අවසන් ජය පානය කොදෙව්වන් උදුරා ගනියි

2100
Sri lanka cricket A v west indies A

පරාජයකින් ආරම්භ වුවත් ජයග්‍රහණයේ මාවත සොයා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ජැමෙයිකානු සංචාරය අවසන් කරන්නට පෙර යළිත් ඔවුන් හට පරාජයේ වේදනාව පිළිබඳ අත්දැකීමක් ලබා දෙන්නට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

උපුල් තරංග ‘Sylhet Sixers’ දෙවන ජයග්‍රහණයටත් මෙහෙයවයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ Sylhet Sixers කණ්ඩායම සහ Comilla Victorians කණ්ඩායම අතර පැවති තරගයේ දී..

ඒ කණ්ඩායම් දෙක අතර පැවති තෙවන සහ අවසන් එක්දින තරගය ලකුණු 45කින් ජය ගනිමිනුයි. මෙම තරගාවලියේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු තරගය ජය ගැනීමට සමත් වීම නිසා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අවසන් වුනේ තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.

කිංග්ස්ටන් හිදී ලැබූ ජයග්‍රාහී එක්දින අත්දැකීමකට සහ තෙත බරිත දිනයකට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් එක්දින තරගය සඳහා පැමිණියේ තරගාවලිය ආරම්භ වූ ෆ්ලොරන්ස් හී ට්‍රේලොනි ක්‍රීඩාංගණයට යි.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් ඒ කණ්ඩායම් නායක ජමාර් හැමිල්ටන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර තිලාන් සමරවීරට

හිටපු ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු..

කෙසේ වෙතත් කොදෙව්වන්ට සාර්ථක ආරම්භයක් සනිටුහන් කිරීමට ඉඩ ලබා නොදුන් වමත් වේගපන්දු යවන ක්‍රීඩක විමුක්ති පෙරේරා, ලකුණු 22ක් වෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කරන්නට සමත් විය. මෙම තරගාවලිය මෙන්ම ටෙස්ට් තරගාවලිය පුරාවට ද කොදෙව් කණ්ඩායමේ ගැලවුම්කරුවා වූ සුනිල් අම්බ්‍රිස්, තුන්වන කඩුල්ල සඳහා සටන්කාමී සබඳතාවක් ගොඩනැගුවේ නිල නොවන ටෙස්ට් තරගාවලියේ දී නායකත්වය දැරූ ශමාර් බෘක්ස් සමඟ එක්වයි.

පන්දු 20කින් ලකුණු 20ක් ලබා ගත් අම්බ්‍රිස් දුවද්දී දැවී යාමත් සමඟ තෙවන කඩුල්ල සඳහා ගොඩනැගුණු ලකුණු 41ක සබඳතාව බිඳ වැටුණි. සෙමෙන් වුවත් තැනට සුදුසු ලෙස පිතිකරණයේ යෙදුණු බෘක්ස් ලකුණු 35ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් වෙද්දී ඉතිරි ලකුණු 17 ලබා ගැනීම සඳහා ඔහු වැය කර තිබූ පන්දු සංඛ්‍යාව 55ක්. කොදෙව් ලකුණු පුවරුව ලකුණු 93ක් වෙද්දී නැවත ක්‍රියාත්මක වූ විමුක්ති පෙරේරා සිව්වැනි කොදෙව් කඩුල්ල ලෙස බෘක්ස්ගේ ඉනිම ද අවසන් කරන ලදි.

අන්ඩ්‍රේ මැකාති ලකුණු 27කින් කණ්ඩායමට දායකත්වය ලබා දෙන්නට සමත් වෙද්දී වරෙක කොදෙව් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 115ක් ලබාගෙන යම් ස්ථාවර මට්ටමක පසු විය. කෙසේ වෙතත් ඔවුන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 38ක් තුල බිඳ දමන්නට ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණියට හැකියාව ලැබුණේ මාලින්ද පුෂ්පකුමාර බිඳ දැමූ එක් කඩුල්ලක ද සහය ඇතිවයි.

ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ලබන 16 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ ටෙස්ට් ක්‍රිකට් තරග තුන..

