කෞෂාල් සහ දිමුත්ගෙන් ලකුණු 274ක ආරම්භක සබඳතාවයක්!

291

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස ද කටයුතු කළ කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න ඊයේ (20) මුවර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයක් අතරතුරේ දී විශිෂ්ට ද්විත්ව ශතක සබඳතාවයක් ගොඩ නංවන්නට සමත් විය.

මීට අමතරව ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ වරාය අධිකාරි කණ්ඩායමට එරෙහිව දින දෙකකින් සුපිරි ජයක් වාර්තා කරගන්නට ද හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට හැකි විය.

සචිත්‍ර සහ අශේන් ශතක රැස් කරමින් යෝධ ලකුණු සබඳතාවයක!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පළමු පෙළ තරගාවලිය වන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට්…

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

දෙපිළේම දක්ෂතා මැනවින් මතුවූ මෙම තරගය ඊයේ දිනයට නතර කරන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන යුධ හමුදා පිළ කඩුලු 2ක් දැවී ලකුණු 126ක් ලබා සිටියි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් යුධ හමුදා ක්‍රීඩකයින් ලකුණු 232කට දැවී යාමෙන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ BRC පිතිකරුවන් ලකුණු 345ක් රැස්කළ අතර රමේශ් බුද්ධික ලකුණු 114ක් වාර්තා කරමින් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළේය. මීට අමතරව ලිසුල ලක්ෂාන් සහ ලසිත් ලක්ෂාන් පිළිවෙළින් ලකුණු 80 සහ 65 බැගින් රැස් කරමින් BRC ඉනිමට සවිය ගෙන දුන්හ.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 232 (පන්දුවාර 65.3): ඩිල්ශාන් ද සොයිසා 50, සීක්කුගේ ප්‍රසන්න 45, හිමාෂ ලියනගේ 21, කසුන් ද සිල්වා 21, තිලකරත්න සම්පත් 4/40, චාමිකර එදිරිසිංහ 3/70, සුරාජ් රන්දීව් 2/39.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 345 (පන්දුවාර 84.4): රමේශ් බුද්ධික 114, ලිසුල ලක්ශාන් 80, ලසිත් ලක්ශාන් 65, තිලකරත්න සම්පත් 22, හර්ෂ විතාන 21, දුෂාන් විමුක්ති 5/65, ඩිල්ශාන් ද සොයිසා 2/26, සීක්කුගේ ප්‍රසන්න 2/95.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 126 (පන්දුවාර 35): අෂාන් රන්දික 52, දුෂාන් විමුක්ති 45*.


සිංහල ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

දෙවැනි දිනය අවසන් වන විට සිංහල ක්‍රීඩා සමාජය පෙරමුණ ගෙන ඇති මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC පිටියේ දීයි. මුලින් පිතිකරණ අවස්ථාව ලබාගත් SSC කණ්ඩායම ලකුණු 199කට දැවී ගිය ද පසුව තමන් අතින් සිදු වූ වරද නිවැරදි කර ගනිමින් ප්‍රතිවාදී මුවර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 160කට සීමා කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩර්සේ ප්‍රතිවාදී කඩුලු 7ක් තමන් අතරේ බෙදා ගත්හ.

දෙවැනි ඉනිමේ දී හාත්පසින්ම වෙනස් පිතිකරණ රටාවක් නිරූපණය කළ SSC ක්‍රීඩකයින් කඩුලු 3කට ලකුණු 357ක් රැස්කර ගනිමින් ජයග්‍රහණයක් සඳහා අවැසි පදනම සකස් කරගන්නා ලදි. ඒ වෙනුවෙන් කෞෂාල් සිල්වා හතරේ පහර 20ක් සමඟින් ලකුණු 142ක් (පන්දු 175) රැස්කළ අතර දිමුත් කරුණාරත්න ද තම සගයාට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 128ක් (පන්දු 167) වාර්තා කළේය. ඒ හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟිනි. ඔවුන් දෙදෙනා අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 274ක විශිෂ්ට සබඳතාවයක් ද ගොඩනැගුණි.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 199 (පන්දුවාර 52.1): දසුන් ශානක 75, මිනෝද් භානුක 36, තරිඳු රත්නායක 5/71, ශිරාන් ප්‍රනාන්දු 3/56.

 මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 48): චාමර සිල්වා 32, නිලංක සඳකැන් 31, අදීෂ තිලංචන 30, ප්‍රිමෝශ් පෙරේරා 27, ජෙෆ්රි වැන්ඩර්සේ 3/30, සචිත්‍ර සේනානායක 4/40, විමුක්ති පෙරේරා 2/40.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 357 (පන්දුවාර 76): කෞෂාල් සිල්වා 142, දිමුත් කරුණාරත්න 128, මිනෝද් භානුක 31*, මිලින්ද සිරිවර්ධන 24*, අදීෂ තිලංචන 2/123.

ශ්‍රී ලංකා – පාකිස්තාන සුසංයෝගය ගාලු ක්‍රීඩකයෝ අඩපණ කරයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙවැනි දිනයට බේල්ස් එසවුණ ගාල්ල ක්‍රිකට් සමාජය…


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

සැරසන්ස් පිළ ආධිපත්‍යය පතුරුවා සිටින මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ CCC පිටියේ දීයි. මුලින් පන්දුවට පහර දී සාර්ථකත්වයට පත්වුණු සැරසන්ස් ක්‍රීඩා සමාජය තම පළමු ඉනිමට දැවැන්ත ලකුණු 496ක් එක් කළහ. ඒ හර්ෂ කුරේ විසින් රැස්කළ ශතකයේ ආධාරයෙනි. මීට අමතරව මින්හාජ් ජලීල් සහ තානුක දාබරේ පිළිවෙළින් ලකුණු 82 සහ 72 බැගින් රැස් කළහ. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 3කට ලකුණු 140ක් ලබා සිටියි. ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් කවීන් බණ්ඩාර ලකුණු 92ක් ලබා ගත්තේය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 496 (පන්දුවාර 127.2): හර්ෂ කුරේ 140, මින්හාජ් ජලීල් 82, තානුක දාබරේ 72, සාලිය සමන් 69, ප්‍රමෝද් මදුවන්ත 29, නවිඳු විතානගේ 34, සචිත් පතිරණ 4/95, අශාන් ප්‍රියන්ජන් 2/63.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 140 (පන්දුවාර 50): කවීන් බණ්ඩාර 92.


