2019 ඇත්තටම නරක ද?

89

ගෙවී ගිය 2019 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එතරම් සුබදායක අයුරින් ගත වූ එකක් නොවේ. දිගින් දිගටම තරග පරාජය වීම්, නායකත්වයේ සිදුවූ වෙනස්වීම්, පරිපාලනයේ සිදු වූ වෙනස් වීම්, පුහුණුකාරීත්වයේ සිදුවූ වෙනස්වීම් වැනි නොයෙකුත් හැල හැප්පීම් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2019 වසර ගෙවා දැමූ ආකාරය පිළිබඳව කෙරෙන පසු විපරමකි මේ.

නව අවුරුදු උදාවේ සිංහයන්ගේ පසුබැස්ම.

2018 වසර පරාජයන් රැසක් මැද අසාර්ථක අයුරින් ගෙවී ගිය නිසාත්, නොවැම්බර් මාසයේ රංගන හේරත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම හේතුවෙන් ටෙස්ට් පන්දු යැවීමේ බල ඇණියේ ඇතිවූ හිඩැස නිසාත් 2018 වසර අවසන් භාගය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටියේ එතරම් යහපත් මානසික මට්ටමකින් නොවේ. මේ නිසාම 2019 නව වසර හොඳින් ආරම්භ කිරීම ඔවුන්ට අත්‍යාවශ්‍ය කාරණයක් වී තිබුණි. 

එසේම මෙම නව වසර ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී වසරක් වූයේ ක්‍රිකට් දැවැන්තයින් සියලු දෙනා එකිනෙකාට එරෙහිව මුහුණට මුහුණ ගැටෙනා ලෝක කුසලාන තරගාවලිය 2019 මැයි මාසයේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නිසාය.

2019 වසර ආරම්භ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටියේ නවසීලන්ත සංචාරයක් අතරතුරය. 2018 වසරේ දෙසැම්බර් මස නවසීලන්තය සමඟින් පැවති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජයට පත් වීමෙන් අනතුරුව කණ්ඩායමේ මානසිකත්වය එතරම් යහපත් මට්ටමක නොපැවතුන ද 2019 ජනවාරි මස 3 වැනිදායින් ආරම්භ වූ එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසුණේ නව වසර ආරම්භයේම ජයග්‍රහණයක් පිළිබඳව නැවුම් බලාපොරොත්තු රැසක් සිත් තුළ රඳවා ගෙනය. 

නමුත් එම බලාපොරොත්තු සාර්ථක ලෙස ඉටු කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයන් කිසිදු ඉඩක් තැබුවේ නැත. තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 45කිනුත්, දෙවැනි තරගය ලකුණු 21කිනුත්, තුන්වැනි තරගය ලකුණු 115කිනුත් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එක්දින තරගාවලිය ද 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

අනතුරුව පැවති 20/20 තරගයෙන්ද ලකුණු 35 කින් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ අනුව 2019 වසරේ සහභාගී වූ පළමු එක්දින හා 20/20 යන තරගාවලි දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වුනේ දරුණු පරාජයකි.

තරගාවලි සාරාංශය

එක්දින තරගාවලිය

පළමු එක්දින තරගය – 2019 ජනවාරි 03 මවුන්ට් මැන්ගනයි හිදී

නවසීලන්තය – 371/7
ශ්‍රි ලංකාව – 326

  • නවසීලන්තයට ලකුණු 45 ක ජයක්.

දෙවන එක්දින තරගය – 2019 ජනවාරි 05 මවුන්ට් මැන්ගනයි හිදී

නවසීලන්තය – 319/7
ශ්‍රි ලංකාව – 298

  • නවසීලන්තයට ලකුණු 45 ක ජයක්.

තුන්වන එක්දින තරගය – 2019 ජනවාරි 08 මවුන්ට් මැන්ගනයි හිදී

නවසීලන්තය – 364/4
ශ්‍රි ලංකාව – 249

  • නවසීලන්තයට ලකුණු 115 ක ජයක්.

නවසීලන්තයට තරග 3 – 0 ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
තිසර පෙරේරා 3 224 1 1 74.66 140
කුසල් ජනිත් පෙරේරා 3 149 1 49.66 102

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
ලසිත් මාලිංග 3 30.0 216 7 7.2 3/93
නුවන් ප්‍රදීප් 3 26.0 208 3 8.0 2/72

20/20 තරගය

එකම 20/20 තරගය – 2019 ජනවාරි 11 ඕක්ලන්ඩ් හිදී 

නවසීලන්තය – 364/4
ශ්‍රි ලංකාව – 249

  • නවසීලන්තයට ලකුණු 115ක ජයක්.

තරගයේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
තිසර පෙරේරා 1 43 43.00 43
කුසල් ජනිත් පෙරේරා 1 23 23.00 23

තරගයේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
කසුන් රාජිත 1 4 44 3 11.0 3/44
ලසිත් මාලිංග 1 4 24 2 6.0 2/24

ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ දණ නැවීම.

අසාර්ථක නවසීලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුවූයේ තවත් දැවැන්ත අභියෝගයකටය. ජනවාරි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වූයේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙනි. 

එහි දී ප්‍රබල ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණිය හමුවේ නැවත වරක් පසු බසින්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදු වූයේ ඉන් පෙර වසරවල දී සේම ඕස්ට්‍රේලියානු තණතීරුවල වේගයට හා ඉපිලීමට අනුගත වීමට ඔවුන්ට නොහැකි වීම නිසාය. තරගාවලියේ පළමු තරගය අතරතුරදී ලහිරු කුමාර ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය තවදුරටත් දුර්වල වූ අතර ඉන් උපරිම ඵල නෙලාගන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් වූහ.

තරග දෙක තුළ දී ම ඕස්ට්‍රේලියානුවන්ගේ ග්‍රහණයෙන් මිදෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නොහැකි වූ අතර පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයේ දී ලකුණු 366 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය.

