මේ කොයි යන්නේ? නැත අප දන්නේ

363

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා (26) අවසන් වන්නේ ශ්‍රී ලංකාවට 3-0ක තරග පරාජයක් හිමිකර දෙමින්. එය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වසර 36ක් පැරණි ටෙස්ට් තරග ඉතිහාසයේ 3-0ක තරග පරාජයක් ලැබූ පළමු අවස්ථාව ලෙසින් මෙම තරග පරාජය ඉතිහාසයට එක් වුනා.

  • මේ එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාස කතාව සංක්ෂිප්තව.

එංගලන්තය පළමු වතාවට ශ්‍රී ලංකාව white wash කරයි

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර කොළඹ SSC පිටියේ දී අද (26) නිමා වූ තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයත් ලකුණු 42කින් ජයග්‍රහණය කළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම…

0-1ක පරාජයක් ලැබූ මංගල ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග පුරානය ආරම්භ වෙන්නේ 1982 පෙබරවාරි මස 17 වැනිදා. ඒ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී. එංගලන්ත ජාතිකයන් එරටින් මෙරටට පැමිණෙන්නේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමේ අරමුණින්ම නොවේ. ඔවුන් අත මෙරටට ටෙස්ට් වරම් දිනා දීමේ සන්නස ද තිබුණා.

අප රට ටෙස්ට් වරම් ලැබූ 8 වැනි රාජ්‍යය බවට පත්වුනේ මෙම තරගයෙන්. ශ්‍රී ලංකාව වෙනුවෙන් බන්දුල වර්ණපුර ද, එංගලන්තය වෙනුවෙන් කීත් ෆ්ලෙචර් ද කණ්ඩායම් දෙකේ නායකයන් වුනා. කාසියේ වාසිය හිමි වුනේ බන්දුල වර්ණපුරට ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පන්දුවට මුහුණ දීමේ අවස්ථාවත් ඔහුම හිමි කර ගත්තා. ඒ විතරක් නොවේ පළමුවෙන්ම දැවී ගිය ක්‍රීඩකයා වුනෙත් වර්ණපුර ය.

මෙම තරගයෙන් කඩුලු 7ක පරාජයක් අප කණ්ඩායම ලැබූව ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නොමැකෙන වාර්තා කිහිපයක් තැබීමට සමත් වුනා. ඒ අප කණ්ඩායම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ බැවිනි. සෑම ලකුණක්ම, කඩුල්ලක් දවා ගැනීමක් සහ උඩ පන්දුවක් හෝ දැවී යෑමකට සම්බන්ධ වූවා නම් ඒ සියල්ල පළමුවෙන් සිදු වූවක් ලෙසින් වාර්තා ගත වූ නිසා.

කොහොම වුනත් දින පහක තරගය දින හතරකින් නිමා වුනා. මෙම තරග පරාජයට බෙහෙවින්ම බලපෑවේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී පිතිකරුවෝ පෑ අදක්ෂතාව. කඩුලු 4ක් දැවී ලකුණු 167ක් ලබා සිටි ශ්‍රී ලංකාව තම ඉනිම නිමා කර ගන්නේ ලකුණු 175කට. ඒ කියන්නේ ලකුණු 8කට කඩුලු 6ක්.

මේ දුර්වලතාවත් සමඟින් ශ්‍රී ලංකාව සහභාගී වූ මංගල ටෙස්ට් තරගය පරාජය වෙමින් තරගයකින් සමන්විත වූ තරගාවලිය 0-1ක තරග පරාජයක් අප ක්‍රීඩකයෝ ලැබුවා.

එස් .එස්. සී. ක්‍රීඩකයෝ Emerging ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. සහ කෝල්ට්ස් අතර පැවති අවසාන මහා තරගයේ දී පළමු..

  • තරග 3ක එරට සංචාර

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී 1984 දී පැවති දෙරට අතර දෙවැනි තරගයේ දී අප ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 491ක් ලබා ගන්නවා. එංගලන්ත ක්‍රීඩකයන් පළමු ඉනිමට ලබා ගන්නේ ලකුණු 370ක්. ඉන් අනතුරුව නැවත පිටියට පිවිසෙන අප ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 294ක් ලබා ගන්නවා. තරගයේ වැඩි වාසිය අපේ ක්‍රීඩකයෝ තබා ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා.

නැවතත් අපේ කණ්ඩායම 1988 වසරේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වෙනවා. එදත් අපිට හිමි වෙන්නේ එක් තරගයක් පමණයි. එම තරගයෙන් අපේ කණ්ඩායම කඩුලු 7කින් පරාජය වෙනවා. නැවත වතාවක් ඔවුන් සමඟ තරගය පැවැත්වෙන්නේ එරට දී මයි. ඒ 1991 දී. එවර ද තරගාවලියට සමන්විත වෙන්නේ එක් තරගයයි. එම තරගයෙන් ද අප ක්‍රීඩකයෝ ලකුණු 137ක පරාජයක් ලබනවා.

1-0ක ජයක් ලැබූ මෙරට තරගාවලිය

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට මෙරටට පිවිසියාට පසුව නැවත මෙරටට පිවිසෙන්නේ 1993 වසරේ. ඒ එක් ටෙස්ට් තරගයක තරගාවලියක් රැගෙන ය. එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඇලෙක් ස්ටුවර්ට් දැරූ අතර මෙරට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අර්ජුන රණතුංග සතු වුනා.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර ගන්නවා. එය එංගලන්ත කණ්ඩායමකට එරෙහිව ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලැබූ මංගල තරග ජයග්‍රහණය ලෙසින් ඉතිහාස ගත වෙනවා. තරගයේ වීරයා වෙන්නේ හෂාන් තිලකරත්න.

  • නැවත එංගලන්තයට

ඉහත තරගයෙන් පසුව නැවත එංගලන්තයට යෑමට අපේ කණ්ඩායමට වරම් ලැබෙනවා. ඒ 1998 වසරේ දී. එවර ද අපට ලැබෙන්නේ එක් ටෙස්ට් තරගයක් පමණයි. ද ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී අප ක්‍රීඩකයෝ කඩුලු 10ක දැවැන්ත ජයක් ලබා ගන්නවා. එය එකල හැඳින්වූයේ එංගලන්තයට එරට දී ම එල්ල කළ දැවැන්ත කණේ පහරක් ලෙසයි.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් එරට දී එංගලන්තයට එරෙහිව ලද මංගල ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණය ලෙසින් ඉතිහාසයට එක් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් නැවත වතාවක් අර්ජුන රණතුංග ඉතිහාස ගත වුනා. දෛවයේ සරදමකට දෝ එවර ද එංගලන්ත කණ්ඩායමේ නායකත්වය බාර දී තිබුණේ ඇලෙක් සිටුවර්ට් වෙතයි.

මෙම තරගයේ දී මුත්තයියා මුරලිදරන් එංගලන්ත දෙවැනි ඉනිමේ දී ලකුණු 65කට කඩුලු 9ක් ලබා ගන්නවා. ඉතිරි කඩුල්ල දුවද්දී දැවී යෑමක්. මුත්තයියා පළමු ඉනිමේ දී ද කඩුලු 7ක් ලබා ගනිමින් තරගයේ දී කඩුලු 16ක් ලබා ගනිමින් දක්ෂතා දක්වමින් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරෙනවා.

  • 2001 තරග සංචාරය

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පළමු වරට ලබා දෙන්නේ මෙම තරග සංචාරයේ දී ය. තරගාවලිය මෙරට දී ක්‍රියාත්මක වූ අතර සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත් නසාර් හුසේන් එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළා.

තරගාවලියේ පළමු තරගය පැවතියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිමකින් සහ ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. මෙම තරගයේ දී මාවන් අතපත්තු නොදැවී ද්විත්ව ශතකයකුත්, අරවින්ද ද සිල්වා ශතකයකුත් ලබා ගන්නවා.

මේ ආරම්භයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි තරගයට පිවිසෙන්නේ මහත් උද්දාමයෙන් යුක්තව. නමුත් මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගයෙන් අප ක්‍රීඩකයෝ කඩුලු 3ක පරාජයකට පත් වෙනවා. ඒ අනුව තරගාවලිය 1-1ක් සේ පවත්වා ගැනීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා.

තරගයේ තීරණාත්මක තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී. මෙම තරගයේ තෙවැනි දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙත අවාසනාව පැමිණෙන්නේ විදුලි වේගයෙන්.

තරගය පැය භාගයක් පමණ කාලයක් ප්‍රමාද වී ආරම්භ වූයේ එංගලන්තය පළමු ඉනිමට පන්දුවට පහර දෙමින් සිටිය දී. ඔවුන් දිවා විවේකයට පසුවත් පන්දු 5ක් ක්‍රීඩා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන්නේ එංගලන්තයට වඩා ලකුණු 8ක් පිටුපස සිටිමින්.

ඒ වෙද්දී තරගය ජය පරාජයෙන් තොරව නිමා වේ යැයි බහුතරයකගේ මතය වූව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එදිනම තේ විවේකයට පැය භාගයකට මෙපිට කාලයක දී තම ඉනිම ලකුණු 81කට නිමා කර ගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර. ඔවුන් දෙදෙනා ලකුණු 23 බැගින් රැස් කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 74ක් අවශ්‍යව පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ තරගය ජය ගත්තේ ඒ සඳහා කඩුලු 6ක් අහිමිකර ගනිමින්. එහි දී සනත් ජයසූරිය ලකුණු 24කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුනා.