රාගම ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

තවමත් තරගයේ අවසන් ජයග්‍රාහකයෙකු ගැන අදහසක් ප්‍රකාශ කළ නොහැකි අයුරින් පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය ඊයේ නිමාවට පත්විය. ඒ වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන රාගම පිළ කඩුලු 3ක් දැවී ලකුණු 51ක් ලබා සිටියි. මුලින් පන්දුවට පහර දුන් රාගම පිතිකරුවන් ලකුණු 320ක් ලබා ගනිද්දී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ඊට පිළිතුරු ලෙස ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 273ක් පමණි.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 320 (පන්දුවාර 90): ලහිරු තිරිමාන්න 62, රො⁣ශේන් සිල්වා 59, සමීර ද සොයිසා 53, ජනිත් ලියනගේ 50, ලහිරු මිලන්ත 38, කසුන් රාජිත 4/81, ලහිරු සමරකෝන් 2/51, මලිත් ද සිල්වා 2/86, රමේශ් මෙන්ඩිස් 2/89.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 273 (පන්දුවාර 63.5): ලහිරු සමරකෝන් 53*, මලිත් ද සිල්වා 52, ප්‍රමූද් හෙට්ටිවත්ත 48, නිපුන් කරුණානායක 46, රමේශ් මෙන්ඩිස් 35, නිෂාන් පීරිස් 4/97, ඉශාන් ජයරත්න 3/63, අමිල අපොන්සු 3/75.

රාගම ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 51 (පන්දුවාර 18): ලහිරු මිලන්ත 23*.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ NCC කණ්ඩායම අතර තරගය

දෙවැනි දිනයට ක්‍රියාත්මක මෙම තරගයේ කාසියේ වාසිය ද ජය ගැනීමට සත්කාරක NCC කණ්ඩායමට හැකි විය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් බදුරලිය ක්‍රීඩා සමාජය පිතිකරණය සඳහා යොමු කරමින් ඔවුන්ව ලකුණු 194ක් තුල දී දවා ගැනීමට NCC නායකයාට හැකි විය. පසුව ඇන්ජෙලෝ පෙරේරා රැස්කළ ලකුණු 89 ආධාරයෙන් ප්‍රථම ඉනිමට ලකුණු 313ක් වාර්තා කර ගන්නට ද NCC පිතිකරුවන් කටයුතු කළහ. මේ වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින බදුරලිය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියි.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 194 (පන්දුවාර 72.4): සංජය චතුරංග 28, අලංකාර අසංක 25, චතුරංග ද සිල්වා 3/28, ලසිත් ඇඹුල්දෙණිය 3/33, ලහිරු කුමාර 2/45.

NCC කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 313 (පන්දුවාර 89.1): ඇන්ජලෝ පෙරේරා 89, මාලිංග අමරසිංහ 45, ෆර්වීස් මහරූෆ් 37, මහේල උඩවත්ත 33, අලංකාර අසංක 3/43, නිමන්ද සුබසිංහ 3/59 ඩිලේශ් ගුණරත්න 2/95.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම ) – එක් කඩුල්ලක් දැවී ලකුණු 28 (පන්දුවාර 9)


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

අශේන් සිල්වා සහ සචිත්‍ර සේරසිංහ ගොඩ නැගූ සුපිරි සබඳතාවය නිසා මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 184ක දැවැන්ත ජයක් අත්පත් කර ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට හැකි විය. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට එරෙහිවයි.

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වුන මෙම තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් මේරියන්ස් පිළ තම පළමු ඉනිමට ලකුණු 427ක් රැස්කර ගත්හ. එහි දී අශේන් සිල්වා නොදැවී ලකුණු 168ක් ද, සචිත්‍ර සේරසිංහ ලකුණු 145ක් ද රැස් කරමින් සුපිරි පිතිකරණ දක්ෂතා ප්‍රකට කළහ. පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වරාය අධිකාරියට ලකුණු 135කට සීමා වන්නට සිදුවුණු නිසා දෙවැනි ඉනිමත් ඒ සමඟම ක්‍රීඩා කිරීමේ අවමානයට මුහුණ පෑමට ද සිදු විය. නමුත් එහි දී ද ලකුණු 108කට සීමාවුණු වරාය අධිකාරි පිළට මෙම දැවැන්ත පරාජය උරුම විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 427 (පන්දුවාර 112.1): අශේන් සිල්වා 168*, සචිත්‍ර සේරසිංහ 145, ඕෂධ ප්‍රනාන්දු 65, චානක කොමසාරු 6/139, අකලංක ගනේගම 2/83, හෂාන් විමර්ශන 2/101.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – සියල්ලන්ම දැවී ලකුණු 135 (පන්දුවාර 32.2): ගයාන් මනීශාන් 49, ගිහාන් රූපසිංහ 42, අසිත ප්‍රනාන්දු 5/34.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (නැවත හඹායෑම) – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 25.3): නිසල් රන්දික 23, මාලින්ද පුෂ්පකුමාර 4/33, ශෙහාන් ජයසූරිය 3/39.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<