ශෂීන් සහ ලක්ෂාන් ශතක වාර්තා කරති

165

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ අදින් ආරම්භ වූ සතියේ පළමු දිනය නිමා වූයේ ලන්කන් ක්‍රිකට් සමාජයේ ශෂීන් ප්‍රනාන්දු සහ ලක්ෂාන් රොද්‍රිගෝ එක් ව Tier  B  පිටිය කලඹමිනි.

ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශයට වාර්තාගත ජයක්

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සහභාගි වූ දෙවැනි තරගය හෙවත් බංග්ලාදේශය සමඟ තරගයේ දී තුන් ඉරියව්වෙන්ම……

ලංකන් ක්‍රිකට් සමාජය සහ කළුතර ටවුන් ක්ලබ්

අද (19) මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති කළුතර ටවුන් ක්ලබ් සහ ලන්කන් ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ඔවුන් දෙදෙනා ශතක රැස් කරමින් සම්පූර්ණ අවධානය තමන් වෙත නතු කර ගත්හ.

මේ ආරම්භක පිතිකරුවෝ අද පළමු කඩුල්ලට රැස් කළ ලකුණු සංඛ්‍යාව 187කි. 24 හැවිරිදි වමතින් පිත්ත හසුරුවන ශෂීන් ප්‍රනාන්දු පන්දු 181ක දී හතරේ පහර 17ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 122ක් රැස් කළේය. එය ඔහුගේ පළමු, පළමු පෙළ ශතකයයි.

දකුණතින් පිත්ත හසුරුවන 30 හැවිරිදි ලක්ෂාන් රොද්‍රිගෝ පන්දු 75ක දී හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින් ඉක්මන් ලකුණු 121ක් ලබා ගත්තේය.

මොවුන් දෙදෙනාගේ දක්ෂතාව හේතුවෙන් ලන්කන් ක්‍රිකට් සමාජය දිනය අවසන් වන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව කඩුලු 4ක් දැවී 420කි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔවුන්ගේ ඉනිමේ ශෂීන් සහ ලක්ෂාන්ට අමතරව ගීත් කුමාර (69) සහ තුෂිර මදනායක (60) මේ වන විට 5 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 125ක සබඳතාවක් රැස් කරගෙන පිටියේ රැඳී සිටිති.

පන්දු යැවීමේ ප්‍රතිවාදී නායකයා පන්දු යවන්නෝ 9 දෙනෙක්ම යොදා ගත් අතර එහි දී යම් තරමකින් හෝ සාර්ථක වූයේ රවිඳු තිලකරත්න පමණි. ඔහුගේ පන්දු යැවීම කියැවුණේ ලකුණු 120කට කඩුලු 2ක් ලෙසිනි.

ලන්කන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 420 (90.0) ශෂීන් ප්‍රනාන්දු 122, ලක්ෂාන් රොද්‍රිගෝ 121, මධුරංග සොයිසා 29, ගීත් කුමාර නොදැවි 69, තුෂිර මදනායක නොදැවී 60, රවිඳු තිලකරත්න 2/120

මැතිව්ස්ට විවේකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළව පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ තරග දෙකක් සීමිත…..


මීගමුව සහ පොලිසිය අතර තරගය

කදිරානේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පොලිස් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මීගමුව ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 178ක් ලබා ගත්හ.

එම ඉනිමේ ගැලවුම්කරු වූයේ නායක උමේග චතුරංග ය. අනෙකුත් ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී ඔහු එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දු 79කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තේය. මීගමු ඉනිම විනාශ කරමින් නිමේෂ් විමුක්ති සහ කළ්‍යාණ රත්නප්‍රිය කඩුලු 5 බැගින් දවා ගත්හ.

දිනය අවසන් වන විට පොලිස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 71ක් ලබා සිටිය හ.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (63.2) ලසිත් කෘස්පුල්ලේ 22, අකීල් ඉන්හාම් 22, උමේග චතුරංග (නායක) 56, 79-5 තරිඳු වීරසිංහ 19, නිමේෂ් විමුක්ති 5/66, කළ්‍යාණ රත්නප්‍රිය 5/79

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 71 (34.0) දිනූෂ ප්‍රනාන්දු නොදැවී 30, ෂෙහාන් වීරසිංහ 2/15


කුරුණෑගල යොවුන් සහ ගුවන් හමුදාව අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 267ක් ලබා සිටියහ.

මෙම ඉනිමේ දී තරින්ද දසනායක පන්දු 170කට මුහුණ දෙමින් ලකුණු 63ක් ලබා ගත් අතර මේ වන විට පන්දු 102කට මුහුණ දී ලකුණු 48ක් ලබා ගනිමින් හෂාන් ප්‍රභාත් නොදැවී පිටියේ රැඳී සිටී.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 267 (90.0) තරින්ද දසනායක 63, හෂාන් ප්‍රභාත් නොදැවී 48, චරිත් මෙන්ඩිස් 40, හෂාන් ජේම්ස් 2/21, මිලාන් ප්‍රියනාත් 2/55, ලක්ෂාන් ප්‍රනාන්දු 2/68


ගාල්ල සහ පානදුර අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගාල්ල ක්‍රිකට් සමාජය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 217ක් ලබා ගත්තේය. කඩා වැටෙමින් ගිය මෙම ඉනිම, ගොඩ ගැනීමේ ඉනිමක් ක්‍රීඩා කළ හසන්ත ප්‍රනාන්දු පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය.

අනතුරුව චරිත බුද්ධික (42) සහ ගයාන් සිරිසෝම (30) යටි පෙළෙන් නැවත ක්‍රියාත්මක වෙමින් ලකුණු පුවරුව ගෞරවනීය තත්ත්වයකට ගෙන ආහ. ඔවුන් දෙදෙනා අතර ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූ ලකුණු 64ක් 9 වැනි කඩුල්ලට එක් කිරීමට සමත් වූහ.

දිනය අවසාන වූයේ සංචාරක පානදුර ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 57ක් ලබා සිටිය දී ය.

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (62.1) දමිත හුණුකුඹුර 22, චානක විජේසිංහ 20, හසන්ත ප්‍රනාන්දු 55, චරිත බුද්ධික 42 , ගයාන් සිරිසෝම 30, මොහොමඩ් රමීස් 2/31, සමීන්ද්‍ර මධුශාන් 2/43, විනෝද් පෙරේරා 4/44

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 57 (24.0) අශේන් කාවින්ද නොදැවී 37

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<