පළමු තරගයේ පැට් කමින්ස් ගේ හා දෙවන තරගයේ මිචෙල් ස්ටාර්ක්ගේ පන්දු හමුවේ නිරුත්තර වූ ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකුට තරගාවලිය තුළ ශතකයක් වාර්තා කිරීමට හැකියාවක් ලැබුනේ නැත. එහි දී නිරෝෂන් දික්වැල්ල හා දිමුත් කරුණාරත්න යන පිතිකරුවන් දෙදෙනා පමණක් අර්ධ ශතක එක බැගින් වාර්තා කරන්නට සමත් වූහ. පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් පමණක් එක් ඉනිමකදී කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

තරගාවලි සාරාංශය

පළමු ටෙස්ට් තරගය – 2019 ජනවාරි 24-28 බ්‍රිස්බේන් හිදී

ශ්‍රී ලංකාව – 144 & 139
ඕස්ට්‍රේලියාව – 323

  • ඕස්ට්‍රේලියාවට ඉනිමක හා ලකුණු ක ජයක්.

දෙවන ටෙස්ට් තරගය – 2019 පෙබරවාරි 1-4 කැන්බරා හිදී

ඕස්ට්‍රේලියාව – 534/5d & 196/3d
ශ්‍රී ලංකාව – 215 & 149

  • ඕස්ට්‍රේලියාවට ලකුණු 366 ක ජයක්.

ඕස්ට්‍රේලියාවට තරග 2 – 0 ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග ඉනිම් මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
නිරෝෂන් දික්වැල්ල 2 4 140 1 35.00 64
ලහිරු තිරිමාන්න 2 4 115 28.75 41

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග ඉනිම් පන්දුවාර ලකුණු කඩුලු BB
සුරංග ලක්මාල් 1 1 27.0 75 5 5/75
විශ්ව ප්‍රනාන්දු 1 2 41.0 169 4 3/126

නවක කණ්ඩායමක්; නව බලාපොරොත්තුවක්.

ඕස්ට්‍රේලියාවේ දී ලද අමිහිරි පරාජයෙන් පසුව කණ්ඩායමේ වෙනස්කම් රාශියක් සිදුවන බවට ඉඟි පළවී තිබුණි. ඒවා තහවුරු කරමින් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වෙත පිරිනැමීමට ශ්‍රී ලංකා කළමණාකාරීත්වය තීරණය කරන ලදී. 

පෙබරවාරි මස මැද භාගයේ ආරම්භ වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු සංචාරය දිමුත්ගේ පළමු අභියෝගය බවට පත්වූ අතර ඒ සඳහා දිමුත්ට ලබා දුන් කණ්ඩායම ඉතා යොවුන් හා අත්දැකීම් අතින් ඉතා ළාබාල කණ්ඩයමක් විය. 

ජාත්‍යන්තර මාධ්‍ය හා විචාරකයන් විසින් ප්‍රබල ක්‍රීඩකයන් වන හිටපු නායක දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් වැනි ක්‍රීඩකයන් නොමැතිව තරගාවලියට පිවිසුන යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම තුට්ටුවකටවත් මායිම් කළේ නැත. 

තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වනතෙක්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපුරුදු ලෙසින් තම ආධිපත්‍යය පතුරවන්නට සමත් වුවද ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් කුසල් ජනිත් පෙරේරා නොදැවී රැස්කළ ලකුණු 153 නිසා තරගයේ ප්‍රතිඵලය කණපිට පෙරලන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 304ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 9 වැනි කඩුල්ල ලකුණු 226 දී දැවී ගියත්, ඩේල් ස්ටේන්, කගීසෝ රබාඩා වැනි පන්දු යවන්නන් හට දැවැන්ත හයේ පහරවල් එල්ල කරමින් අවසන් පිතිකරු විශ්ව ප්‍රනාන්දු හා එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක නොබිඳුන සම්බන්ධතාවයක් දියත් කළ කුසල් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පමණක් නොව පරාජ රැල්ලකින් හෙම්බත් වී සිටි සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රජාවටම නව ජවයක් එක් කිරීමට සමත් විය.

පළමු තරගයේ ජයෙන් උද්දාමයට පත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවුම් ජවයකින් යුතුව දෙවැනි ටෙස්ට් තරගය වෙත පිවිසුණ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ද කඩුලු 8කින් ජයග්‍රණය කරමින් සමස්ත තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ දකුණු අප්‍රිකානු භූමිය තුළ ආසියාතික කණ්ඩායමක් ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජය වාර්තා කරමිනි. 

ප්‍රබල ඉන්දීය කණ්ඩායමට පවා එම දස්කම දැක්වීමට හැකියාවක් ලැබී නොතිබුන අතර තරගාවලිය පුරාවටම නව නායක දිමුත් කරුණාරත්න විසින් පෙන්වූ නායකත්ව කුසලතාවයන් සියල්ලන්ගේම පැසසුමට ලක්විය.

ටෙස්ට් තරගාවලි සාරාංශය

පළමු ටෙස්ට් තරගය – 2019 පෙබරවාරි 13-17 ඩර්බන් හිදී

දකුණු අප්‍රිකාව – 235 & 259
ශ්‍රී ලංකාව – 191 & 304/9

  • ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක ජයක්.

දෙවන ටෙස්ට් තරගය – 2019 පෙබරවාරි 21-25 පෝට් එලිසබෙත් හිදී 

දකුණු අප්‍රිකාව – 222 & 128
ශ්‍රී ලංකාව – 154 & 197/2

  • ශ්‍රී ලංකාවට කඩුලු 8 ක ජයක්.

ශ්‍රී ලංකාවට තරග 2–0ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග ඉනිම් මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
කුසල් ජනිත් පෙරේරා 2 3 224 1 1 112.0 153*
ඕෂද ප්‍රනාන්දු 2 4 131 1 43.66 75*

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග ඉනිම් පන්දුවාර ලකුණු කඩුලු BB
විශ්ව ප්‍රනාන්දු 2 4 62.3 227 12 4/62
කසුන් රාජිත 2 4 49.4 209 9 3/67

පැරණි මුහුණු; පුරුදු ප්‍රතිඵල.

