්‍රබල තරුවක් වන මොහොමඩ් හෆීස් ඉතාමත් ජවසම්පන්න ප්‍රහාරවලින් ද සපිරි පිතිකරුවෙකි. ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස පන්දු යවන්නන්ට එදිරිව තරග 10ක් සඳහා ක්‍රීඩා කර සිය දස්කම් ප්‍රදර්ශනය කර ඇත. එහි දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 170ක් ලබාගෙන ඇති හෆීස් ශතක හෝ අර්ධ ශතක ලබාගෙන නැත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 17ක් වන අතර, ප්‍රහාරාත්මක වේගය 99.41ක් වැනි හොඳ මට්ටමක තිබේ.

ඩිල්ශාන් මුණවීර

නිමා වූ ඉන්දීය විස්සයි විස්ස තරගාවලිය තුළ දී ද දස්කම් අතර පැමිණි දකුණත් පිතිකරු ඩිල්ශාන් මුණවීර, පාකිස්තානයට එදිරිව පැවැත්වෙන මෙම සුවිශේෂී විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින දේශීය මෙන්ම විදේශීය අත්දැකීම් බහුල පිතිකරුවෙකි. බොහෝ විය මුණවීර අංක 1 ස්ථානයේ පිතිකරණයේ නිරත වනු ඇති අතර, පාකිස්තාන පන්දු යවන්නන්ට විරුද්ධව තරගයකට තවමත් ක්‍රීඩා කර නැත. 141.30ක් වැනි ඉතාමත් හොඳ මට්ටමේ වේගයක් සහිත මුණවීර, 21.66ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙන ඇත. ඒ අතරට එක් අර්ධ ශතකයක් ද ඇතුළත්ව ඇති නිසා එය විශේෂ වේ.

ශොයිබ් මලික්

2006 වර්ෂයේ දී පාකිස්තානු විස්සයි විස්ස කණ්ඩායම වෙනුවෙන් පළමු වරට ක්‍රීඩා කරනු ලැබූ මලික්, මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 89කට ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකාවට එරෙහිව තරග 13ක් ක්‍රීඩා කර ඇත. ඔහු ශ්‍රී ලංකාවට එදිරිව තරග 13ක දී ලකුණු 295ක් ලබාගෙන ඇත්තේ 36.87ක් වැනි හොඳ මට්ටමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඒ අතරට එක් අර්ධ ශතකයක් ද ඇතුළත්ව ඇත.

ජ්‍යෙෂ්ඨයන් බෑ කියද්දී විස්සයි විස්ස සුක්කානම තිසරට

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා …

සුපිරි පන්දු යවන්නන්

ඉසුරු උදාන

වමතින් වේගපන්දු යවන ඉසුරු උදාන පිත්තෙන් ද යමක් කිරීමට හැකි ක්‍රීඩකයෙකි. උදාන පාකිස්තානු පිතිකරුවන්ට එදිරිව සුදු පන්දුවෙන් විස්සයි විස්ස තරග කිසිවකට ක්‍රීඩා කර නැති නමුත් තරග 10ක දී කඩුලු 9ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ, එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 8.84ක් වැනි දළ ලකුණු ලබා දීමක් සිදු කරමිනි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 13කට කඩුලු 3ක් ලෙස සටහන්ව ඇත්තේ ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට එදිරිවයි

හසන් අලී

පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ බල ඇණිය සතුව සිටින තවත් එක් ප්‍රබල තුරුම්පුවක් බඳු හසන් අලී හොඳ පන්දු සංකලනයක් ඇති ක්‍රීඩකයෙකි. ඔහු විස්සයි විස්ස ක්‍රිකට් තරග 9ක් ක්‍රීඩා කර එහි දී කඩුලු 12ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ ඒ බවට ප්‍රබල නිදසුනක් ද සපයමිනි. ලකුණු 8.15ක් වැනි මට්ටමේ ලකුණු ලබා දීමක් එක් පන්දුවාරයකට අලීට එදිරිව ජාත්‍යන්තර පිතිකරුවන් සටහන් කර ඇත. තවද ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 16.5කි.

