ශ්‍රී ලංකා – පාකිස්තාන සුසංයෝගය ගාලු ක්‍රීඩකයෝ අඩපණ කරයි

377

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙවැනි දිනයට බේල්ස් එසවුණ ගාල්ල ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර  තරගයේ දී පානදුර ක්‍රීඩා සමාජයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ එක් වූ පාකිස්තාන ක්‍රීඩකයෝ ගාල්ල ක්‍රීඩකයින් අමාරුවේ වැටෙන ලකුණු පුවරුවක් නිර්මාණය කළහ.

ශෂීන් සහ ලක්ෂාන් ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ අදින් ආරම්භ වූ සතියේ පළමු දිනය නිමා වූයේ…….

ගාල්ල සහ පානදුර අතර තරගය

කඩුලු 2ක් දැවී ලකුණු 57ක්ව තිබිය දී අද (20) දිනය ආරම්භ කළ පානදුර ක්‍රීඩා සමාජය දිනය අවසන් කළේ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 433ක්ව තිබිය දී ය. ඒ අනුව සත්කාරක ගාල්ල ක්‍රීඩකයන්ට වඩා සංචාරක ක්‍රීඩකයෝ ලකුණු 216ක් ඉදිරියෙන් සිටී.

පාකිස්තාන ක්‍රීඩක කාෂීෆ් නවීඩ් මෙවර Tier B තරගාවලියේ දී තමන් විසින් රැස් කරන ලද දෙවැනි ශතකය අද ගාල්ලේ දී රැස් කළේය. ඔහුගේ ඉනිම පන්දු 178ක දී හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 159කි. පානදුර ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 69ක් ලෙසින් අමාරුවේ වැටී තිබූ අවස්ථාවේ දී රසික ප්‍රනාන්දු හා එක් වූ නවීඩ් 5 වැනි කඩුල්ලට ලකුණු 216ක සබඳතාවක් ගොඩ නැගීමට දායක විය. රසික පන්දු 149ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේය.

එම සබඳතාවට අමතරව පානදුර ඉනිම වෙනුවෙන් අවසාන කඩුල්ලේ දී ලකුණු 87ක් රැස් කිරීමට සුරේෂ් පීරිස් සහ දනුශික බණ්ඩාර සමත් වූහ. සුරේෂ් පන්දු 113ක දී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 84ක් ලබා අවසන් ක්‍රීඩකයා ලෙසින් දැවී ගිය අතර බණ්ඩාර පන්දු 52කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියේය.

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (62.1): දමිත හුණුකුඹුර 22, චානක විජේසිංහ 20, හසන්ත ප්‍රනාන්දු 55, චරිත බුද්ධික 42 , ගයාන් සිරිසෝම 30, මොහොමඩ් රමීස් 2/31, සමීන්ද්‍ර මධුශාන් 2/43, විනෝද් පෙරේරා 4/44

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 433 (112.1): අශේන් කාවින්ද 42, කාෂිෆ් නවීඩ් 159, රසික ප්‍රනාන්දු 68, සුරේෂ් පීරිසි 84, දනුශික බණ්ඩාර නොදැවී 24, ගයාන් සිරිසෝම 4/102, ගොහාර් ෆායිස් 3/135

ශ්‍රී ලංකාව නැවතත් ජයග්‍රාහී මාර්ගයට පිවිසෙනු ඇතැයි මහේල විශ්වාසයෙන්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සහ කළමනාකරණ තනතුරු පිළිබඳ තිබූ ගැටලු මේ වන විට නිරාකරණය වී ඇති…….


කළුතර සහ ලන්කන් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිමේ දී ලන්කන් ක්‍රිකට් ක්‍රීඩකයෝ රැස් කළ ලකුණු 534ට පිළිතුරු ලෙසින් දෙවැනි දිනය අවසාන වන විට කළුතර ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 257ක් ලබා සිටියහ.

එම ඉනිමේ දී 25 හැවිරිදි එරංග රත්නායක නැවත වරක් ශතකයක් ලබා ගනිමින් කළුතර ඉනිමේ නැංගුරම බවට පත්ව තිබේ. ඔහු දිනය අවසන් වන විට පන්දු 135කට මුහුණ දී හතරේ පහර 17ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා සිටියේය. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටින නිපුණ කාරියවසම් නොදැවී ලකුණු 30ක් ලබා සිටී.

