ප්‍රමෝද් සහ සුමින්ද තුන් ඉරියව් දක්ෂතා දක්වයි

126

සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රමෝද් මධුවන්ත සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුමින්ද ලක්ෂාන් එකම තරගයක දී දැක්වූ තුන් ඉරියව් දක්ෂතාවලින් අලංකෘත වූ වයස අවුරුදු 23න් පහළ Major Emerging තරගාවලියේ තවත් දිනයක් අද (17) නිමා විය.

පාකිස්තානෙට නොගිය අයත් ඕස්ට්‍රේලියා යන සංචිතයට

මේ මස 27 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා…..

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (Group C)

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ අද (17) නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සැරසන්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 251ක් ලබා ගත්තේ අශේන් බණ්ඩාර සහ රවීන් සේයර්ගේ අර්ධ ශතක ද සමගිනි. පන්දු යැවීමේ දී සුමින්ද ලක්ෂාන් ලකුණු 86කට කඩුලු 7ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ පළමු ඉනිම ලකුණු 150කට සීමා කිරීමට චානක දේවින්ද දසහ ප්‍රමෝද් මධුවන්ත සමත් වූහ. එහි දී චානක දේවින්ද ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් අතර ප්‍රමෝද් මධුවන්ත ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තේය. ගුවන් හමුදාව වෙනුවෙන් සුමින්ද ලක්ෂාන් ලකුණු 78ක් ලබා ගත්තේය. 

ලකුණු 101ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය නතර කරන විට දෙවැනි ඉනිමේ කඩුලු 7ක් දැවී ලකුණු 40ක් ලබා සිටිය හ. එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 06කට දවා ගැනීමට ප්‍රමෝද් මධුවන්ත සමත් විය. ඔහු තරගයේ දී ලකුණු 51කට කඩුලු 10ක් ලබා ගත් අතර පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස ලකුණු 43ක් ද ලබා ගත්තේය. 

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (57) අශේන් බණ්ඩාර 84, රවීන් සේයර් 51, ප්‍රමෝද් මධුවන්ත 43, සුමින්ද ලක්ෂාන් 7/86

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (67) සුමින්ද ලක්ෂාන් 78, චානක දේවින්ද 5/44, ප්‍රමෝද් මධුවන්ත 4/45 සහ දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 40 (14) ප්‍රමෝද් මධුවන්ත 6/06

ශ්‍රී ලංකා පොඩ්ඩෝ හමුවේ චන්දිමාල් ඇතුළු ඩිමෝ කණ්ඩායම ඇඳ වැටෙයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත්….


පොලිස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය (Group A) 

කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී අද (17) නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනා ගත් රාගම ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක පොලිස් ක්‍රීඩකයන් සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 123ක් ලබා ගත්හ. 

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 278ක් ලබා ගත්හ. ලකුණු 155ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි පොලිස් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 103ක් ලබා සිටිය හ. 

මෙම තරගයේ දී සහන් පීරිස් සහ සංජුල බණ්ඩාර අර්ධ ශතක රැස් කළ අතර නිශාන් පීරිස් සහ අස්ත් ෂෙරෝන් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 123 (51.4) මුදිත හේෂාන් නොදැවී 27, නිශාන් පීරිස් 5/32, ලසිත් මධුශාන් 2/36

රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 278 (61) සහන් පීරිස් 72, සංජුල බණ්ඩාර 63, කනිෂ්ක උග්ගල්පාය 45, කල්හාර සේනාරත්න නොදැවී 34, අසිත් ෂෙරෝන් 5/69, නදීර මධුශංක 2/53

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 103 (33) සඳරු නෙත්මිණ නොදැවී 28, නිශාන් පීරිස් 2/30

ආසියානු නැගී එන කුසලානයේ කාලසටහන නිකුත් වේ

පළමු වතාවට පැවැත්වීමට නියමිත 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා….


එස්. එස්. සී. සහ බී. ආර්. සී. අතර තරගය (Group A)

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී අද (17) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බී. ආර්. සී. ක්‍රීඩකයන් සතු කළේය. 

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කළණ මධුශංක ය. පන්දු යැවීමේ දී අසේල් කුලතුංග සහ හිමේෂ් රාමනායක කඩුලු 3ක් බැගින් දවා ගත්හ. 

පිළිතුරු පළමු වැනි ඉනිමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටිය හ. 

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (75.1) කළණ මධුශංක 37, තරුෂ නිම්හාර නොදැවී 34, දුවිඳු තිලකරත්න 20, අසේල් කුලතුංග 3/28, හිමේෂ් රාමනායක 3/34, සසිත් මනුරංග 2/17, සඳරුවන් චින්තක 2/30

එස්. එස්. සී.; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට) කඩුල්ලක් දැවී 36 (11) 

තරගය හෙට (18) දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත ය. 

සී. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (Group B)

කොළඹ සී. සී. සී. පිටියේ දී අද (17) ආරම්භ වීමට නියමිත ව තිබූ මෙම තරගය වර්ෂාව සහ පිටියේ අයහපත් තත්ත්වය හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවමින් නතර කෙරුණ අතර තරගය හෙට (18) දෙවැනි දිනට ආරම්භ වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<