විකුම් සංජය

පාකිස්තානු කණ්ඩායම සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට මෙම යොවුන් වේගපන්දු යවන්නා හට මීට පෙර අවස්ථාවක් ලැබී නැත. වයස අවුරුදු 25ක් වන විකුම්  විස්සයි විස්ස ක්‍රිකට් තරග 5ක්  තුළ කඩුලු 5ක් දවා ගැනීමට සමත්ව ඇති අතර, එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 9.23ක් පමණක් ලබා දී ඇත.

ඉමාඩ් වසීම්

මෑත කාලය තුළ පකිස්තානු කණ්ඩායම විසින් සොයාගත් නවතම තරුවක් ලෙස අප කොයි කවුරුත් හඳුනන 28 හැවිරිදි ඉමාඩ් වසීම් දඟපන්දු යැවීමට උපන් හපනෙකි. වමතින් පන්දු යවන වසීම් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 22ක් තුළ  කඩුලු 25ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 4.64ක් පමණක් ලබා දෙමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකක දී එක් කඩුල්ලක් දවාගෙන ඇත.

බලාපොරොත්තුව ටෙස්ට්, එක්දින සහ T20 තුනම ක්‍රීඩා කරන්න – මුනවීර සහ ප්‍රියංජන

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ඩිල්ෂාන් මුණවීර සහ අශාන් ප්‍රියංජන, ඔවුන්ගේ ජාත්‍යන්තර …

අබුඩාබි තණතීරුව පිටිය හා කාලගුණය (ඔක්: 26 රාත්‍රි හා ඔක්: 27 රාත්‍රි)

ප්‍රේක්ෂකයන් 20,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති එකම විස්සයි විස්ස තරගය ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත්ව ඇත.

එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද  ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. පළමු හා දෙවන විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුව රැකීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට  විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 28°C – 39°C පමණ උෂ්ණත්වයක් අබුඩාබි අවට ප්‍රදේශය තුල තිබේ.

ලාහෝර් තණතීරුව පිටිය හා කාලගුණය (ඔක්: 29 රාත්‍රි)

ප්‍රේක්ෂකයන් 20,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අතර කිසිදු විස්සයි විස්ස තරගයක් පවත්වා නොමැත.

මෙම තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද  ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. තෙවන හා අවසන් විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුව රැකීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 18°C – 31°C පමණ උෂ්ණත්වයක් ලාහෝර් අවට ප්‍රදේශය තුල තිබේ.

“මම නායකත්වයෙන් ඉවත් වෙන්නේ නැහැ” – උපුල් තරංග

2017 වසරට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය තුළ ඔවුන් තරග 5-0ක් ලෙස පූර්ණ තරගාවලි …

වර්තමාන තත්ත්වය

පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, පකිස්තානුවන් දැනට (ඔක්තෝබර් 25) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි  ස්ථානයේ පසුවෙයි. ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 2417ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 121ක් හිමි කර ගෙනයි. 8 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 1961ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 93ක් ලබා ගෙනයි. එම නිසා මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල ද, යම් යම් වෙනස්කම් සිදුවීමට හැකිය.

අවසන් නිගමනය

මෙම තරගාවලියට  ඇතුළත්ව ඇති තරග සියල්ලම රාත්‍රි තරග වේ. දෙපිලේම බහුතරයකගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල පකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – තිසර පෙරේරා (නායක), ඩිල්ශාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, මිනෝද් භානුක, අශාන් ප්‍රියංජන, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, සීකුගේ ප්‍රසන්න, චතුරංග ද සිල්වා, විකුම් සංජය, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන.

පාකිස්තානු එක්දින සංචිතය – සෆ්රාස් අහමඩ් (නායක), ෆකර් සමාන්, අහමඩ් ශෙසාඩ්, බාබර් අසාම්, ශොයිබ් මලික්, මොහොමඩ් හෆීස්, ඉමෑඩ් වසීම්, ශදබ් කාන් මොහොමඩ් නවාස්, ෆාහීම් අශ්රෆ්, හසන් අලී, අමීර් යමින්, මොහොමඩ් අමීර්, රෑමන් රාඊස්, උස්මාන් ශීන්වාරි, උමාර් අමීන්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<