ටෙස්ට් තරගාවලි විජයග්‍රහණයෙන් පසු කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් ද සමඟින් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟින් එක්දින තරගාවලියට පිවිසුනේ ඉතා හොඳ මානසිකත්වයකිනි. උපුල් තරංග, තිසර පෙරේරා වැනි අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් මෙම එක්දින සංචිතය තුළ ඇතුලත්ව තිබුණි.

නමුත් ටෙස්ට් තරගාවලියේ පරාජයෙන් වියරු වැටී සිටි දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට නැගී සිටීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් තරග 5 කින් යුත් තරගාවලිය 5-0ක් ලෙස ජයගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි. එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීම නිසා ලකුණු 235 සීමාව ඉක්මවා යෑමට ඔවුන්ට එකදු අවස්ථාවක හෝ හැකියාවක් ලැබුනේ නැත. 

ඉන්පසුව පැවති තරග 3කින් යුත් 20/20 තරගාවලිය ද 3-0ක් ලෙස පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. එහි දී ද ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය කණ්ඩායමේ පරාජය සඳහා විශාල දායකත්වයක් සපයන ලදී. 

ඉදිරිපෙළ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වන විට තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන පමණක් යම්තාක් දුරකට හෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අස්වැසිල්ලක් ගෙන එමින් ලකුණු අතරට පිවිසීමට සමත් විය.

තරගාවලි සාරාංශය

එක්දින තරගාවලිය

පළමු එක්දින තරගය – 2019 මාර්තු 03 ජොහැන්නස්බර්ග් හිදි

ශ්‍රි ලංකාව – 231
දකුණු අප්‍රිකාව – 232/2

  • දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක ජයක්

දෙවන එක්දින තරගය – 2019 මාර්තු 06 සෙන්චූරියන් හිදි

දකුණු අප්‍රිකාව – 251
ශ්‍රි ලංකාව – 138

  • දකුණු අප්‍රිකාවට ලකුණු 113 ක ජයක්.

තුන්වන එක්දින තරගය – 2019 මාර්තු 10 ඩර්බන් හිදි

දකුණු අප්‍රිකාව – 331/5
ශ්‍රි ලංකාව – 121/5 (24/24)

  • දකුණු අප්‍රිකාවට ලකුණු 71 ක ජයක් (D/L).

සිව්වැනි එක්දින තරගය – 2019 මාර්තු 13 පෝට් එලිසබෙත් හිදි

ශ්‍රි ලංකාව – 189
දකුණු අප්‍රිකාව – 190/4

  • දකුණු අප්‍රිකාවට කඩුලු 6 ක ජයක්

පස්වැනි එක්දින තරගය – 2019 මාර්තු 16 කේප්ටවුන් හිදි

ශ්‍රි ලංකාව – 225
දකුණු අප්‍රිකාව – 135/2 (28/28 –Target 95)

  • දකුණු අප්‍රිකාවට ලකුණු 41 ක ජයක් (D/L).

දකුණු අප්‍රිකාවට තරග 5 – 0 ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
කුසල් මෙන්ඩිස් 5 202 2 40.40 60
ඕෂද ප්‍රනාන්දු 5 127 25.40 49

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
ධනංජය ද සිල්වා 4 20.0 120 5 5.21 3/41
තිසර පෙරේරා 5 22.5 119 4 5.21 3/26

20/20 තරගාවලිය

පළමු 20/20 තරගය – 2019 මාර්තු 19 කේප්ටවුන් හිදි

ශ්‍රි ලංකාව – 134/7
දකුණු අප්‍රිකාව – 134/8

  • දකුණු අප්‍රිකාවට සුපිරි පන්දුවාරයෙන් ජය.

දෙවන 20/20 තරගය – 2019 මාර්තු 22 සෙන්චූරියන් හිදි

දකුණු අප්‍රිකාව – 180/3
ශ්‍රි ලංකාව – 164/9

  • දකුණු අප්‍රිකාවට ලකුණු 16 ක ජයක්.

තුන්වන 20/20 තරගය – 2019 මාර්තු 24 ජොහැන්නස්බර්ග් හිදි

දකුණු අප්‍රිකාව – 198/2
ශ්‍රි ලංකාව – 137

  • දකුණු අප්‍රිකාවට ලකුණු 45 ක ජයක් (D/L).

දකුණු අප්‍රිකාවට තරග 3-0ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
ඉසුරු උදාන 3 132 1 132.00 84
නිරෝෂන් දික්වැල්ල 3 58 19.33 38

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
ලසිත් මාලිංග 3 12.0 77 3 6.41 2/11
ජෙෆ්රි වැන්ඩසේ 3 11.0 85 2 7.72 1/25

නව නායකයෙක් සමඟින් ලෝක කුසලානයට.

දකුණු අප්‍රිකානු සංචාරයේ සීමිත ඕවර තරග 8ම අඛණ්ඩව පරාජයට පත් වීමෙන් ඇතිවූ කළු පැල්ලමත් සමඟින් 2019 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙතින් ගිලිහී ගොස් තිබුණි. 

ලසිත් මාලිංගගේ නායකත්වය දිගින් දිගටම අසාර්ථක වීම නිසා ඒ වන විට තේරීම් කමිටුව උභතෝකෝටික ගැටලුවකට මුහුණ දී සිටියේය. ලෝක කුසලානය පෙනෙන මානයේ තිබිය දී මාලිංග වෙනුවට ආදේශ කිරීමට වෙනත් සුදුසු නායකයෙක් එක්දින කණ්ඩායම තුළ පෙනෙන මානයක හෝ නොසිටීම නිසා ඔවුන්ගේ ගැටලුව තවත් සංකීර්ණ භාවයට පත්වී තිබුණි.

