ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම් අංශයට සීල් තබයි

434
SLC

ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක වංචාවක් හසුවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශයට අද (10) සීල් තබා ඇතැයි වාර්තා වෙනවා.

චන්දිමාල්ට ආසියානු කුසලානය මඟ හැරේ

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට්…

ලබන මාසයේ දී ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ විකාශන අයිතිය ලබා ගැනීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ විදේශීය ගිණුමකට බැර කර ගැනීමට දැරූ උත්සහයක් සම්බන්ධයෙන් මේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් මත ඒ පිළිබදව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබෙන බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

තවත් රටකට තාවකාලික ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරමක්

මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත් හොංකොං ක්‍රිකට් කණ්ඩායම සඳහා තාවකාලික ජාත්‍යන්තර …

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැනි කීර්තිමත් ආයතනයක් තුල මෙවැනි ආකාරයක අකටයුත්තක් අපේ කීර්තිනාමයට වෙච්ච ලොකු හානියක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වෙන්න ගිය මේ ලොකු හානිය වළක්වා ගන්න අපිට පුළුවන් වෙච්ච එක ගැන මම ඇත්තටම සතුටට පත්වෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විකාශන අයිතිය ලබාගෙන ඇති එක්තරා සමාගමක් ලබා දුන් ඩොලර් මිලියන 5.5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නොවන වෙනත් ගිණුමකට යොමු කිරීමට උත්සාහ ගනිමින් මේ වංචාව සිදු කිරීමට උත්සාහ ගෙන ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<