මංජුල ජයවර්ධන අවුරුදු කඩුලු දඩයමක

256

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ අද (19) නිමා වූ තරග අතරින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මංජුල ජයවර්ධන සමත් විය.

දකුණතින් පිට දඟපන්දු යැවූ මංජුල ජයවර්ධන ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 38කට කඩුලු 6ක් දවා ගනිමින් නිමා වූ තරගවල ඉනිමක දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව ඔහු දෙවැනි ඉනිමේ දී ද ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 67කට කඩුලු 9ක් දවා ගත්තේ ය.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල වෙනස්කම්

එළඹෙන මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වදිනු ලබන ක්‍රීඩකයින්…

ඊට අමතරව ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ උමේග චතුරංග ද ලකුණු 100කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

පිතිකරුවන් අතරින් නිමා වූ තරග දෙකේ දී ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනි. ඒ අනුව ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් මධුරංග සොයිසා සහ ගීත් කුමාර ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව කළුතර යුද හමුදා ක්‍රීඩා පිටියේ දී ශතක ලැබූ අතර ගාල්ල ක්‍රිකට් සමාජය වෙනුවෙන් ලක්ෂාන් රොද්‍රගෝ ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව එම පිටියේ දී ම ශතකයක් ලබා ගත්තේ ය. පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන ඉන්දීය ක්‍රීඩක ගිටාන්ස් කෙහෙරා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව කටුනායක දී ශතකයක් ලබා ගත්තේ ය.

පොලිස් ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ ගුවන් හමුදා නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පොලිස් ක්‍රීඩා සමාජය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 398ක් ලබා ගත්තේ විදෙස් ක්‍රීඩක ගිටාන්ස් කෙහෙරා ලබා ගත් ශතකයත් සමඟිනි.

ඉන්දීය ක්‍රීඩක කෙහෙරා පන්දු 231කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 164ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ද වන්නේ ය. ඔහුට අමතරව නායක අජන්ත මෙන්ඩිස් පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන උමේග චතුරංග ලකුණු 100කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

Photos: Air Force SC vs Police SC | SLC Major League 2018/19 – Tier “B”

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 210කට සීමා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වූයේ දකුණතින් පිට දඟපන්දු යැවූ මංජුල ජයවර්ධනගේ වැඩි දායකත්වය හේතු කර ගනිමිනි. ඔහු ලකුණු 38කට කඩුලු 6ක් දවා ගන්නේ ය. ඊට අමතරව දිනුක් හෙට්ටිආරච්චි ලකුණු 87කට කඩුලු 3ක් දවා ගන්නේ ය.

එම ඉනිම වෙනුවෙන් පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 50ක් රැස් කිරීමට සුමින්ද ලක්ෂාන් සමත් විය.

ලකුණු 188ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමටත් පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 138ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් දුලාශ් උදයංග පන්දු 118කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය.

එම ඉනිමේ දී මංජුල ජයවර්ධන නැවත වතාවක් දක්ෂ පන්දු යැවීමක් නිරත වෙමින් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව දිනුක් හෙට්ටිආරච්චි කඩුලු 2ක් දවා ගත්තේ ය.

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 398 (115.5) නිශාන් මධුශ්ක 46, අමිත් කුමාර් 36, ගිටාන්ස් කෙහෙරා 164, අජන්ත මෙන්ඩිස් 61, සුපුන් මධුශංක 31, උමේග චතුරංග 6/100, සුමින්ද ලක්ෂාන් 2/62

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (77.3) දිලිප් තාරක 29, දුලාෂ් උදයංග 56, චාමිකර හේවගේ 23, සුමින්ද ලක්ෂාන් නොදැවී 50, මිලාන් රත්නායක 20, දිනුක් හෙට්ටිආරච්චි 3/87, මංජුල ජයවර්ධන 6/38

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 138 (45) දුලාශ් උදයංග 55, රොස්කෝ තටිල් 24, දිලිප් තාරක 25, දිනුක් හෙට්ටිආරච්චි 2/58, මංජුල ජයවර්ධන 3/29

ජොෆ්රා ආචර් එංගලන්තයට ගිය හැටි

​​බාබෙඩෝස් නම් කුඩා දූපතේ උපන් ජෝෆ්රා ආචර් එංගලන්තය විසින් නෙළාගෙන ඇත. ඔහුව අයත් වීමට තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්…


ලංකන් ක්‍රිකට් සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

කළුතර යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් ගාලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලංකන් ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 334ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු මධුරංග සොයිසා සහ ගීත් කුමාර ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනි.

මධුරංග සොයිසා පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 117ක් ලබා ගත් අතර ගීත් කුමාර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 106කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 219කට මුහුණ දුන් අතර හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් කළේය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 160කි.

කඩුලු ලබා ගැනීමේ දී ගයාන් සිරිසෝම ලකුණු 105කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමේ දී ගාලු ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 272ක් ලබා සිටියහ.

එම ඉනිම වෙනුවෙන් ලක්ෂාන් රොද්‍රිගෝ පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය. ඊට අමතරව සමීන් කඳනාරච්චි පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී චානක රුවන්සිරි සහ චානක දේවින්ද කඩුලු 2 බැගින් ලබා ගත්හ.

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 334 (100.1) මධුරංග සොයිසා 117, එස්. කංකානම්ගේ 21, ගීත් කුමාර 106, අකලංක ගනේගම 2/64, ගයාන් සිරිසෝම 4/105

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 272 (66.5) ලක්ෂාන් රොද්‍රිගෝ 104, දමිත හුණුකුඹුර 36, සමීන් කඳනාරච්චි 78, හර්ෂ විතාන නොදැවී 28, චානක රුවන්සිරි 2/64, චානක දේවින්ද 2/61

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<