කෙසේ නමුත් එවකට සිටි තේරීම් කමිටුව හා කළමණාකාරීත්වය එතෙක් පැවති සම්ප්‍රදායන් පසෙක තබා සාර්ථක ටෙස්ට් තරගාවලියක් නිමා කළ ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානයට කැඳවීමටත්, ඔහුට ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය පැවරීමටත් තීරණය කරන ලදි. මෙය බොහෝ විචාරකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් අතර ද දැඩි කතා බහට ලක්වූ කාරණයක් වූයේ දිමුත් වසර 4කින් එක්දින තරගයක් ක්‍රීඩා කර නොතිබීම නිසාය.

දිමුත්ගේ නායකත්වය හා එක්දින ශක්‍යතාවය උරඟා බැලීමට ලැබුණ මුල්ම අවස්ථාව වූයේ ලෝක කුසලානයට පෙර පුහුණුවක් ලෙස පැවති ස්කොට්ලන්තයට එරෙහි එක්දින තරග දෙකයි. ඉන් පළමුවැන්න වර්ෂාවට දියවී ගියත් දෙවන තරගයේ දී කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් දිමුත් පන්දු 88ක් තුළ ලකුණු 77ක් රැස් කිරීමට සමත් වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 322ක් ලබා ගැනීමට සමත් වූයේ කාලයක් තිස්සේ පැවති ලකුණු ඉඩෝරයට තිත තබමිනි.

ස්කොට්ලන්තය හා පැවති එම තරගය ජයග්‍රහණය කළ ද ඉන්පසුව පැවති ලෝක කුසලාන පුහුණු තරග දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූයේ පරාජයන් ය. ඒ ප්‍රභල දකුණු අප්‍රිකා හා ඕස්ට්‍රේලියා කණ්ඩායම් දෙකට එරෙහිවයි. මේ නිසාම බොහෝ විචාරකයන් පවසා තිබුණේ ශ්‍රී ලංකාව තරගාවලිය නිම කරන්නේ 9 වැනි හෝ 10 වැනි ස්ථානයට ඇදවැටෙමින් බවයි.

ලෝක කුසලානයේ මුහුණ දුන් පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය හමුවේ කඩුලු 10ක දැවැන්ත පරාජයකට මුහුණ දෙන්නට සිදු වූ අතර ඉන්පසුව පැවති ඇෆ්ගනිස්ථාන තරගය ලකුණු 34කින් ජය ගැනීමට හැකි වීම ශ්‍රී ලාංකිකයන්ට යම්තාක් දුරකට අස්වැසිල්ලක් ගෙන දෙන්නට සමත් විය. ඉන්පසුව පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන හා බංග්ලාදේශ තරග දෙකම වර්ෂාවට සේදී ගිය අතර ඕස්ට්‍රේලියානුවන්ට එරෙහි තරගය ලකුණු 87කින් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

එසේ නමුත් කිසිවකු නොසිතන මොහොතක අවදිවී සියල්ලන් පුදුම කරවන සිංහයන් මෙන් එක්වරම නැගී සිටී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ පෙර ගමන්කරුවන් වූ එංගලන්තය ලකුණු 20කින් පරාජය කිරීමට සමත් වූයේ සියල්ලන්ම මවිත කරවමිනි. 

කෙසේ වුවත් ඉන්පසුව පැවති දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 9ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 23කින් ජය ගැනීමට සමත් විය.

තරගාවලියේ මුහුණ දුන් අවසන් තරගය ඉන්දියාවට එරෙහිව කඩුලු 7කින් පරාජය වෙමින් තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුවත් තරග 3ක් ජයගෙන තම ගෞරවය යම්තාක් දුරකට හෝ ආරක්ෂා කරගෙන එංගලන්තයෙන් පිටවීමට හැකි වීම ශ්‍රී ලාංකිකයන්ට මහත් වූ අස්වැසිල්ලක් ගෙනදුන් කාරණයක් විය.

ලෝක කුසලාන තරගාවලිය 2019

පළමු තරගය (තරගාවලියේ 3 වැනි තරගය ) නවසීලන්තයට එරෙහිව – 2019 ජුනි 01 දින කාඩිෆ් හිදී

ශ්‍රි ලංකාව – 136
නවසීලන්තය – 137/0

  • නවසීලන්තයට කඩුලු 10ක ජයක්.

දෙවන තරගය (තරගාවලියේ 7 වැනි තරගය ) ඇෆ්ඝනිස්ථානයට එරෙහිව – 2019 ජුනි 04 දින කාඩිෆ් හිදී

ශ්‍රි ලංකාව – 201
ඇෆ්ඝනිස්ථානය -152

  • ශ්‍රි ලංකාවට ලකුණු 34 ක ජයක්.

තෙවන තරගය (තරගාවලියේ 11 වැනි තරගය ) පාකිස්තානයට එරෙහිව – 2019 ජුනි 07 දින බ්‍රිස්ටල් හිදී

  • වර්ෂාව නිසා තරගය අත්හැර දැමීමට සිදුවිය.

සිව්වැනි තරගය (තරගාවලියේ 16 වැනි තරගය ) බංගලාදේශයට එරෙහිව – 2019 ජුනි 11 දින බ්‍රිස්ටල් හිදී

  • වර්ෂාව නිසා තරගය අත්හැර දැමීමට සිදුවිය.

පස්වැනි තරගය (තරගාවලියේ 20 වැනි තරගය ) ඕස්ට්‍රේලියාවට එරෙහිව – 2019 ජුනි 15 දින ඕවල් හිදී

ඕස්ට්‍රේලියාව – 334/7
ශ්‍රි ලංකාව – 247

  • ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක්.

හයවැනි තරගය (තරගාවලියේ 27 වැනි තරගය ) එංගලන්තයට එරෙහිව – 2019 ජුනි 21 දින ලීඩ්ස් හිදී

ශ්‍රි ලංකාව – 232/9
එංගලන්තය – 212

  • ශ්‍රි ලංකාවට ලකුණු 20 ක ජයක්.

