අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරග මේ සති අන්තයේ

940

කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලිය එළඹෙන සෙනසුරාදා (10) සහ ඉරිදා (11) යන දිනවල දී කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ගියවර ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සෙනසුරාදා පෙ.ව. 12.30 සිට ප.ව. 6.00 දක්වාත්, ඉරිදා පෙ.ව. 1.00 සිට 6.00 දක්වාත් තරග පැවැත්වේ.

මෙම තරගාවලිය පෙර වසරේ දී නොපැවැත්වුණේ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලිය පැවැත්වීම හේතුවෙනි. සත්සාමාජික රග්බි තරග ඔලිම්පික් තරග බිමට පත්වීම නිසා ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් සත්සාමාජික රග්බි තරගාවලි පැවැත්වීමේ වැඩි අවධානයක් යොමු කෙරේ. පසුගිය වසරේ ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකාවට දෙවන ස්ථානය ද හිමි විය.

එම ස්ථානය රඳවා ගැනීම අභියෝගයක් විය හැක්කේ පසුගිය ලෝක සත්සාමාජික රග්බි තරගාවලියේ දී ජපානයට අවසන් ස්ථානය හිමි වූ බැවින් ඔවුන් මෙම තරගාවලිය ජය ගැනීමේ අදහසින්ම ආසියානු තරග පිටියට පිවිසිය හැකි බැවිනි.

පසුගිය වසරේ පැවති අවසන් මහා තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව 17-10ක් ලෙස ජය ගත්තේය. මේ වසරේ දී CR & FC, හැව්ලොක් සහ CH & FC යන කණ්ඩායම් පළමු ස්ථානය ලබා ගැනීමේ අදහසින් තරගාවලියට එක්වෙනු ඇත. ගුවන් හමුදා, නාවික හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජ ද වඩා උනන්දුවකින් තරගාවලියට එක්වන බව සනාථ ය.

ThePapare.com වෙත අදහස් දැක්වූ මහනුවර ක්‍රීඩා සමාජයේ සභාපති ලශාන් විජේසූරිය මහතා පවසා සිටියේ,

“සුපර් සෙවන්ස් තරගාවලියටත්, වෙළඳසේවා තරගාවලියටත් ක්‍රීඩකයන් සහභාගී කළ යුතු නිසා සහ පහළොස් සාමාජික තරගාවලියේ මූලික වටයේ දී අපට ක්‍රීඩකයන්ගේ නැවුම් දක්ෂතා අවශ්‍ය නිසා අපි ඔවුන්ව මේ තරගාවලිය වෙතට තල්ලු කරන්නේ නෑ.”

සහභාගී වන කණ්ඩායම්

  • CR & FC – A කණ්ඩායම
  • CR & FC – B කණ්ඩායම
  • CH & FC කණ්ඩායම
  • පොලිස් – A කණ්ඩායම
  • පොලිස් – B කණ්ඩායම
  • හැව්ලොක් කණ්ඩායම
  • යුධ හමුදා – A කණ්ඩායම
  • යුධ හමුදා – B කණ්ඩායම
  • නාවික හමුදා – A කණ්ඩායම
  • නාවික හමුදා – B කණ්ඩායම
  • ගුවන් හමුදා – A කණ්ඩායම
  • ගුවන් හමුදා – B කණ්ඩායම
  • පීටසන් කණ්ඩායම

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට