වමත්කාරයෝ වැඩ පෙන්වයි

105

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Major Emerging තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (18) පැවැති අතර එහි දී වැඩි දක්ෂතා දැක්වීමට වමත්කාරයෝ සමත් වීම කැපී පෙණුනි. 

ප්‍රමෝද් සහ සුමින්ද තුන් ඉරියව් දක්ෂතා දක්වයි

සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රමෝද් මධුවන්ත සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුමින්ද ලක්ෂාන් එකම….

එස්. එස්. සී. සහ බී. ආර්. සී. (Group A)

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී අද (18) නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත් අතර පිළිතුරු පළමු වැනි ඉනිමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටිය හ. අද ඔවුන් තම ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 195ක් පමණි. 

එක් ලකුණක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිවිසි බී. ආර්. සී. ක්‍රීඩකයෝ තරගය නිමා වන විට තම දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 75ක් ලබා සිටිය හ. 

එස්. එස්. සී. ඉනිම වෙනුවෙන් අද දවසේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ ක්‍රිශාන් සංජුල ය. ඔහු ලකුණු 55ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දුවිඳු තිලකරත්න සහ අශේන් ඩැනියෙල් කඩුලු 4 බැගින් දවා ගත්හ. 

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (75.1) කළණ මධුශංක 37, තරුෂ නිම්හාර නොදැවී 34, දුවිඳු තිලකරත්න 20, අසේල් කුලතුංග 3/28, හිමේෂ් රාමනායක 3/34, සසිත් මනුරංග 2/17, සඳරුවන් චින්තක 2/30

එස්. එස්. සී.; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 11ක් අවසානයේ කඩුල්ලක් දැවී 36) සියලුම දෙනා දැවී 195 (67.5) ක්‍රිශාන් සංජුල 55, සඳරුවන් චින්තක 33, සොහාන් ද ලිවේරා 28, තෙවිඳු සේනාරත්න 24, දුවිඳු තිලකරත්න 4/56, අශේන් ඩැනියෙල් 4/33

බී. ආර්. සී.; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 75 (20.3) කෙවින් කෝත්තිගොඩ 31, අසේල් සිගේරා 3/31 

පාකිස්තානෙට නොගිය අයත් ඕස්ට්‍රේලියා යන සංචිතයට

මේ මස 27 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා….

එන්. සී. සී. සහ වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය (Group B)

කොළඹ එන්. සී. සී. පිටියේ දී අද (18) නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනා ගත් එන්. සි. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වරාය අධිකාරිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 213ක් ලබා ගත්හ. 

ඊට පිළිතුරු ඉනිමට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 335ක ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව විවර කර දුන්හ. ලකුණු 122ක් පිටුපසින් සිටිමින් පිටියට පිවිසි  ඔවුන් තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 64ක් ලබා සිටිය හ. 

එන්. සී. සී. ඉනිම වෙනුවෙන් වමත් පිතිකරු මාලිංග අමසිංහ සහ දකුණත් පිතිකරු හසිත බෝයගොඩ අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කළහ. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (81.4) ලිතිල අරවින්ද 63, පසිඳු නුවන්ත 31, නිම්නක රත්නායක 29, රවිඳු ප්‍රනාන්දු 6/49, චාමික ගුණසේකර 4/64

එන්. සී. සී.; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 335 (67) හසිත බෝයගොඩ 81, මාලිංග අමරසිංහ 81, සචිඳු කොළඹගේ 61, රවිඳු ප්‍රනාන්දු 36

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය ; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 64 (18) චාමික ගුණසේකර 3/36

ශ්‍රී ලංකා පොඩ්ඩෝ හමුවේ චන්දිමාල් ඇතුළු ඩිමෝ කණ්ඩායම ඇඳ වැටෙයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන…

මුවර්ස් සහ නුගේගොඩ අතර තරගය (Group D)

කොළඹ මුවර්ස් පිටියේ දී අද (18) ආරම්භ වූ මෙම තරගය අයහපත් ක්‍රීඩාංගණ තත්ත්වය හේතුවෙන් ආරම්භ වූයේ පස්වරුවේය. 

කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් නායකයා එහි වාසිය තමන් වෙත ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්හ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 19ක් පමණි. අයහපත් ආලෝක තත්ත්වය මත තරගය පළමු දිනයට නතර කරන විට ඔවුන් කිසිවෙක් නොදැවී ලකුණු 47ක් ලබා සිටිය හ. 

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 47 (19) භාග්‍ය ශාවින්ද නොදැවී 27, ෂෙශාඩ් අමීන් නොදැවී 18

යුද හමුදාව සහ ටැමිල් යූනියන් අතර තරගය (Group D)

පානාගොඩ යුද හමුදා මූලස්ථාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (18) ආරම්භ වූ මෙම තරගයේ දී යුද හමුද කණ්ඩායම නියෝජනය කරන වමත් පිතිකරු හිමාෂ ලියනගේ අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. 

කාසියේ වාසිය දිනා ගත් ටැමිල් යූනියන් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක යුද හමුදා ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 239ක් ලබා සිටිය හ. 

යුද හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 239 (66.2) හිමාෂ ලියනගේ 70, මෝදිත රණතුංග 45, හර්ෂජිත් විරේන්ද්‍ර 47, තිලංග උදේශාන් 4/44, දමිත් සිල්වා 2/45

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7කට T10 තරගාවලියට වරම්

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග රැල්ලට තවත් අලුත් රැල්ලක් එකතු කළ T10 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරග…

පානදුර සහ හලාවත මේරියන්ස් (Group C)

පානදුර මහජන ක්‍රීඩාංගණයේ අද (18) ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා පළමු දිනයට නතර කිරීමට සිදු විය. 

අවස්ථා කිහිපයක දී ම පිටියේ විනිසුරුවන් විසින් පිටිය පරික්ෂා කළ ද එහි කිසිදු වෙනසක් නොවීම හේතුවෙන් තරගය පස්වරු 3.00ට පමණ නතර කරන ලදි. 

මෙම තරග හෙට (19) දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිත ය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<