අසංක ගුරුසිංහට වැඩි බලයක් සමඟින් අලුත්ම තනතුරක්

558
Asanka Gurusinghe

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික සයිමන් විල්ස් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ අතර එම නිසා තනතුර වැඩි දියුණු කර “ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි” ලෙස අසංක ගුරුසිංහ මහතා පත් කර ඇත.

රසල් ආර්නල්ඩ්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සුපිරි ක්‍රීඩකයෙක් වන රසල් ආර්නල්ඩ්.

ඒ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලැබූ වැදගත් තීරණ කිහිපයක් පිළිබඳව මාධ්‍යට දැනුම් දීම අද (20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්විය.

51 හැවිරිදි අසංක ගුරුසිංහ මහතා 2017 මාර්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ කළමනාකරු ලෙස පත්වූ අතර පසුව තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද නම් කිරීමෙන් පසු කණ්ඩයමේ ප්‍රබල චරිතයක් බවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහල දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ සයිමන් විල්ස් මහතා ඉවත්වීම නිසා පුරප්පාඩු වන තනතුරට එහා ගිය වගකීම් කිහිපයක් අසංක ගුරුසිංහ මහතාට ලබා දී ඇත. ඒ අනුව ක්‍රීඩකයින්ගේ දස්කම් මෙන්ම ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම් සංවර්ධනය කිරීම ගුරුසිංහ මහතාගේ නව වගකීම වනු ඇත.

“ගුරුසිංහ මහතාට ක්‍රීඩකයින් සමඟ ඉඳලාම මේ වෙනකොට ඔවුන්ගේ දක්ෂතා දුර්වලතා ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. ඔහු ක්‍රිකට් කළමනාකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විශාල සේවයක් ඉටු කලා. ඒ නිසාම ඔහුව අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස පත් කරා, සයිමන් විල්ස් මහතාට වඩා ලොකු කාර්යයක් ගුරුසිංහ මහතාට මෙහි දී කරන්න තියෙනවා. ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි සැලසුම් වෙනුවෙන් බොහෝසෙයින් වැදගත් වනවා. ඉදිරියේ දී අපි අපේ කණ්ඩායම වෙනුවෙන් නව කළමනාකාරවරයෙක් පත්කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි එම අවස්ථාවට පැමිණ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වන තිලංග සුමතිපාල මහතා පැවසුවේය.

නිදහස් කුසලානයේ ආදායම බිලියනය පනී

මාර්තු මස 6 වැනිදා සිට මාර්තු මස 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ නිදහස්..

පෞද්ගලික හේතුවක් නිසා සයිමන් විල්ස් සිය තනතුරෙන් නියමිත කාලයට පෙර ඉල්ලා අස්වූ අතර එළඹෙන ජුනි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී ටෙස්ට් තරග තුනකට සහභාගී වීමට නියමිත අතර එම සංචාරයට පෙර නව කළමනාකරුවෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පත් කරනු ඇත.

මෙම මාධ්‍ය හමුවට පැමිණ සිට මාධ්‍යවේදියෙකු ‘දේශපාලනඥයෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාස කරනවා’- කියා මුරලි නැගූ චෝදනාව සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙක් වන මොහාන් ද සිල්වා මහතාගෙන් යම් විමසීමක් කරන ලදි.

“මුරලි වගේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් විවිධ අයගේ රැවටිලිවලට හසුව මෙවන් ආකාරයක ප්‍රකාශ මාධ්‍යට පැවසීම පිළිබඳව මම ඇත්තටම කනගාටු වෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් අභියස තියනකොට මේ වගේ විවිධ ප්‍රචාර අසන්නට ලැබෙන එක නම් සාමාන්‍ය දෙයක්. ඇත්තටම කියනවා නම් මුරලිට මුල පොඩ්ඩක් අමතක වෙලා තියෙනවා. මොකද මුරලි පන්දුව දමා ගසනවා කියා ICC එකෙන් චෝදනා කරද්දී, එවකට හිටි ක්‍රීඩා අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මෙන්ම වත්මන් සභාපති වන තිලංග සුමතිපාල මහතාත් මුරලිව බේරා ගැනීමට ලොකු සටනක් කළා.” යැයි එම ප්‍රශ්නයට පිළිතුරු දුන් මොහාන් ද සිල්වා මහතා පවසන ලදි.

‘දේශපාලනඥයෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාස කරනවා’- මුරලි

ක්‍රීඩා පිටියේ සන්සුන්ම නිහඬම චරිතයක් ලෙස හැඳින්වෙන මුත්තයියා මුරලිදරන්…

එසේම වත්මන් තේරීම් කමිටුවේ නිල ධුර කාලය මැයි මස 15 වැනිදායින් අවසන් වන අතරම ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා වන නිලවරණය මැයි මස 19 වැනිදා පැවැත්වේ.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වන තිලංග සුමතිපාල, උප සභාපතිවරුන් වන මොහාන් ද සිල්වා, කේ. මතිවානන්, එහි ලේකම් වන ගුවන් හමුදා කමාන්ඩර් රොෂාන් බියන්වල හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වන ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සහභාගී වී සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<