  • 2002 එරට තරග සංචාරය

එතැන් සිට එංගලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3ක ටෙස්ට් තරගාවලි ලබා දීමට නිහතමානී වුනා. ඒ අනුව ඔවුන් නැවත හමුවෙන්නේ එරට දී. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔවුන් සමඟ තරගයට අවතීර්ණ වන්නේ පළමු තරගයේ දී ම ප්‍රතිවාදීන් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට ආරාධනා කරමින්. නමුත් ලොඩ්ස් හි පැවති එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා.

මේ තරග ප්‍රතිඵලය එංගලන්ත කණ්ඩායමේ හදගැස්ම වැඩි කරන්නට හේතු වුනා. නමුත් පැවති දෙවැනි තරගයේ දී ඉනිමකින් සහ ලකුණු 111ක ජයක් ලබා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වුනා.

ඉන් නතර නොවුණ ඔවුන් තෙවැනි තරගයේ දී අපේ ක්‍රීඩකයන්ට පිට පිට දෙවතාවක් පන්දුවට පහර දීමට ඉඩ සලස්වමින් කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කළා.

තරග 3කින් යුත් තරගාවලිය 2-0ක් සේ ජය ගැනීමට සත්කාරකයන් සමත් වුනා.

ICCය දඟයන්ට ලෙඩ දානවද?

සාර්ථක ක්‍රිකට් පන්දු යවන්නෙකු බිහිවෙන මූලික ලකුණු පහළවන්නේ ඔහුගේ පළමු තරග කිහිපයේදීමයි. ඒ ලබා ගන්නා කඩුලු ප්‍රමාණය මත නොවේ. ඔහු කෙතරම් හොඳින් වර්ධනය…

  • 2003 තරග සංචාරය

එංගලන්ත ක්‍රීඩකයෝ සීතල දෙසැම්බරයේ මෙරට පිවිසෙන්නේ ලැබූ ජයග්‍රහණය නැවත වරක් සනාථ කර ගැනීම අරමුණු කර ගනිමින්. නමුත් ඔවුන් මුහුණ දුන් පළමු තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ගාල්ලේ දී පැවති පළමු තරගයෙන් සංචාරක ක්‍රීඩකයෝ පරාජයෙන් ගැලවෙන්නේ එක් කඩුල්ලක් පමණක් අතැතිව. ඒ තවත් ලකුණු 112ක් අවශ්‍ය වෙද්දී.

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි තරගයේ දී එංගලන්ත ක්‍රීඩකයෝ තරගයට අවතීර්ණ වෙන්නේ අවසන් ඉනිමේ දී ලකුණු 368ක ඉලක්කයකට යන ගමනේ දී කඩුලු 7ක් දැවී ලකුණු 285ක් වාර්තා කරමිනි.

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය ඉනිමකින් සහ ලකුණු 215කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-0කින් ජය ගැනීමට සමත් වුනා.

  • 2006 එරට තරග සංචාරය

එකපිට එක වසරවල හමු වූ දෙරටේ ක්‍රීඩකයෝ වසර 3කින් පසුව නැවත හමුවෙන්නේ  එංගලන්තයේ දී. එවර පැවති මෙම තරගාවලියේ දී 1-1ක් සේ සම තත්ත්වයේ තරගාවලිය නිමා කිරීමට දෙපිලේම ක්‍රීඩකයෝ සමත් වුනා. දෙරට අතර පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූව ද දෙවැනි තරගයේ ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායම ද තෙවැනි තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම ද ලබා ගත්තා.

  • 2007 තරග සංචාරය

එංගලන්ත ක්‍රීඩකයන්ගේ මෙවර මෙරට තරග සංචාරයේ දී පළමු තරගයේ දී ම ජයග්‍රහණය ලබා ගනිමින් තරගයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනා. නුවර දී පැවති මෙම තරගයේ දී ඔවුන් පළමු ඉනිමේ දී අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගිය ද, දෙවැනි ඉනිමේ දී ලකුණු 400 පසු කරමින් ලබා දුන් දැවැන්ත ඉලක්කය ප්‍රතිවාදීන්ට දරා ගත නොහැකි වුනා.  

ලකුණු 350ක ඉලක්කයක් පසුපස ගිය ප්‍රතිවාදීන් තම ඉනිම ලකුණු 261ක් වෙද්දී නිමා කර ගත්තා. ඒ අනුව තරගාවලිය 1-0ක් සේ ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියා.

දෙරට අතර එස්. එස්. සී. හිදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 548ක් රැස් කළා. ඒ එංගලන්තය ලබා ගත් ලකුණු 351ට පිළිතුරු ලෙසින්. ලකුණු 190ක් පිටුපසින් සිටිමින් පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ වඩාත් පරිස්සම් වෙමින් පිත්ත හසුරුවමින් තරගය අවසන් වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 250ක් ලබා සිටියා.