හත්වැනි තරගය (තරගාවලියේ 35 වැනි තරගය ) දකුණු අප්‍රිකාවට එරෙහිව – 2019 ජුනි 28 දින කාඩිෆ් හිදී

ශ්‍රි ලංකාව – 203
දකුණු අප්‍රිකාව – 206/1

  • දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක ජයක්.

අටවැනි තරගය (තරගාවලියේ 39 වැනි තරගය ) බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව – 2019 ජුලි 01 දින චෙස්ටලි ස්ට්‍රීට් හිදී

ශ්‍රි ලංකාව – 338/6
බටහිර ඉන්දීය කොදෙව්  -315/9

  • ශ්‍රි ලංකාවට ලකුණු 23 ක ජයක්.

නවවැනි තරගය (තරගාවලියේ 44 වැනි තරගය ) ඉන්දියාවට එරෙහිව – 2019 ජුලි 06 දින ලීඩ්ස් හිදී

ශ්‍රි ලංකාව – 264/7
ඉන්දියාව – 265/3

  • ඉන්දියාවට කඩුලු 7 ක ජයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
කුසල් ජනිත් පෙරේරා 7 273 3 39.00 78
ඇන්ජලෝ මැතිව්ස් 7 244 1 1 40.66 113
දිමුත් කරුණාරත්න 7 222 2 37.00 97

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
ලසිත් මාලිංග 7 61.4 373 13 6.04 4/43
ඉසුරු උදාන 7 51.3 296 6 5.74 2/41
නුවන් ප්‍රදීප් 3 29.0 157 5 5.41 4/31

මාලිංගගේ සමුගැනීම.

තරමක අස්වැසිල්ලක් ගෙන දුන් ලෝක කුසලාන තරගාවලියකින් පසු  ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට මුහුණ දුන් අභියෝගය වූයේ බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයයි. මෙම තරගාවලිය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී එකක් වූයේ එය ලසිත් මාලිංග ගේ අවසන් එක්දින තරගාවලිය වූ බැවිනි. 

එහි දී තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මාලිංග වෙනුවෙන් නම් වූ අතර එම තරගය විශිෂ්ට අයුරින් ජය ගෙන මාලිංගට අමතක නොවෙන සමුගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමත් වූහ. ඉන් නොනැවතුන ඔවුන් ඉතිරි තරග දෙකද ජයගෙන සමස්ත තරගාවලිය 3-0 ලෙසින් ජයග්‍රහණය කරන්නටද සමත් වූහ.

තරගාවලි සාරාංශය

පළමු එක්දින තරගය – 2019 ජුලි 26 ආර්. ප්‍රේමදාස පිටියේදී

ශ්‍රි ලංකාව – 314/8
බංගලාදේශය – 223

  • ශ්‍රී ලංකාවට ලකුණු 91 ක ජයක්.

දෙවන එක්දින තරගය – 2019 ජුලි 28 ආර්. ප්‍රේමදාස පිටියේදී

බංගලාදේශය – 238/8
ශ්‍රි ලංකාව – 242/3

  • ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්.

තෙවන එක්දින තරගය – 2019 ජුලි 31 ආර්. ප්‍රේමදාස පිටියේදී

ශ්‍රි ලංකාව – 294/8
බංගලාදේශය – 172

  • ශ්‍රී ලංකාවට ලකුණු 122 ක ජයක්.

ශ්‍රී ලංකාවට තරග 3 – 0 ක තරගාවලි ජයග්‍රහණයක්.

නවසීලන්තයට එරෙහිව මාලිංගගේ 44

අගෝස්තු මාසයේ මැද භාගයේ දී ටෙස්ට් හා 20/20 තරගාවලි දෙකක් වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයක නිරත විය. එහි දී ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවති ටෙස්ට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාවන්ත ක්‍රීඩාංගණයක් වන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කළත්, බොහෝ විට ශ්‍රී ලංකාවට එතරම් වාසනාවක් හිමි නොවන පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 65කින් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

මෙම තරගාවලිය අතරතුර දඟපන්දු යවන අකිල ධනංජය හට පන්දුව දමා ගැසීමේ චෝදනාව නිසා වසරක කාලයකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ පන්දු යැවීම  තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගන්නා ලදි.

ඉන්පසුව පැවති 20/20 තරගාවලිය තුළදී ද යළි පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම 2-1ක් ලෙස එම තරගාවලිය පරාජයට පත්විය. නමුත් මෙහි දී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති අවසන් 20/20 තරගයේ දී පිට පිටම පන්දු හතරක් තුළ කඩුලු 4ක් දවාගෙන තවත් ලෝක වාර්තාවකට හිමිකම් කීමට මාලිංග සමත් විය.

තරගාවලි සාරාංශය

පළමු ටෙස්ට් තරගය – 2019 අගෝස්තු 14-18 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී

නවසීලන්තය – 249 & 285
ශ්‍රී ලංකාව – 267 & 268/4

  • ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්.

දෙවන ටෙස්ට් තරගය – 2019 අගෝස්තු 22-26 පී.සරවනමුත්තු ක්‍රීඩාංගනයේ දී

ශ්‍රී ලංකාව – 244 & 122
නවසීලන්තය – 431/6 d

  • නවසීලන්තයට ඉනිමක හා ලකුණු 65 ක ජයක්.

තරග 1 – 1 ලෙස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග ඉනිම් මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
දිමුත් කරුණාරත්න 2 4 247 1 1 61.75 122
ධනංජය ද සිල්වා 2 4 129 1 43.00 109

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග ඉනිම් පන්දුවාර ලකුණු කඩුලු BB
අකිල ධනංජය 1 2 62.0 164 6 5/80
ලසිත් ඇඹුල්දෙනිය 2 3 96.0 366 6 4/99

20/20 තරගාවලිය

පළමු 20/20 තරගය – 2019 සැප්තැම්බර් 01 පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී

ශ්‍රි ලංකාව – 174/4
නවසීලන්තය – 175/5

  • නවසීලන්තයට කඩුලු 5 ක ජයක්.

