2016ට පසුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයට!

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2020

54

2020 වසර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් කාර්‍ය බහුල තරග කාලසටහනක් තිබෙන වසරක. එය, එළඹෙන ජනවාරි මස 16 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සමඟ ආරම්භ වනු ඇත. 

ටෙස්ට් තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (27) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 

නාලන්දාවට දැවැන්ත ජයක් හිමි වන විට මහානාමයට කාලය හරස් වෙයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…..

ශ්‍රී ලංකා කණ්ඩායමට  නව වසර ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගාවලිය වන්නේ ඉන්දීය තරග සංචාරය වන අතර විස්සයි විස්ස තරග 3කින් සමන්විත එම තරගාවලිය ජනවාරි 5 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. එම තරගාවලිය ICC ඉදිරි වර්ෂයන් සඳහා වන තරග කාලසටහන (FTP) තුල ඇතුළත් වී නොතිබුණි.

කෙසේ නමුත් ජනවාරි මස මුල දී සිම්බාබ්වේ කණ්ඩායම ඉන්දීය තරග සංචාරයක් (විස්සයි විස්ස තරග 3කට) සඳහා සූදානම් වී සිටි නමුත් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට පසුගිය වසරේ ජූලි 18 වැනිදා පැනවුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම නිසාවෙන් එම තරගාවලිය අත්හැර දැමීමට තරග සංවිධායකයින් හට සිදු විය. ඒ නිසා එම තරගාවලිය පැවැත්වීමට සූදානමින් සිටි කාලරාමුව තුල ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කළේය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ICC ඉදිරි වර්ෂයන් සඳහා වන තරග කාලසටහන තුල ඇතුලත්ව තිබුණි. සිම්බාබ්වේ කණ්ඩායමේ තිබූ මතභේදාත්මක තත්වය නිසාවෙන් එම තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසන් තීරණයක ගෙන නොතිබූ නමුත් සිම්බාබ්වේ කණ්ඩායමට ICC විසින් පනවා තිබූ තරග තහනම පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඉවත් වීමත් සමඟම එම තරගාවලිය පැවැත්වීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (27) තහවුරු කර ඇත.

ලොහාන් සහ රුවින් පන්දු යැවීමෙන් මැජික් පෙන්වයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ….

“ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන ඊළඟ ටෙස්ට් තරගාවලිය වන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියයි. ටෙස්ට් තරග දෙකකින් සමන්විත ඒ තරගාවලිය ජනවාරි 16 වැනිදා ආරම්භ වනවා. ICCය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමෙන් පසුව එරට දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (27) නිකුත් කර තිබෙන නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. 

මේ තරග සංචාරය සුපුරුදු පරිදි ක්‍රියාත්මක වුවහොත් 2017 වසරේ නොවැම්බර් 2 වැනිදාට පසුව සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව එය වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අවසන් වරට පවත්වා තිබෙන ටෙස්ට් තරග 8ම ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන අතර 2016 නොවැම්බර් මාසයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් සිම්බාබ්වේ දේශයට යන පළමු අවස්ථාව මෙය වනු ඇත.

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට සමීප කිරීමට ThePaapre.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePaapre.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<