පුහුණුකරු වෙනස් කරන්න ක්‍රිකට් ආයතනය කල් ඉල්ලයි

1447

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ වෙනසක් සිදු කිරීමට තමා බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය දා මාධ්‍ය හමුවේ පවසා සිටි අතර එම ක්‍රියාවලිය සඳහා ක්‍රිකට් ආයතනය එළඹෙන නවසීලන්ත තරගාවලිය අවසන් වනතුරු කල් ඉල්ලා තිබේ.

ක්‍රිකට්වලින් සමුගෙන කෝලී පාපන්දුවට?

දැනට ලෝකයේ සිටින හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? මේ ප්‍රශ්නයට පිළිතුරු රැසක් තිබිය හැකි වුවත් ඉන් ප්‍රධානම පිළිතුර ලෙස විරාත් කෝලි අවිවාදයෙන්….

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරග සංචාරයට පෙර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් මෙසේ ක්‍රිකට් පුහුණුකාරීත්වයේ පූර්ණ වෙනසක් සිදු කළ යුතු බව දන්වා තිබුණි. 

කෙසේ වෙතත් නවසීලන්ත තරගාවලියට තවත් සති දෙකක් කාලයක් ඉතිරිව තිබියදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම කරුණ සම්බන්ධයෙන් වර්තමාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා සමඟ එකඟතාවයකට එළඹීමට අපොහොසත් වීම මෙලෙස කල් ඉල්ලීමට හේතු වී ඇත. චන්දික හතුරුසිංහ මහතා ක්‍රිකට් ආයතනය සමඟින් එළඹ ඇති ගිවිසුමට අනුව ඔහුට තවත් මාස 16ක කාලයක් ඉතිරිව ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ ආයෝජනය පිළිබඳව එතරම් පැහැදීමකින් පසුනොවන අතර එම නිසා මෙලෙස දෙපාර්ශවයටම සාධාරණ එකඟතාවයකට එළඹීම අපහසු වී ඇත. හතුරුසිංහ මහතා ක්‍රිකට් පුහුණුකාරීත්වය ආරම්භ කළේ 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී ය. ක්‍රිකට් ආයතනයට හතුරුසිංහ මහතා ඉවත් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා ඔහුට විශාල වන්දියක් ගෙවීමට සිදු වනු ඇත. 

“මට තව මාස 16ක් තියනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ ගිවිසුම් කාලය අවසන් වන තුරුම රැඳී සිටින්න” ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මෙරටට පැමිණි අවස්ථාවේ දී හතුරුසිංහ මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියා. 

විශ්වසනීය ආරංචි මාර්ගවලට අනුව හතුරුසිංහ මහතා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමඟින් නැවතත් පැමිණීමට සාකච්ඡා කර ඇත. බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන ස්ටීව් රොඩ්ස්ගේ ගිවිසුම් කාලය ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව අවසන් වූ අතර ඔවුන් එම ගිවිසුම දීර්ඝ කිරීමට තීරණය කර නැත. 

“අපි වෘත්තීය මට්ටමේ පුද්ගලයන් සමඟ ක්‍රියා කරන්නේ. අපිට ගිවිසුම් හා බැඳීම් තියනවා. අපිට පුහුණුකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ‍යම් නරක පසුබිමක් තියෙන්නේ. මේ අවස්ථාවේ දී අපි මේක නිසියාකාරව විසඳාගත යුතුයි.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා බංග්ලාදේශ තරගාවලියට පෙර පවසා සිටියා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු ‍රැකීමේ පුහුණුකරු හා පිතිකරණ පුහුණුකරුවන් ලෙස පසුගිය මාස 6ක කාලය තුල කටයුතු කළ ස්ටීව් රික්සන් හා ජොන් ලෙවිස්ගේ ගිවිසුම් කාලය ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව අවසන් වූ අතර ඔවුන් බංග්ලාදේශ තරගාවලිය සඳහා එක්වූයේ නැත. 

නවසීලන්ත තරගාවලිය සඳහා හතුරුසිංහ සමඟින් පන්දු ‍යැවීමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක ද පන්දු ‍රැකීමේ පුහුණුකරු ලෙස මනෝජ් අබේවික්‍රම ද කටයුතු කිරීමට නියමිතය. යෝග්‍යතා පුහුණුකරු ලෙස නික් ලී කටයුතු කරයි. 

මේ අතරතුර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නව පුහුණුකරුවෙකු පත්කරගැනීම සඳහා කටයුතු කරනු ඇත. එම කටයුතු නවසීලන්ත තරගාවලියෙන් අනතුරුව සම්පූර්ණ කිරීමට නියමිතය. ThePapare.com වෙත ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව එම තනතුර සඳහා ඩීන් ජෝන්ස්, ග්‍රාන්ට් ෆ්ලවර්, ටොම් මූඩි, රසල් ඩොමින්ගෝ හා මිකී ආතර් ඉදිරියෙන්ම පසු වේ. 

ඉන්දියාව ශාස්ත්‍රිව කණ්ඩායෙමන් අයින් කරයි ද?

නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය දක්වා ඉතා හොඳින් තරඟ වැදි ප්‍රබල ඉන්දීය කණ්ඩායම හට අවසන් ….

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට සඳහා මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් කීපදෙනෙකු එක්ව ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කර සිටියේය. මේ අතර මහේල ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට වැඩි ඉඩක් ඇති බව වඩාත් කතාබහට ලක්ව ඇත. 

“මහේල තවමත් ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කරන්න සූදානම් නෑ. මම දැන ගත් කරුණු අනුව ක්‍රිකට් ආයතනය මේ වන විට පුහුණුකරුවන් කීපදෙනෙකුට කතා කරලා තියනවා. ඒ අතරින් එක් පුහුණුකරුවෙක් මේ වන විටත් එක්වීමට සූදානමින් සිටිනවා. ඒත් හොඳම පුහුණුකරු තවමත් මෙරටට ඒමට සූදානම් නෑ ඔහුගේ අනෙක් ගිවිසුම් නිසා. මට විශ්වාසයි තවත් සති දෙකක් ඇතුළත අපිට නව පුහුණුකරුවෙකු සමඟ ගිවිසුමකට එළඹිය හැකි වේවි.” අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (02) මාධ්‍ය හමුවේ පවසා සිටියා.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<