දිමුත් සහ චන්දිමාල් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ජාමෙ බේරා ගනී

266
SLvIND 2nd test SL

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර නාග්පූර් හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (24) නිමා වන විට සත්කාරක ඉන්දීය ක්‍රීඩකයෝ පළමු ඉනිම ක්‍රීඩා කරමින් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටියහ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 205ක් පමණි.

උපුල් තරංග නායකත්වයෙන් ඉවත් කරයි?

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග එළඹෙන ඉන්දීය සංචාරයේ සිට…

ඉන්දීය කණ්ඩායම පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශිකර් ධවාන්, බුවනේශ්වර් කුමාර් සහ මොහොමඩ් සාමි වෙනුවට මුරලි විජේ, රෝහි;a ෂර්මා සහ ඉෂාන්ට් ෂර්මා දෙවැනි ටෙස්ට් තරගයට කැදවා තිබුණි. නමුත් සංචාරක කණ්ඩායමේ කිසිදු වෙනසක් වී තිබුණේ නැත.

දෙවැනි තරගයේ දී ද කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තේ තණකොළවලින් සහ යම් කඩතොළු ගතියකින් ද යුත් නාග්පූර් තණතිල්ල මත හතර වැනි ඉනිමට පන්දුවට පහර දීමට සිදුවන්නේ නම් එය අතුරේ යෑමට සමාන වන බැවිනි.

චන්දිමාල්ගේ බලාපොරොත්තුව වන්නට ඇත්තේ පළමු ඉනිමේ දී වැඩි ලකුණු ප්‍රමාණයකට ගොස් එහි වාසියත් සමඟින් තරගයට අවතීර්ණ වීම විය යුතුය. නමුත් නාග්පූර් තණතිල්ල, කාසියේ වාසිය තරගයේ වාසියක් බවට පරිවර්තනය කර ගැනීමට ඉඩ සැලැසුවේ නැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පන්දු වාර 80කට පමණක් සීමා වුනි.

නාග්පූර් තණතිල්ල ඉන්දීය පන්දු යවන්නන්ට වඩාත් වාසි සහගත වෙද්දී යම් තරමකින් හෝ පිත්ත ඔසවා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවනීය තත්ත්වයකට ගෙන ආවේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් පමණි. දිමුත් අද තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වැනි අර්ධ ශතකය රැස් කළේ පන්දු 132ක් වැය කරමිනි. ඔහුගේ ඉනිම ලකුණු 51ක් වූ අතර ඊට හතරේ පහර 6ක් එක්කර තිබුණි.

Lahiru Kumara – Inspired by Dale Steyn, chasing Chaminda Vaas’ records

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පමණක් නොව, මුළු ආසියාවේම සිටින වේගවත් පන්දු යවන..

කෙසේ වෙතත් දහවල් විවේකයට පන්දු වාර දෙකක් තිබිය දී දිමුත් කරුණාරත්නගේ කඩුල්ල ව්‍රිදිමන් සහා විසින් කඩා දැමුව ද එහි තීරණය සම්බන්ධයෙන් ඇති වූ කුතුහලය හේතුවෙන් පිටියේ විනිසුරු රිචර්ඩ් කෙට්ල්බොරෝ විසින් එහි විසඳුම ලබා දීම තෙවැනි විනිසුරු වූ නයිජල් ලෝන්ග් වෙත ලබා දුන්නේය. එහි වාසිය ලකුණු පුවරුවට ලකුණක් ද එකතු වෙමින් දිමුත් නොදැවුණ ක්‍රීඩකයෙක් සේ නම් කෙරුණේ එය නීති විරෝධී පන්දුවක් වීම හේතුවෙනි. එකී වාසිය දිමුත් වෙත ලබා ගත හැකි වූයේ තවත් ලකුණු 30ක් එක් කිරීම තෙක් පමණි.

වැඩි වගකීමක් සහිතව පිටියට පිවිසි චන්දිමාල් ද අද තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වැනි අර්ධ ශතකය වාර්තා කළේය. එමෙන්ම ඔහු මෙම තරගයේ දී ලකුණු 22ක් ලබා ගැනීමත් සමඟ ටෙස්ට් ලකුණු 3000ක් වාර්තා කළ 13 වැනි ශ්‍රී ලාංකික ටෙස්ට් පිතිකරුවා බවට ද පත් විය. චන්දිමාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යද්දී ලකුණු 57ක් තම ඉනිමකට එක්කර තිබුණේ පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් ද එක් කරමිනි.

දිමුත් සහ චන්දිමාල් අතර 4 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 52කි. ඔවුන් දෙදෙනාට අමතරව පිතිකරුවන් අතුරින් යම් තරමකට හෝ සාර්ථක වූයේ නිරෝෂන් දික්වැල්ල (24) පමණි.