ලන්කන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 534 (111.1): ශෂීන් ප්‍රනාන්දු 122, ලක්ෂාන් රොද්‍රිගෝ 121, මධුරංග සොයිසා 29, ගීත් කුමාර 81, තුෂිර මදනායක 64, නවින් කවිකාර නොදැවී 25, එම්. නිමේෂ් 2/77, මතීෂ පෙරේරා 2/82, රවිඳු තිලකරත්න 2/120

කළුතර ටවුන් කල්බ්; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 257 (66.0): ගීත් පෙරේරා 35, එරංග රත්නායක නොදැවී 102 , එම්. නිමේෂ් 32, නිපුන කාරියවසම් නොදැවී 30, රජීව වීරසිංහ 2/43, නවින් කවිකාර 2/79, ගීත් කුමාර 3/32


මීගමුව සහ පොලිසිය අතර තරගය

කදිරානේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මීගමුව ක්‍රීඩකයෝ රැස් කළ ලකුණු 178ට පිළිතුරු ලෙසින් පොලිස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළේ ලකුණු 100ක් පමණි. එම ඉනිමේ ලකුණු 41ක් ම නායක දිනූෂ ප්‍රනාන්දු රැස් කළ ලකුණු වේ.

පන්දු යැවීමේ දී උමේග චතුරංග ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත්තේය.

ලකුණු 78ක් ඉදිරියේ සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි මීගමුව ක්‍රීඩකයෝ දිනය අවසාන වන විට කඩුලු 5ක් දැවී ලකුණු 239ක් ලබා සිටින්නේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 317ක් ඉදිරියෙන් සිටිමිනි. මීගමු දෙවැනි ඉනිම ගොඩ නැගීමේ දී ප්‍රවීන් ප්‍රනාන්දු, අකිල් ඉන්හාම් සහ සඳුන් ඩයස් අර්ධ ශතක ලබා ගනිමින් දායක විය.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (63.2) ලසිත් කෘෘස්පුල්ලේ 22, අකීල් ඉන්හාම් 22, උමේග චතුරංග 56, තරිඳු වීරසිංහ 19, නිමේෂ් විමුක්ති 5/66, කළ්‍යාණ රත්නප්‍රිය 5/79

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 100 (51.4): දිනූෂ ප්‍රනාන්දු 41, සඳුන් ඩයස් 2/43, ෂෙහාන් වීරසිංහ 2/16, උමේග චතුරංග 5/33

මීගමුව ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 239 (75.0): ප්‍රවීන් ප්‍රනාන්දු 70, අකිල් ඉන්හාම් 50, රවින්ද්‍ර කරුණාරත්න 21, තරිඳු වීරසිංහ නොදැවී 38, සඳුන් ඩයස් නොදැවී 50, නිමේෂ් විමුක්ති 2/80, කළ්‍යාණ රත්නප්‍රිය 3/76

ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශයට වාර්තාගත ජයක්

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සහභාගි වූ දෙවැනි තරගය හෙවත් බංග්ලාදේශය සමඟ තරගයේ දී තුන් ඉරියව්වෙන්ම………..


කුරුණෑගල යොවුන් සහ ගුවන් හමුදාව අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ රැස් කළ ලකුණු 286ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෝ රැස් කළේ ලකුණු 158ක් පමණි. ඒ අනුව ලකුණු 128ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසාන වන විට කඩුලු 6ක් අතැතිව ලකුණු 211ක් ඉදිරියෙන් සිටී.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (90.0) තරින්ද දසනායක 63, හෂාන් ප්‍රභාත් 56, චරිත් මෙන්ඩිස් 40, හෂාන් ජේම්ස් 3/29, මිලාන් ප්‍රියනාත් 3/61, ලක්ෂාන් ප්‍රනාන්දු 2/75

ශ්‍රී ලංකා ගුවන් හමුදාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (52.5): හෂාන් ජේම්ස් 34, ලියම් චාමිකර 45, රොස්කො තට්ටිල් 29, කේශාන් විජේරත්න 3/34, ෂිවකුමාර් ටිරෝන් 4/29

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 83 (19.0): මලිත් කුරේ නොදැවී 28, ධනුෂ්ක ධර්මසිරි නොදැවී 22, හෂාන් ජේම්ස් 2/33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<