දෙවන 20/20 තරගය – 2019 සැප්තැම්බර් 03 පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී

ශ්‍රි ලංකාව – 161/9
නවසීලන්තය – 165/6

  • නවසීලන්තයට කඩුලු 4 ක ජයක්.

තුන්වන 20/20 තරගය – 2019 සැප්තැම්බර් 06 පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී

ශ්‍රි ලංකාව – 125/8
නවසීලන්තය – 88

  • ශ්‍රී ලංකාවට ලකුණු 37 ක ජයක්.

නවසීලන්තයට තරග 21 ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
කුසල් මෙන්ඩිස් 2 105 1 52.50 79
නිරෝෂන් දික්වැල්ල 3 96 32.00 39

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
ලසිත් මාලිංග 3 12 68 7 5.66 5/6
අකිල ධනංජය 3 11 94 6 8.54 3/36

ඓතිහාසික පාකිස්තානු සංචාරය.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානු සංචාරයක නිරත වූයේ නැත. 2017 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් 20/20 තරගයක් පාකිස්තානයේ ලාහෝර් හීදී ක්‍රීඩා කළ ද පූර්ණ තරග සංචාරයක නිරත වීමට අවස්ථාව හිමිව නොතිබුණි. 

එම අවාසනාවන්ත සිදුවීමෙන් වසර 10ක් ගතවූ තැන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ක්‍රිකට් ඉතිහාසයට නවතම පරිච්ඡේදයක් එක් කරමින් එක්දින තරග 3කින් සහ 20/20 තරග 3කින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා පාකිස්තානය බලා පිටත් විය. 

මෙහි දී ඇතැම් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම නිසා නවකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් තරගාවලියට එක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය තීරණය කළේය. එහි දී එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නටත් 20/20 තරගාවලියේ නායකත්වය දසුන් ශානකටත් පිරිනැමෙන ලදී.

පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අත්හැරීමට සිදු වුවත් දෙවන හා තෙවන එක්දින තරග සාර්ථක අයුරින් පැවැත්වීමට පාකිස්තාන බලධාරීන් පියවර ගෙන තිබුන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් උපරිම ආරක්ෂාවක් යොදවා තිබුණි.

කෙසේ නමුත් අවසන් එක්දින තරග දෙකෙහි ජයග්‍රහණය පාකිස්තානු කණ්ඩායමට හිමිවූ අතර ඔවුන් එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූහ. තරගාවලිය පරාජයට පත් වූ නමුත් යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තමාට හිමිවූ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීමට සමත් වීම මෙහි දී කැපී පෙනුණි.

මෙය වඩාත් හොඳින් ප්‍රදර්ශනය වූයේ 20/20 තරගාවලිය අතරතුරයි. එහි දී 20/20 ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ රැඳී සිටි පාකිස්තානු කණ්ඩායම 3-0ක් ලෙස පරාජයට පත් කිරීමට යොවුන් ක්‍රීඩකයන්ගෙන් සපිරි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ බොහෝ විචාරක මත පුස්සක් පවට පත් කරමිනි.

මෙම සංචාරයේ දී ප්‍රබලයන්ගේ විවේක ගැනීමෙන් උපරිම ඵල නෙලා ගැනීමට වනිදු හසරංග, භානුක රාජපක්ෂ වැනි යොවුන් ක්‍රීඩකයන් සමත් වූ අතර දසුන් ශානකගේ නායකත්වය ද විචාරකයන්ගේ පැසසුමට ලක් වූ කරුණක් විය.

එක්දින තරගාවලිය

පළමු එක්දින තරගය – 2019 සැප්තැම්බර් 27 කරච්චි හිදි

  • වර්ෂාව නිසා තරගය අත්හැර දැමීමට සිදුවිය.

දෙවන එක්දින තරගය – 2019 සැප්තැම්බර් 30 කරච්චි හිදි

පාකිස්තානය – 305/7
ශ්‍රි ලංකාව – 238

  • පාකිස්තානයට ලකුණු 67 ක ජයක්.

තුන්වන එක්දින තරගය – 2019 ඔක්තෝබර් 02 කරච්චි හිදි

ශ්‍රි ලංකාව – 297/9
පාකිස්තානය – 299/5

  • පාකිස්තානයට කඩුලු 5 ක ජයක්.

පාකිස්තානයට තරග 20 ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
ධනුෂ්ක ගුණතිලක 2 147 1 73.50 133
දසුන් ශානක 2 111 1 55.50 68

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
වනිඳු හසරංග 2 20.0 117 3 5.85 2/63
නුවන් ප්‍රදීප් 2 18.2 112 2 6.10 2/53

20/20 තරගාවලිය

පළමු 20/20 තරගය – 2019 ඔක්තෝබර් 05 ලාහෝර් හිදි

ශ්‍රි ලංකාව – 165/5
පාකිස්තානය – 101

  • ශ්‍රී ලංකාවට ලකුණු  64 ක ජයක්.

දෙවන 20/20 තරගය – 2019 ඔක්තෝබර් 07 ලාහෝර් හිදි

ශ්‍රි ලංකාව – 182/6
පාකිස්තානය – 147

  • ශ්‍රී ලංකාවට ලකුණු  35 ක ජයක්.

තුන්වන 20/20 තරගය – 2019 ඔක්තෝබර් 09 ලාහෝර් හිදි

ශ්‍රි ලංකාව – 147/7
පාකිස්තානය – 134/6

  • ශ්‍රී ලංකාවට ලකුණු  13 ක ජයක්.

ශ්‍රී ලංකාවට තරග 30 ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
භානුක රාජපක්ෂ 3 112 1 37.33 77
ධනුෂ්ක ගුණතිලක 3 80 1 26.66 57

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
වනිඳු හසරංග 3 12.0 79 8 6.58 3/21
නුවන් ප්‍රදීප් 2 7.0 46 7 6.57 4/25

ඕස්ට්‍රේලියානු 20/20 සංචාරය

ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට පැවරී තිබුන අභියෝගය නම් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව 20/20 තරග 3කින් සමන්විත වූ සංචාරයයි. ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ සංචාරයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි දී ද සිදු වූයේ තරග 3න් ම පරාජයට පත් වන්නට ය. 

තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මෙල්ල කිරීමට කිසිම ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට නොහැකි වූ අතර රිසි සේ ලකුණු රැස් කරමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවන් රැස් කිරීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. ශ්‍රී ලංකාවට යම්තාක් දුරකට හෝ අස්වැසිල්ලක් ගෙන දුන්නේ කුසල් ජනිත් පෙරේරාගේ පිතිකරණය පමණි. ඒ අනුව 2019 වසරේ අවසන් 20/20 තරගාවලිය අවසන් වූයේ තරග 3-0ක පරාජයක් ශ්‍රී ලංකාවට අත්කර දෙමිනි.

පළමු 20/20 තරගය – 2019 ඔක්තෝබර් 27 ඇඩිලේඩ් හිදි

ඕස්ට්‍රේලියාව  -233/2
ශ්‍රි ලංකාව – 99/9

  • ඕස්ට්‍රේලියාවට ලකුණු  134 ක ජයක්.

දෙවන 20/20 තරගය – 2019 ඔක්තෝබර් 30 බ්‍රිස්බේන් හිදි

  • ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්.

තුන්වන 20/20 තරගය – 2019 නොවැම්බර් 01 මෙල්බර්න් හිදි

ශ්‍රි ලංකාව – 142
ඕස්ට්‍රේලියාව – 145/3

  • ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්.

ඕස්ට්‍රේලියාවට තරග 30 ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
කුසල් ජනිත් පෙරේරා 3 100 1 33.33 57
අවිශ්ක ප්‍රනාන්දු 2 37 18.50 20

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
ලසිත් මාලිංග 3 11.0 82 2 7.45 1/22
දසුන් ශානක 2 1.0 10 1 10.00 1/10

2019 වසරේ අවසන් තරගාවලිය.

පුහුණුකාරීත්වයේ වෙනස්කම් කිහිපයක් සමඟින් 2019 වසරේ අවසන් තරගාවලිය ලෙසින් ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පාකිස්තානයේ ටෙස්ට් තරග 2කින් සමන්විත සංචාරයක් සඳහා සහභාගී විය. නැවත වතාවක් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වූ මෙම තරගාවලියේ පළමු තරගය 2009 වසරෙන් පසුව පාකිස්තානය තුළ ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පැවැත්වූ පළමු අවස්ථාව බවට පත් විය.

වරින් වර වර්ෂාවෙන් බාධා එල්ල වූ තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් දුර්වල පිතිකරණය හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයෙන් දැවැන්ත පරාජයක් උරුම කර ගන්නට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට සමත් වුනේ පාකිස්තානු කණ්ඩායමයි.

පළමු ටෙස්ට් තරගය – 2019 දෙසැම්බර් 11-15 රාවල්පින්ඩි හිදි

ශ්‍රි ලංකාව – 308/6
පාකිස්තානය –   252/2

  • තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

දෙවන ටෙස්ට් තරගය – 2019 දෙසැම්බර් 19-23 කරච්චි හිදි

පාකිස්තානය – 191 & 555/3 d
ශ්‍රි ලංකාව – 271 & 212

  • පාකිස්තානයට ලකුණු 263 ක ජයක්.

පාකිස්තානයට තරග 10 ක තරගාවලි ජයග්‍රහණයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් 

ක්‍රීඩකයාගේ නම තරග ඉනිම් මුළු ලකුණු 100’s 50’s සාමාන්‍යය වැඩිම ලකුණු
ඕෂද ප්‍රනාන්දු 2 3 146 1 48.66 102
ධනංජය ද සිල්වා 2 3 134 1 72.00 102*

තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ දස්කම්

ක්‍රීඩකයාගේ නම තරග පන්දුවාර ලකුණු කඩුලු ල.ල.සාමාන්‍යය BB
ලහිරු කුමාර 2 61.0 234 7 3.28 4/49
ලසිත් ඇඹුල්දෙනිය 1 70.3 264 5 3.61 4/71

සමස්තයක් වශයෙන් 2019 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එතරම් සුභදායක එකක් වූයේ නැත. 2019 වසර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය පරාජ සටහන දැක්වෙන්නේ පහත පරිදිය.

ටෙස්ට් තරග

කණ්ඩායම තරග ජය පරාජ ලකුණු සම ජය පරාජයෙන් තොර ජයග්‍රාහී ප්‍රතිශතය
ශ්‍රී ලංකාව 8 3 4 0 1 37.50%

එක්දින තරග

කණ්ඩායම තරග ජය පරාජ ලකුණු සම ජය පරාජයෙන් තොර ජයග්‍රාහී ප්‍රතිශතය
ශ්‍රී ලංකාව 21 7 14 0 0 33.33%

20/20 තරග

කණ්ඩායම තරග ජය පරාජ ලකුණු සම ජය පරාජයෙන් තොර ජයග්‍රාහී ප්‍රතිශතය
ශ්‍රී ලංකාව 13 4 8 1 0 30.76%

2019 වසරේ පිතිකරුවන් හා පන්දු යවන්නන් ටෙස්ට්, එක්දින හා 20/20 තරගවල වෙන් වෙන් වශයෙන් දැක්වූ දස්කම්වල සාරාංශයක් පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 වසරේ හිමිවී තිබුණේ ටෙස්ට් තරග 8ක් පමණි. එහි දී නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නමුත් ඔහුගේ සාමාන්‍ය දැක්වුනේ 35.13ක් වශයෙනි. වැඩිම කඩුලු ලාභියා වූ විශ්ව ප්‍රනාන්දු තරග 5ක් තුළ කඩුලු 18ක් දවා ගැනීමට සමත් විය.

