ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එකට එක කරයි

2320
courtsey - Cricket West Indies (CWI)

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය, 1-1ක් ලෙස සම කරන්නට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ (21) සමත් විය. ඒ දෙරට අතර පැවති දෙවන සිව් දින තරගයෙන් දින තුනක් තුල ලකුණු 280ක දැවැන්ත ජයක් වාර්තා කරමිනුයි.

සිංහ පෝතකයන් කොදෙව් බිමේ අණසක පතුරවයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන නිල නොවන (සිව් දින) ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම පාහේ තමන්…

ජැමෙයිකාවේ ෆ්ලොරන්ස් නගරයේ ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 294ක්. එහි දී දසුන් ශානක අගනා ශතකයක් වාර්තා කරන්නට සමත් විය.

පිළිතුරු ලෙස කොදෙව්වන්ට පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 137ක් පමණයි. මාලින්ද පුෂ්පකුමාර විශිෂ්ට ගණයේ පන්දු යැවීමක නිරත වූ අතර ඔහු දවා ගත් කඩුලු සංඛ්‍යාව 6ක්. තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 213ක් ලබා සිටියේ තරගයේ ග්‍රහණය ද සම්පූර්ණයෙන්ම තමන් සතු කර ගනිමිනුයි.

ඊයේ තරගයේ තෙවන දිනය ආරම්භ වී වැඩි වෙලාවක් ගත වන්නට මත්තෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රොෂේන් සිල්වා ලකුණු 86කට දැවී ගියේ තවත් පළමු පෙළ ශතකයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාවක් අහිමි කර ගනිමිනි. පසු පෙළ පිතිකරුවන් සමඟ එක්වී වනිඳු හසරංග අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමඟ දෙවන ඉනිම අත්හිටුවීමට ‘ඒ’ නායක ධනංජය ද සිල්වා  තීරණය කරන ලදි.

ඒ වන විට ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම කඩුලු 9කට ලකුණු 267ක් ලෙස  සටහන් වූ අතර, ඒ අනුව ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට හිමි වූ ඉලක්කය ලකුණු 425ක්. ට්‍රෙලෝනි තණතීරුවේ ස්වභාවය මැනවින් වටහා ගත් ශ්‍රී ලංකා ‘ඒ’ නායකයා නව පන්දුවේ වගකීම භාර දුන්නේ දඟපන්දු යුගලයට යි.

තුන් ඉරියව් දක්ෂතා නිසා ශූරතාවය MAS සිලුඒටා කණ්ඩායමට!

ෆෙයාර් ඇන්ඩ් ලව්ලි අනුග්‍රහයෙන් පැවති අභිනව වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට අද (21) MAS සිලුඒටා කණ්ඩායම සමත් විය. ඒ ප්‍රතිවාදී…

මාලින්ද පුෂ්පකුමාර තමන්ගේ දෙවන පන්දු වාරයේ දී ම කඩුලු දඩයම ආරම්භ කරන්නට සමත් විය. මාලින්දගේ පළමු පන්දුවාර 7 තුළ කොදෙව් පිතිකරුවන් තිදෙනෙක් ඔහුට ගොදුරු වූ අතර ඊට ආරම්භක පිතිකරු ජෝන් කැම්බල් මෙන්ම නායක සාමාර් බෘක්ස් ද ඇතුලත් විය. කොදෙව් ‘ඒ’ දෙවන ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස කඩුලු රකින ක්‍රීඩක හැමිල්ටන් දවා ගත්තේ මාලින්දට විවේකයක් ලබා දීම සඳහා එම අන්තයෙන් පන්දු යැවීම භාර ගත් නායක ධනංජය විසිනුයි.

තවත් පන්දුවාර 14ක් පුරා සුනිල් අම්බ්‍රිස් සමඟ එක්ව කඩුලු ආරක්ෂා කර ගැනීමට සමත් වූ මොන්චින් හොජ්ගේ පන්දු 87ක ප්‍රතිරෝධය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ ‘ නායකයාට සිදුවුනේ වේගපන්දු යවන්නන් කැඳවීමටයි. එම වගකීම කසුන් රාජිත විසින් ඉටු කිරීමත් සමඟ මාලින්ද පුෂ්පකුමාරට නැවතත් තම අණසක පැතිරවීමේ අවස්ථාව හිමි විය. ඔහු තවත් කොදෙව් ‘ඒ’ පිතිකරුවන් තිදෙනෙක් ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර එහි දී මේ තරගයේ තුන් වන වරටත්, පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් දවා ගැනීමේ අවස්ථාවක් ඔහුගේ නමින් සටහන් විය.

සුනිල් අම්බ්‍රිස් ලකුණු 41ක් ලබා ගනිමින් හුදකලා සටනක නිරත වෙද්දී අවසන් පිතිකරුවන් තිදෙනාගෙන් පමණක් කොදෙව් දෙවන ඉනිමට යම්කිසි දායකත්වයක් හිමි විය. මේ තරගය පුරාවටම මාලින්ද පුෂ්පකුමාරට අනගි සහයක් ලබා දුන් ෂෙහාන් ජයසූරිය කොදෙව් දෙවන ඉනිමේ අවසන් කඩුලු 2 දවා ගනිමින් ලකුණු 280ක දැවැන්ත ජයග්‍රහණයක් සම්පූර්ණ කරන ලදි.

ජ්‍යෙෂ්ඨයන් බෑ කියද්දී විස්සයි විස්ස සුක්කානම තිසරට

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (21) පියවර ගන්නා ලදි…

මේ අනුව තරග 3කින් සමන්විත කණ්ඩායම් දෙක අතර නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතියි. තරගාවලියේ තීරණාත්මක තුන්වන තරගය ජැමෙයිකාවේම කිංග්ස්ටන් නගරයේ සබීනා පාක් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දිවා – රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසයි. කෙසේ වෙතත් ලබන 26 වැනිදා ආරම්භ වන මේ තරගයට මේ වන විට ලකුණු 183ක් සමඟ තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියා වන දසුන් ශානකගේ සේවය ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායමට අහිමි වනු ඇති. ඒ පාකිස්තානය සමඟ විස්සයි විස්ස තරගාවලිය සඳහා දසුන්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ එක්වීම හේතුවෙනුයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 294 (73.3) – දසුන් ශානක 102*,ධනංජය ද සිල්වා – 73, චරිත් අසලංක – 41, රොෂේන් සිල්වා – 30, කියොන් ජෝසප් – 3/32, ඩේමියන් ජෙකබ්ස් – 2/74, රකීම් කෝන්වෝල් – 2/85

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 137 (44.3) – රකීම් කෝන්වෝල් – 46, සුනිල් අම්බ්‍රිස්  -29, ශෙල්ඩන් කොට්‍රේල් 18, මාලින්ද පුෂ්පකුමාර – 6/52, ෂෙහාන් ජයසුරිය – 2/8

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම (අත්හිටුවන ලදි) – 267/9 (67.5) – රොෂේන් සිල්වා – 86, දසුන් ශානක – 60, වනිඳු හසරංග – 50*, ෂෙහාන් ජයසුරිය – 32, රකීම් කෝන්වෝල් – 5/107

කොදෙව් ‘ඒ’ දෙවන ඉනිම – (සියල්ලන් දැවී) – 144 (54) – සුනිල් අම්බ්‍රිස්  – 41, ඔශේන් – 18, ශෙල්ඩන් කොට්‍රේල් 17, මාලින්ද පුෂ්පකුමාර – 6/46, ෂෙහාන් ජයසුරිය – 2/48

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 280 ක ජයක්

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<