එංගලන්තයට තීරණාත්මක වූ ගාල්ලේ දී පැවති තෙවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 499ක් ලබා ගනිමින් එංගලන්තයේ බලාපොරොත්තු මදක් දුරස් කළා. එය තව දුරටත් දුරස් වුනා, ඔවුන් පළමු ඉනිමට ලකුණු 81කට දැවී යෑමත් සමඟ. පරාජය කර මත තබා ගත් එංගලන්ත ක්‍රීඩකයෝ පිට පිට පන්දුවට පහර දීමට දෙවැනි ඉනිමට පිටියට පිවිසියේ ලකුණු 418ක් පිටුපස සිටිමින්.

ඔවුන් උපරිම උපක්‍රම යොදමින් තරගය නිමා වන විට කඩුලු 6ක් පමණක් අහිමිකර ගනිමින් ලකුණු 251ක් ලබා ගත්තා. ඒ අනුව එම තරගයේ ප්‍රතිඵලය වූයේ ද ජය පරාජයෙන් තොරව යන්නයි. ඒ කෙසේ වෙතත් තරගාවලියේ ජයග්‍රහණය 1-0ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු වුනා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන පුරාණය-1

ක්‍රිකට් තරග නරඹන ඕනෑම ක්‍රිකට්ලෝලියෙකු, ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් නරඹන ක්‍රිකට් තරගාවලි අතරින් “එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට” ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ.

  • 2012 තරග සංචාරය

මෙම තරග සංචාරයට පෙර 2011 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 3ක සංචාරයක් සඳහා එංගලන්තයට ගියා. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ හිමි වූයේ 1-0ක පරාජයක්.

එම අමිහිරි මතකයත් සමඟින් ශ්‍රී ලංකා වඩාත් සන්නද්ධව 2012 තරගාවලියට සහභාගී වුනා. නමුත් තරගාවලියට ඇතුළත් වූයේ තරග දෙකක් පමණයි.

තරගාවලිය ගාල්ලෙන් ඇරඹි අතර කවදත් ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන එම පිටියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 75ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති දෙවැනි තරගයේ ජයග්‍රහණය හිමි වෙන්නේ එංගලන්ත කණ්ඩායමට. ශ්‍රී ලංකා ඉනිම් දෙකම ලකුණු 300ට අඩුවෙන් තැබීමට සමත් වූ එංගලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 460ක් රැස් කරමින් තරගයේ පාලනය එතැන් සිටම සියතට ගනිමින් මේ ජයග්‍රහණය ලබා ගත්තා.

තරගාවලිය නිමා වූයේ 1-1ක් සේ සම වෙමින්.


  • එරට තරගාවලි දෙකක්

2014 වසරේ දී නැවත වතාවක් තරග දෙකක තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව එංගලන්තය බලා පිටත් වෙනවා. එහි දී ලෝඩ්ස් හි පැවති පළමු ටෙස්ට් තරයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය ජය පරාජය දක්වා රැගෙන යන්නේ ජයග්‍රහණය සඳහා ලකුණු 390ක හඹා යන ඉනිමක කඩුලු 9ක් දැවී ලකුණු 201ක් ලබා සිටිද්දී.

තරගාවලියේ දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලකුණු 100ක ජයග්‍රහණයක් ලබමින් තරගාවලිය 1-0කින් ජය ගැනීමට ද සමත් වෙනවා.

නැවත වතාවක් 2016 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක යෙදෙනවා. ඒ තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා. එවර නම් සුද්දන් ශ්‍රී ලංකාව කැඳවා තිබුණේ සුද්දයක් දමන්නටමය.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ම ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 88ක පරාජයක් හිමි වෙනවා. එම පරාජයේ දී ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී ලකුණු 91කට දැවී යනවා. දෙවැනි ඉනිමේ දී ඔවුන් ලබා ගන්නේ ලකුණු 119ක් පමණයි. වඩාත් කතාබහට ලක් වූ කාරණය නම් මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන්නේ එංගලන්ත ක්‍රීඩකයෝ ය. ඔවුන් පළමු ඉනිමට ලකුණු 298ක් ලබා ගෙන සිටිය දී ය මේ පරාජය ලැබෙන්නේ.

දෙවැනි තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කඩුලු 9ක පරාජයක් හිමි වෙනවා. එවර ද සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට පිටිය පිවිසෙනවා.

කෙසේ වෙතත් තෙවැනි තරගයේ දී ජාමෙ බේරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වෙනවා. ඒ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින්. නමුත් ඒ වෙද්දී තරගාවලිය 2-0ක් ජය ගැනීමට එංගලන්තය සමත් වී අවසන්.

එතැනින් පසුවය මේ තරග පරාජය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<