ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම සුපිරි අටෙන් ඉවතට

282

තායිලන්තයේ නකහොන් පාතොම් හිදී පැවැත්වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු බීච් වොලිබෝල් ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා බාලක හා බාලිකා කණ්ඩායම් දෙකම අවාසනාවන්ත ලෙස අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත්විය.

ප්‍රබල ජපානය පරදා ශ්‍රී ලංකාවට ජය

තාලියන්තයේ ‘Nakhon Pathom’ හිදී පැවැත්වෙන 2018 වයස අවුරුදු 19න් පහළ වෙරළ වොලිබෝල් ……..

ශ්‍රී ලංකා බීච් වොලිබෝල් බාලක කණ්ඩායම මූලික වටයේ දී ප්‍රබල ජපානය හා පිලිපීනය පරාජය කරමින් සුපිරි 16 දෙනාගේ තරග වටයට අවතීර්ණ විය. එහි දී මහේල ඉන්දීවර හා කවිඳු මාලින්ද හොංකොං දේශයේ වයි. එච්. කොවොක් හා එස්. එච්. කාන් හමුවේ ලකුණු 21-16ක් හා ලකුණු 21-16ක් ලෙස තරග වට 2/0ක් ලෙස හොංකොං කණ්ඩායම පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට අවතීර්ණ විය.

එම අර්ධ අවසන් පූර්ව වටයේ (සුපිරි අට වටයේ) ශ්‍රී ලංකා බාලක බීච් වොලිබෝල් කණ්ඩායමට මුණගැසුණු ඉන්දුනීසියානු කණ්ඩායමේ දනංන්ග් හර්ලම්බග් හා බින්ටෑන්ග් අක්බාර් හමුවේ ලකුණු 21-11ක් හා ලකුණු 21-13ක් ලෙස පරාජයට පත්විය.

ශ්‍රී ලංකා බාලිකා බීච් වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ රශ්මි දිව්‍යාංජලී හා දිලුක්ෂි හර්ෂනී මූලික වටයේ දී තායිලන්තයේ ටැනන්/ නාරාතොන් යන ක්‍රීඩිකාවන් දෙදෙනා හමුවේ පරාජය වුවත්, සිංගප්පූරු කණ්ඩායම පිළිවෙළින් ලකුණු 21-17ක් හා ලකුණු 21-14ක් ලෙස පරාජය කරමින් සුපිරි අට වටයේ සිය ස්ථානය වෙන්කරවා ගන්නට ඔවුන් සමත් විය.

19න් පහළ ආසියානු බීච් වොලිබෝල් ශූරතාවයට ශ්‍රී ලංකාවත්

දෙවන වරටත් පවත්වන වයස අවුරුදු 19න් පහළ ආසියානු බීච් වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා…..

නමුත් ඉන්දුනීසියානු කණ්ඩායම නියෝජනය කළ විට්රියා රහායු හා රාගිල් නිනග්ට්යාස් ශ්‍රී ලංකා බාලිකාවන් හට ප්‍රබල තරගයක් දෙමින් ලකුණු 21-13ක් හා ලකුණු 21-11ක් ලෙස තරගය ජයග්‍රහණය කරන ලදි.

“අපි පහසුවෙන්ම අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරග වැදුණා. නමුත් ඔවුන්ගේ අපේ කණ්ඩායමෙන් වුනාට වඩා වැඩිපුර අඩුපාඩු ඔවුන් අතින් වුනා.“  යැයි ඉන්දුනීසියානු බාලිකා කණ්ඩායම නියෝජනය කළ විට්රියා රහායු ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ.

අවසානයේ මෙම තරගාවලියේ බාලක අංශයේ ශූරතාවය ඉන්දුනීසියාව විසින් දිනාගත් අතර බාලිකා අංශයේ ශූරතාවය තායිලන්ත කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලදි.

බාලක තරග ප්‍රතිඵල

අර්ධ අවසන් පූර්ව තරග
  • තායිලන්තය හා චීනය 2-1 (21-15, 19-21, 20-18)
  • කසකස්තානය හා ඉරානය  2-0 (21-18, 21-12)
  • ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව 2-0 (21-11, 21-13)
  • පාකිස්තානය හා ඕමානය 2-1 (18-21, 21-14, 15-10)
අවසන් පූර්ව තරග
  • ටැනන්/ නාරාතොන් (තායිලන්තය) හා අබ්දුල් මජීඩ් / අල්ඩාශ් (කසකස්තානය) 2-1 (21-9, 19-21, 15-4)
  • දනංන්ග් / බින්ටෑන්ග් (ඉන්දුනීසියාව) හ සාර්නැබ්/අෆාක් (පාකිස්තානය) 2-0 (21-17, 21-17)
තෙවන ස්ථානය සඳහා පැවැත්වූ තරගය
  • අබ්දුල් මජීඩ් / අල්ඩාශ් (කසකස්තානය) හා සාර්නැබ්/අෆාක් (පාකිස්තානය) 2-0 (21-11, 21-11)
    අවසන් මහා තරගය
  • දනංන්ග් / බින්ටෑන්ග් (ඉන්දුනීසියාව) හා ටැනන්/ නාරාතොන් (තායිලන්තය) 2-1 (14-21, 27-25, 15-13)

බාලිකා තරග ප්‍රතිඵල

අර්ධ අවසන් පූර්ව තරග
  • තායිලන්තය හා වියට්නාමය 2-0 (21-13, 23-21)
  • ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව 2-0 (21-13, 21-11)
  • කසකස්තානය හා ජපානය 2-1 (22-24, 21-16, 15-12)
  • චීනය හා හොංකොං 2-0 (21-6, 21-13)
අවසන් පූර්ව තරග
  • තැට්සාරිදා/පවරුන් (තායිලන්තය) හා විට්රියා/රාගීල් (ඉන්දුනීසියාව) 2-0 (21-10, 23-21)
  • නේග්/චාඕ (චීනය) හා අලීනා/යෙලිස්වෙටා (කසකස්තානය) 2-0 (21-17, 25-23)
තෙවන ස්ථානය සඳහා පැවැත්වූ තරගය
  • අලීනා/යෙලිස්වෙටා (කසකස්තානය) හා විට්රියා/රාගීල් (ඉන්දුනීසියාව) 2-0 (21-16, 21-18)
    අවසන් මහා තරගය
  • තැට්සාරිදා/පවරුන් (තායිලන්තය) හා නේග්/චාඕ (චීනය) 2-0 (21-15, 21-18)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<