2019 වසර තුළ ටෙස්ට් පිටියේ පිතිකරණ දක්ෂතා

නම තරග ඉනිම් නොදැවීම් ලකුණු වැඩිම ලකුණු සාමාන්‍ය පහරදීමේ වේගය 100 50 0 4s 6s
දිමුත් කරුණාරත්න 8 15 0 527 122 35.13 47.30 1 3 0 55 1
නිරෝෂන් දික්වැල්ල 8 13 0 421 65 32.38 62.09 0 4 2 49 2
ධනංජය ද සිල්වා 8 14 2 403 109 33.58 57.24 2 0 1 53 4
කුසල් මෙන්ඩිස් 8 15 1 313 84* 22.35 53.32 0 2 2 41 3
ඕෂධ ප්‍රනාන්දු 4 7 1 277 102 46.16 53.99 1 1 1 36 3

2019 වසර තුළ ටෙස්ට් පිටියේ පන්දු යැවීමේ දක්ෂතා

නම තරග ඉනිම් පන්දු වාර නිලකුණු පන්දු වාර ලබාදුන් ලකුණු කඩුලු ඉනිමක හොඳම පන්දු යැවීම කඩුලු දවාගැනීමේ වේගය පන්දු වාරයකට ලකුණු
විශ්ව ප්‍රනාන්දු 5 9 153.3 16 581 18 4/62 32.27 3.78
ලසිත් ඇඹුල්දෙනිය 5 8 208.0 20 743 17 5/66 43.70 3.57
සුරංග ලක්මාල් 5 8 131.5 31 326 14 5/75 23.28 2.47
කසුන් රාජිත 4 7 96.4 13 381 13 3/67 29.30 3.94
ලහිරු කුමාර 5 7 121.0 20 454 11 4/49 41.27 3.75

පන්දු වාර 50 තරගවල දී පිත්තෙන් වැඩිම දස්කම් දැක්වීමට සමත් වූයේ කුසල් ජනිත් පෙරේරා ය. ලෝක කුසලාන තරගාවලිය තුළ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා බවට පත් වූයේ කුසල්ය.

එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ලසිත් මාලිංගයි. මාලිංග තරග 16 ක් තුළ බිඳ දැමූ කඩුලු ප්‍රමාණය 27කි.

2019 වසර තුළ එක්දින පිටියේ පිතිකරණ දක්ෂතා

නම තරග ඉනිම් නොදැවීම් ලකුණු වැඩිම ලකුණු සාමාන්‍ය පහරදීමේ වේගය 100 50 0 4s 6s
කුසල් ජනිත් පෙරේරා 16 15 0 646 111 43.06 99.84 2 3 0 79 4
කුසල් මෙන්ඩිස් 19 19 1 587 66 32.61 77.13 0 4 2 44 9
අවිශ්ක ප්‍රනාන්දු 14 14 0 447 104 31.92 96.75 1 2 1 50 10
ඇන්ජලෝ මැතිව්ස් 11 11 2 432 113 48.00 82.60 1 3 2 38 5
දිමුත් කරුණාරත්න 11 11 1 396 97 39.60 75.42 0 3 1 40 0

 

2019 වසර තුළ එක්දින පිටියේ පන්දු යැවීමේ දක්ෂතා

නම තරග ඉනිම් පන්දු වාර නිලකුණු පන්දු වාර ලබා දුන් ලකුණු කඩුලු ඉනිමක හොඳම පන්දු යැවීම පන්දු වාරයකට ලකුණු කඩුලු දවාගැනීමේ වේගය
ලසිත් මාලිංග 16 16 140.2 7 831 27 4/43 5.92 31.1
නුවන් ප්‍රදීප් 11 11 99.2 5 615 19 4/31 6.19 31.3
ධනංජය ද සිල්වා 15 14 90.2 1 470 12 3/32 5.20 45.1
ඉසුරු උදාන 13 13 94.3 1 547 12 2/41 5.78 47.2
තිසර පෙරේරා 16 16 95.1 2 565 8 3/26 5.93 71.3

20/20 පිටියේ වැඩිම ලකුණු ලාභියා වන්නට ඉසුරු උදාන සමත් වූ අතර 20/20 තරග වල පිතිකරුවන්ගේ අසාර්ථකත්වය ඉන් මනාව පෙනී යයි. 20/20 පන්දු යැවීමේ දී යළිත් වරක් පෙරමුණ ගැනීමට ලසිත් මාලිංග සමත් වූයේ තරග 10ක් තුළ කඩුලු 14ක් බිඳ දමමිනි.

2019 වසර තුළ 20/20 පිටියේ පිතිකරණ දක්ෂතා  

නම තරග ඉනිම් නොදැවීම් ලකුණු වැඩිම ලකුණු සාමාන්‍ය පහරදීමේ වේගය 100 50 0 4s 6s
ඉසුරු උදාන 9 9 4 185 84* 37.00 159.48 0 1 0 11 12
නිරෝෂන් දික්වැල්ල 9 9 0 177 39 19.66 143.90 0 0 2 20 3
අවිශ්ක ප්‍රනාන්දු 10 10 0 148 37 14.80 94.87 0 0 1 9 3
කුසල් ජනිත් පෙරේරා 7 7 0 148 57 21.14 119.35 0 1 0 12 3
ධනුෂ්ක ගුණතිලක 6 6 0 142 57 23.66 121.36 0 1 0 20 2

 

2019 වසර තුළ 20/20 පිටියේ පන්දු යැවීමේ දක්ෂතා  

නම තරග ඉනිම් පන්දු වාර නිලකුණු පන්දු වාර ලබාදුන් ලකුණු කඩුලු ඉනිමක හොඳම පන්දු යැවීම පන්දු වාරයකට ලකුණු කඩුලු දවා ගැනීමේ වේගය
ලසිත් මාලිංග 10 10 39.0 1 251 14 5/6 6.43 16.7
වනිඳු හසරංග 8 8 25.4 0 204 12 3/21 7.94 12.8
අකිල ධනංජය 6 6 23.0 0 195 8 3/36 8.47 17.2
නුවන් ප්‍රදීප් 5 5 17.4 0 120 8 4/25 6.79 13.2
ඉසුරු උදාන 9 8 26.1 0 228 7 3/11 8.71 22.4

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<