තරංගගේ සුපිරි ශතකයෙන් ටැමිල් යූනියන්ට ජය

157
SLC

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ සීමිත පන්දුවාර තරගවලියේ ඊයේ (12) පැවති තරගවලින් රාගම ක්‍රීඩා සමාජය, බදුරලිය ක්‍රීඩා සමාජය, CCC, ටැමිල් යූනියන් හා යුධ හමුදා ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කළ අතර තරග හතරක් නිමා වූයේ වර්ෂාව තරගයේ ප්‍රතිඵලය තීරණය කරමිනි.

දිනයේ වාර්තා වූ එකම ශතකය වාර්තා කරමින් තරංග පරණවිතාන ලකුණු 118ක් වාර්තා කිරීමට සමත්වූ අතර පරණවිතානගේ සුපිරි ඉනිම නිසා නාවික හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් ටැමිල් යූනියන් කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය. පන්දුවාර 50 තුල දී ටැමිල් යූනියන් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 262ක් වාර්තා කිරීමට සමත්වූ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 250ක ඉලක්කයක් හඹා ගිය නාවික හමුදා කණ්ඩායම ලකුණු 161කට සීමා කිරීමට ටැමිල් යූනියන් පන්දු යවන්නෝ සමත් වූහ.

බදුරලිය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කටුනායක දී තරග වැදුණු අතර තියුණු තරගයකට පසු කඩුලු දෙකක ජයක් හිමි කර ගැනීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත්විම. ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී සිය ඉලක්කය සපුරා ගත් අතර අවසාන පන්දු වාරයේ රැස්කර ගැනීමට තිබූ ලකුණු 9ක් ඔවුන් පන්දු 5ක් තුල දී රැස්කර ගනිමින් අවසන් මොහොතේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලකුණු 81ක් රැස්කරමින් ටෙස්ට් ක්‍රීඩක රොෂේන් සිල්වා රාගම ක්‍රීඩා සමාජයට ජය ගෙන දුන් අතර අවසාන පන්දු වාරයේ පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබිය දී කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩා සමාජයට හැකි විය.

ලන්කන් ක්‍රීඩා සමාජයේ කඩුලු පහක් උදුරා ගත් රුචිර තාරින්ද යුධ හමුදා ක්‍රීඩා සමාජයට ජයගෙන ඒමට සමත්වූ අතර පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 82ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට CCC ක්‍රීඩා සමාජය සමත් විය.

කොල්ට්ස් හා හලාවත අතර තරගය (තීරණයක් නොමැත)

කොළඹ කොල්ට්ස් ක්‍රිකට් සමාජය 101/6 (22) අවිශ්ක ප්‍රනාන්දු 27, දිල්රුවන් පෙරේරා 21, මලින්ද පුෂ්පකුමාර 3/22

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය 66/3(8) ෂෙහාන් ජයසූරිය 40


ටැමිල් යූනියන් හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය (ටැමිල් යූනියන් කණ්ඩායමට ලකුණු 88ක ජයක් – ඩක්වර්ත් ලුවිස්)

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය 262/8 (46) තරංග පරණවිතාන 118, සිතාර ගිම්හාන් 53, කුසල් එදුසුරිය 2/34, ඉශාන්  අබේසේකර 2/44, නුවන් සම්පත් 2/55

නාවික හමුදා ක්‍රීඩා සමාජය 161(34) බුද්ධික හසරංග 36, කුසල් එදුසුරිය 34, දිනුක් වික්‍රමනායක 3/43, ප්‍රමෝද් මදුෂාන් 2/33,රමිත් රඹුක්වැල්ල 2/37


ගුවන් හමුදා හා බදුරලිය අතර තරගය (බදුරලියට කඩුලු දෙකක ජයක්)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 263/8 (50) S. L. ප්‍රනාන්දු 75, රෝස්කෝ තටිල් 71, ෂොහාන් රංගික 28, දිලිප් තාරක 25, චාමිකර හේවගේ 24, අසංක සිල්වා 2/47, දිලේෂ් ගුණරත්න 2/54

බදුරලිය ක්‍රීඩා සමාජය 267/8 (49.5) පැතුම් නිස්සංක 58,සංජය චතුරංග 48, නදීර නාවෙල 36, ශිරාන් රත්නායක 32, දිහාන් කුරේ 30, රමිඳු ද සිල්වා 25, ෂොහාන් රංගික 2/53


මීගමුව ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රිකට් සමාජය (රාගමට කඩුලු දෙකක ජයක්)

මීගමුව ක්‍රීඩා සමාජය 233 (49.3) අකීල් ඉන්හාම් 89, තරිඳු වීරසිංහ 29, ප්‍රවීන් ප්‍රනාන්දු 27, සහන් නානායක්කාර 3/31, ඉශාන් ජයරත්න 3/51.                                                                                                                                               රාගම ක්‍රීඩා සමාජය 234/8 (49.3) රොෂේන් සිල්වා 81*, ලහිරු මිලන්ත 78, නිශාන් පිරිස් 22*, සෙව්වන්ද සිල්වා 2/37, සෙහාන් වීරසිංහ 2/40


BRC හා NCC අතර තරගය (තීරණයක් නැත)

BRC ක්‍රීඩා සමාජය 121/5 (21) රුමේෂ් බුද්ධික50*, දේශාන් ඩයස් 33, ෆර්විස් මහරුෆ්


මුවර්ස් හා සිංහල ක්‍රීඩා සමාජය අතර (තීරණයක් නැත)

මුවර්ස් ක්‍රීඩා සමාජය 94/3 (16) ඉරෝෂ් සමරසූරිය 31, අදිශ තිලංචන 26*, පබසර වඩුගේ 23, ජෙෆ්රි වැන්ඩර්සේ 2/30     


බ්ලුම්ෆීල්ඩ් හා කළුතර අතර තරගය (තීරණයක් නැත)

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය 156/7 (25) ලහිරු ජයකොඩි 40, අදීශ නානායක්කාර 32, රමේෂ් මෙන්ඩිස් 31, නිපුන කාරියවසම් 3/27, පසිදු මදුශාන් 2/17

කළුතර නගර ක්‍රීඩා සමාජය 67/8 (12) එරංග රත්නායක 26, නිපුන කරුණානායක2/02, රමේෂ් මෙන්ඩිස් 31, මලිත් ද සිල්වා 2/15


ලන්කන් හා යුධ හමුදා ක්‍රීඩා සමාජය (යුධ හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්)

ලන්කන් ක්‍රිකට් සමාජය 98 (21.5) රුචිර තරින්ද 5/14

යුධ හමුදා ක්‍රීඩා සමාජය 99/5 දිල්ශාන් ද සොයිසා 34*, ලක්ෂිත මධුශාන් 27, නවින් කවිකාර 3/22, දිනුෂ මාලන් 2/26  


CCC හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය (CCC කණ්ඩායමට ලකුණු 82ක ජයක් – ඩක්වර්ත් ලුවිස්)

කොළඹ ක්‍රිකට් සමාජය 169 (24.5) වනිදු හසරංග 40, අශාන් ප්‍රියන්ජන 37, සචිත් පතිරණ 24, හසිත ලක්මාල් 3/02, මංජුල ජයවර්ධන 2/22, චමෝද් පියුමාල් 2/27

පොලිස් ක්‍රීඩා සමාජය 87 (20.1) මංජුල ජයවර්ධන 29, අශාන් ප්‍රියන්ජන 3/18, මාධව වර්ණපුර 2/28 ,ලක්ෂාන් සඳකැන් 2/11

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<