කොදෙව් එක්දින නායක ජමාර් හැමිල්ටන් ලකුණු 19ක් රැස් කළ  අතර පසුපෙළ පිතිකරුවන් කිසිවෙකුත් ලකුණු 10 සීමාවට ළඟා නොවීය. මේ අනුව කොදෙව් ඉනිම පන්දුවාර 44යි එක් පන්දුවක් තුළ ලකුණු 152කට සීමා වෙද්දී, එම ඉනිමේ විනාශයේ ප්‍රධාන කොටස්කරුවා වූ විමුක්ති පෙරේරා බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 4ක්. ඊට අමතරව ශෙහාන් මදුෂංක සහ ලහිරු කුමාර අතරේ කඩුලු 2 බැගින් බෙදී යන ලදි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් හට ද  කොදෙව් වේගපන්දු යවන්නන්ගෙන් ගැලවීමක් නොවීය. සඳුන් වීරක්කොඩි සහ රොෂේන් සිල්වා ෂෙල්ඩන් කොට්‍රේල්ගේ වේගයට ගොදුරු වෙද්දී නායක ධනංජය ද සිල්වා දැවී ගියේ ඔඩෙන් ස්මිත්ගේ පන්දුවකට කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. මේ අනුව ශ්‍රී ලංකා පළමු කඩුලු 3 ලකුණු 22ක් වෙද්දී  බිඳ වැටුණි.

චරිත් අසලංක සහ නිපුන් කරුණානායක ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 50 පසුකර වර්ධනය කිරීමත් සමඟ නැවතත් ඉනිමේ කඩා වැටීමක් ආරම්භ වුනේ මේ තරග සංචාරය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වරින් වර හිසරදයක් බවට පත්වූ දැවැන්ත රකීම් කෝන්වෝල් ක්‍රියාත්මක වීමත් සමඟයි. ඔහු චරිත් අසලංකගේ ඉනිම ලකුණු 10කට සීමා කරන්නට සමත් විය. කයිල් මේයර්ස් සිය දකුණත් මද වේගපන්දුවෙන් මැද පෙළ කඩුලු 3කට වග කියද්දී කෝන්වෝල් බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 2ක්.

ශෙහාන් මදුෂංක එකදු ලකුණක් හෝ ලබා ගැනීමට අසමත් විය. ෂෙහාන් ජයසූරිය සහ පසුපෙළින් විමුක්ති පෙරේරා ලකුණු 13 බැගින් ලබා ගන්නට සමත් වුවත්, නිපුන් කරුණානායක දියත් කළ හුදකලා සටනට සහය වන්නට හැකි කිසිදු පිතිකරුවෙක් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නොවීය.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගිය නිපුන් කරුණානායක ලකුණු 47ක් රැස් කළේ හතරේ පහර 2ක් සමඟයි. ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමට මුල් ගල් තැබූ ෂෙල්ඩන් කොට්‍රේල් අවසන් කඩුල්ලේ හිමිකම ද තමන් සතු කර ගනිද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 38යි පන්දු 3ක දී ක්‍රියා විරහිත වුනේ ලකුණු 107කටයි.

කොදෙව් ‘ඒ ‘ – සියල්ලන් දැවී – 152 (44.1)  –  ශමාර් බෘක්ස් – 35, අන්ඩ්‍රේ මැකාති – 27, සුනිල් අම්බ්‍රිස් – 20, ජමාර් හැමිල්ටන් – 19, විමුක්ති පෙරේරා – 4/25,ලහිරු කුමාර –  2/30, ශෙහාන් මදුෂංක – 2/35

ශ්‍රී ලංකා ‘ඒ’ – සියල්ලන් දැවී – 107 (38.3) – නිපුන් කරුණානායක – 47, ෂෙහාන් ජයසූරිය – 13, විමුක්ති පෙරේරා – 13, චරිත් අසලංක – 10, ෂෙල්ඩන් කොට්‍රේල් – 4/19, කයිල් මේයර්ස් – 3/24, රකීම් කෝන්වෝල් – 2/23

තරග ප්‍රතිඵලය – බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට ලකුණු 45ක ජයක්.
තරගාවලි ප්‍රතිඵලය – තරග 1 -1 ක් ලෙස ජය පැරදුමෙන් තොරයි.
තරගයේ වීරයා – ෂෙල්ඩන් කොට්‍රේල්

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<