නිලවරණ කමිටුව පත්කෙරේ; නිලවරණය මැයි 31

214

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීම මැයි මස 19 වැනිදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විය.

“නිලවරණයට මගේ කිසිම සම්බන්ධයක් නෑ” – සංගක්කාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් වන කුමාර සංගක්කාර මහතා ඊයේ (15) දිනයේ දී නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාව ක්‍රීඩා අමාත්‍යංශයේ දී මුණගැසී තිබේ.

වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය මැයි 31 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය හිමිව ඇති අතර ක්‍රීඩා අමාත්‍යතුමා නීතිපතිතුමන්ගේ උපදෙස් අනුව 1973 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයේ 39 (1) වන පරිච්ඡේදයේ 25 වැනි වගන්තියට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය වෙනුවෙන් සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත නිලවරණ කමිටුව

  • රසික වීරතුංග
  • සරත් උත්පල
  • බුද්ධික ඉලංගතිලක
  • ජූඩ් පෙරේරා
  • දේවගිරි බණ්ඩාර

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<