සචින් සහ පවන් දක්ෂතා දක්වයි

58

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Major Emerging තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (19) පැවති අතර එහිදී බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කළ සචින් ප්‍රනාන්දු සහ මීගමුව ක්‍රිකට් සමාජයේ පවන් ද සිල්වා වැඩි දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙනුනි.

වමත්කාරයෝ වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Major Emerging තරගාවලියේ තවත් තරග කිහිපයක්……

යුද හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගය (Group D) 

පනාගොඩ යුද හමුදා මූලස්ථාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (19) දින නිමාවූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනාගත් ටැමිල් යුනියන් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක යුද හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 261ක් රැස්කර ගැනීමට සමත් වූහ. ඊට පිළිතුරු ලෙසින් ටැමිල් යුනියන් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 77ක් ලබා සිටියහ. 

තරගය පළමු දිනයට නතර කරන විට යුද හමුදා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 239ක් ලබා සිටියහ. ඉන් අනතුරුව යැවුනු පන්දුවාර 5කදී යුද හමුදා ඉනිම අවසන් කිරීමට ටැමිල් යුනියන් ක්‍රීඩකයෝ සමත් වූහ. පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කමේෂ් නිර්මාල් ය. ඔහු ලකුණු 21ක් ලබා ගැනීමට සමත් විය. 

යුද හමුදා ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 66.2ක දී කඩුලු 7ක් දැවී ලකුණු 239) සියලුම දෙනා දැවී 261 (71.2) හිමාෂ ලියනගේ 70, මෝදිත රණතුංග 45, හර්ෂජිත් විරේන්ද්‍ර 47, හේෂාන් හෙට්ටිආරච්චි නොදැවී 31, තිලංග උදේශාන් 5/52, දමිත් සිල්වා 2/45, සදීශ් පතිරණගේ 2/33. 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 77 (24)  කමේෂ් නිර්මාල් 21, පුලින ඩිල්ශාන් 3/16.


බදුරලිය සහ මීගමුව අතර තරගය (Group B)

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (19) දින ආරම්භ වූ මෙම තරගයේ තේ විවේකයෙන් පසුව වර්ෂාව හේතුවෙන් තරගය පළමු දිනයට නතර කිරීමට සිදුවිය. ඒ වනවිට පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක බදුරලිය ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 170ක් ලබා සිටියහ. 

කාසියේ වාසිය දිනාගත් ඔවුන්ගේ ඉනිම වෙනුවෙන් දකුණත් පිතිකරු සචින් ප්‍රනාන්දු පන්දු 152කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 77ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී පවන් ද සිල්වා ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

බදුරලිය ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලු දෙනා දැවී 170 (65.2) සචින් ප්‍රනාන්දු 77, රවිඳු රත්නායක 20, පවන් ද සිල්වා 3/19, උමයංග සුවාරිස් 2/17, ඩිනාන් ප්‍රනාන්දු 2/39

මෙම තරගය හෙට (20) දිනයේ දී දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතය.

ප්‍රමෝද් සහ සුමින්ද තුන් ඉරියව් දක්ෂතා දක්වයි

සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රමෝද් මධුවන්ත සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුමින්ද ලක්ෂාන් එකම තරගයක දී දැක්වූ තුන් ඉරියව්…..

ගාල්ල සහ නාවික හමුදාව අතර තරගය (Group A)

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (19) දින ආරම්භ වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා සිටියහ. 

කාසියේ වාසිය දිනාගත් නාවික හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඔවුන්ට දිනයේ ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දුවාර 42ක් පමණි. එම ඉනිම වෙනුවෙන් නවෝද් සමරකෝන් සහ සලිත් ප්‍රනාන්දු පිත්තෙන් දක්ෂතා දැක්වූහ. 

කඩුලු ලබා ගැනීමේ දී කවිඳු දිල්හාර සහ රවිශ්ක විජේසිරි කඩුලු 3 බැගින් දවා ගත්හ. 

නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම ; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 140 (42) නවෝද් සමරකෝන් 45, සලිත් ප්‍රනාන්දු 41, සවිඳු පීරිස් 24, කවිඳු දිල්හාර 3/29, රවිශ්ක විජේසිරි 3/40. 

මෙම තරගය හෙට (20) දිනයේ දී දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතය.


මුවර්ස් සහ නුගේගොඩ අතර තරගය (Group D)

කොළඹ මුවර්ස් පිටියේ දී අද (19) දින නිමාවූ මෙම තරගය අයහපත් ක්‍රීඩාංගණ තත්ත්වය හේතුවෙන් දෙවැනි දිනයට පන්දුවක් හෝ නොයවමින් නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදුවිය. අවස්ථා කිහිපයක දී පිටිය විනිශ්චය කළ විනිසුරුවන් තරගය 2.15ට පමණ නතර කිරීමට කටයුතු කළේය. 

කාසියේ වාසිය දිනාගත් මුවර්ස් නායකයා එහි වාසිය තමන් වෙත ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතුකර ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 19ක් පමණි. අයහපත් ආලෝක තත්ත්වය මත තරගය පළමු දිනයට නතර කරන විට ඔවුන් කිසිවෙක් නොදැවී ලකුණු 47ක් ලබා සිටියේය. 

මුවර්ස් ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 47 (19) භාග්‍ය ශාවින්ද නොදැවී 27, ෂෙශාඩ් අමීන් නොදැවී 18.

ශ්‍රී ලංකා පොඩ්ඩෝ හමුවේ චන්දිමාල් ඇතුළු ඩිමෝ කණ්ඩායම ඇඳ වැටෙයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට්…..

පානදුර සහ හලාවත මේරියන්ස් අතර තරගය (Group C)

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී අද (19) දින නිමාවූ මෙම තරගයේ දින දෙකේදී ම අයහපත් කාලගුණ තත්ත්වයෙන් ක්‍රීඩාංගණය ආපදාවට පත්වීම හේතුවෙන් එකම පන්දුවක් හෝ යැවීමටඅවස්ථාවක් හිමි නොවීය. අද දිනයේ ද පිටියේ විනිසුරුවරුන් අවස්ථා කිහිපයකදී ම පිටිය පරික්ෂා කළ ද එහි කිසිඳු වෙනසක් නොවීම හේතුවෙන් තරගය පස්වරු 3.00ට පමණ නතර කරන ලදි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<