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කිරුළට සියල්ල සූදානමින්

එළඹෙන දෙසැම්බර් මස පළමු වැනි දින ආරම්භ වන ප්‍රිමියර් ලීග් ‘A’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියත්…

ආරම්භක පිතිකරුවන් ලෙසින් සධීර සමරවික්‍රම සමඟින් දිමුත් කරුණාරත්න පිටියට පිවිසිය ද සධීරට වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ සැලසුවේ නැත. නැවත වතාවක් පිතිකරු භූමිකාවෙන් අසාර්ථක වූ සධීර ලකුණු 13කට පළමු පිතිකරු ලෙසින් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 20ක් ව තිබිය දී ය. සධීරගේ මෙම ඉනිම ද ඉක්මන් ඉනිමක් වූ අතර ඔහු මේ වෙනුවෙන් වැය කරනු ලැබුවේ පන්දු 15ක් පමණි.

වැඩි ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට එක් කිරීම අදිටන වූව ද ඉන්දීය පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිති විලංගු ලා දැමූ තත්ත්වයක පැවැතිණි. ඔවුන්ට දිනයේ දහවල් විවේකය වන විට රැස්කර ගත හැකි වූයේ කඩුලු 2ක් දැවී ලකුණු 47ක් පමණි. දැවී ගිය අනික් පිතිකරු වූයේ ලහිරු තිරිමාන්න (9) ය.

සවස තේ පානය වන විට ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 151ක් ලෙසිනි.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට ද අද දවස එතරම් සුබදායක වූයේ නැත. කඩුල්ල මුවා කිරීමේ වරදට ඔහුගේ දැවී යෑම ජොයෙල් විල්සන් විසින් ලබා දුන්න ද එම තීරණය නැවත සලකා බැලීම සඳහා ඇන්ජලෝ විසින් කරන ලද ඉල්ලීමේ දී ද තීරණය වූයේ ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් බැව් ය. ඒ වන විට ඇන්ජලෝ රැස්කර සිටියේ ලකුණු 10ක් පමණි.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සේ කණ්ඩායමට එක් වූ දිල්රුවන් පෙරේරාට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණි. නමුත් පන්දුයවන්නෙක් ලෙස කණ්ඩායමට එක් වූ සුරංග ලක්මාල් ලකුණු 17ක් ලබා ගනිමින් පසුපෙළ ශක්තිමත් කළේය. අනෙකුත් පිතිකරුවන් වූ දසුන් ශානක (2) රංගන හේරත් (4) සහ ලහිරු ගමගේ (නොදැවී 0) ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අඩු ලකුණු ප්‍රමාණයකට තම ඉනිම් පූජා කළහ.

කලින් නොදැකපු ක්‍රිකට්

සෑම ක්‍රීඩාවකටම ඉතිහාසයක් ඇතිවා සේම, ඒ අතීතයේ නොදුටු ඉසව් ස්පර්ශ කිරීමට බොහෝ…

මේ සියලු දේ කිරීමට ඉන්දීය නායකයා යොදා ගත්තේ පන්දු යවන්නන් 4 දෙනෙක් පමණක් වීම කැපී පෙණුනි. ඔවුන් අතුරින් දකුණතින් පිට දඟපන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 67කට කඩුලු 4ක් ද, වමතින් දඟපන්දු යවන රවින්ද්‍ර ජඩේජා ලකුණු 56කට කඩුලු 3ක් ද සහ ආරම්භක වේගපන්දු යවන ඉෂාන්ට් ෂර්මා ලකුණු 37කට කඩුලු 3ක් ද දවා ගත්හ. කඩුලු නොලැබූ එකම පන්දු යවන්නා වූයේ දකුණතින් මඳ වේගපන්දු යවන උමේෂ් යාදේව් ය.

දිනය නිමා කිරීමට පන්දුවාර 8කට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන් ලබා ගත්තේ ලකුණු 11ක් පමණි. ලහිරු ගමගේ ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ලකුණු 7කට දැවී ගියේ ය.

දිනය නිමා වන විට මුරලි විජේ (2) සහ චෙටෙස්වර් පුජාරා (2) පිටියේ නොදැවී රැඳී සිටියි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ඉන්දියානුවන්ගේ දැඩි කැමැත්ත

90 දශකයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එතරම් වදන් හරඹකාරයන් නොවීය. එහෙත් ඔවුන්ට…

හෙට (25) තරගයේ දෙවැනි දිනයට ඉන්දීය ක්‍රීඩකයෝ පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන්නේ පළමු ඉනිමේ සංචාරක ක්‍රීඩකයන් රැස් කළ ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 194ක් පිටුපසින් සිටිමිනි. ඒ සඳහා ඔවුන් සතුව පවතින කඩුලු ප්‍රමාණය 9ක්.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (79.1): දිමුත් කරුණාරත්න 51, දිනේෂ් චන්දිමාල් 57, නිරෝෂණ දික්වැල්ල 24, දිල්රුවන් පෙරේරා 15, සුරංග ලක්මාල් 17, ඉෂාන්ට් ෂර්මා 3/37, රවිචන්ද්‍රන් අශ්වින් 4/67, රවින්ද්‍ර ජඩේජා 3/56

ඉන්දියාව; පළමු ඉනිම කඩුල්ලක් දැවී 11 (8.0): ලෝකේෂ් රාහුල් 7

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<