සවන් සහ නවීන් නැගී එන පිටියේ දක්ෂතා දක්වයි

86

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (23) නිමා වූ තරගවල දී දක්ෂතා දැක්වීමට ලංකන් ක්‍රිකට් සමාජයේ සවන් කංකානම්ගේ සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ නවින් ගුණවර්ධන සමත් වූහ. 

තරග 11ක පළමු දිනය වර්ෂාව ගිල ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (22) ආරම්භ වීමට නියමිතව තිබූ තරග 11ක් වර්ෂාව…

ලංකන් සහ නුගේගොඩ (Group D)

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් නුගේගොඩ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලංකන් ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තේ සවන් කංකානම්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙනි. 

දකුණතින් පන්දුවට පහර දුන් සවන් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේය.

එම ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟපන්දු යැවූ මෙතුශාන් කුමාර සහ කවීෂ් මධුරප්පෙරුම කඩුලු 4 බැගින් දවා ගත්හ. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නුගේගොඩ ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 100ක් ලබා සිටියහ. තරගය නතර කරන විට එම ඉනිම වෙනුවෙන් සඳරුවන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 33ක් ලබා සිටියේය. 

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 163 (35) සවන් කංකානම්ගේ 64, කවින් පෙරේරා 23, කවීෂ් මධුරප්පෙරුම 4/96, මෙතුශාන් කුමාර 4/59

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 100 (25) නිශාන් පෙරේරා 28, සඳරුවන් ප්‍රනාන්දු නොදැවී 33, කසුන් තාරක 21

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රාගම (Group A)

වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. එසේ වූවත් පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු ලබා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් වීම කැපී පෙණුනේය.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 108ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් නාවික හමුදා ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 203ක් ලබා සිටියහ. 

මෙම තරගයේ දී නාවික හමුදාව වෙනුවෙන් කවික ඩිල්ශාන් පන්දු යැවීමෙන් ද ශාලිත් ප්‍රනාන්දු සහ සවිඳු පීරිස් පිතිකරුවන් ලෙසින් ද දක්ෂතා දැක්වූහ. 

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 108 (28.4) නිශාන් පීරිස් 28, සංජීව කුමාරස්වාමි 24, කවික ඩිල්ශාන් 4/32, ජොහාන් ද සිල්වා 3/15, හසින් ඩිල්මින් 2/11

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 203 (33.3) ශාලිත් ප්‍රනාන්දු නොදැවී 54, සවිඳු පීරිස් නොදැවී 53, නවෝද් සමරකෝන් 31, ජොහාන් ද සිල්වා 29, ශැනොන් ප්‍රනාන්දු 2/30

තරග පාවා දීම නවත්තන්න වැටුප් වැඩි වීමක්?

හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ආයතන ප්‍රධානී පසුගිය අඟහරුවාදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තුල පවතින මුදල් අර්බුද පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව (Group C) 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනා ගත් හලාවත මේරියන්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 117ක් පමණි. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී නවීන් ගුණවර්ධන ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තේය. දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේ ඔහුය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 70ක් ලබා සිටිය හ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 117 (50.5) සාදික් ඉෆ්තාරි 23, අසින්ත මල්ශාන් 23, නවීන් ගුණවර්ධන 5/18, ඉමේෂ් විමුක්ති 2/40

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 70 (13) දසුන් සෙනෙවිරත්න 28, නුස්කි අහමඩ් 2/30

කෝල්ට්ස් සහ මීගමුව (Group B)

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක කෝල්ට්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටිය දී වට වැස්ස තරගය නතර කිරීමට හේතු විය. ඒ වෙද්දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 65ක් ලබා සිටිය හ. 

මීගමු ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 65 (26.4) ජීවක ශෂීන් නොදැවී 34, නිපුන් රංසික 3/07

රෝහිත්ගේ ද්විත්ව ශතකය නිසා දකුණු අප්‍රිකාවට තවත් ඉනිමක පරාජයක්!

තම සත්කාරකත්වය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සම්පූර්ණ ගෞරවය දිනා ගැනීමට අද (22)…

මේ අතර අද (23) දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිත ව තිබූ අනෙකුත් තරග සියල්ල කාසියේ වාසිය උරගා බැලීමකින් තොරවම නතර කර දැමීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළහ. ඒ පෙර දින සේ ම අද දිනයේ ද වරින් වර බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මෙන් ම ක්‍රීඩාංගණවල පැවැති අයහපත් තත්ත්වය හේතුවෙනි. 

මෙසේ නතර කිරීමට සිදු වූයේ, A කාණ්ඩය නියෝජනය කරමින් කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ බී. ආර්. සී. සහ ගාල්ල අතර තරගයත්, B කාණ්ඩය නියෝජනය කරමින් කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ සී. සී. සී. සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගයත් සහ කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ එන්. සී. සී. සහ බදුරලිය අතර තරගයත්, C කාණ්ඩය නියෝජනය කරමින් බ්ලූම්ෆිල්ඩ් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ බ්ලූම්ෆීල්ඩ් සහ කළුතර ටවුන් සමාජය අතර තරගයත් සහ පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පානදුර සහ සැරසන්ස් අතර තරගයත්, D කාණ්ඩය නියෝජනය කරමින් කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ මුවර්ස් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගයත්ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<