පැසිපන්දු තරගාවලිය ආක්‍රමණය කරන්නට සැරසෙන නාවික හමුදාව

870
SL Navy Sinhala

පසුගිය කාලවකවානුව තුල ඔවුන් එතරම් දක්ෂතා ප්‍රකට නොකලත්, 51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු තරගාවලිය සඳහා නව මුහුණුවරකින් එක්වන නාවික හමුදා පැසිපන්දු කණ්ඩායම පිළිබඳව මෙවර කාගේත් අවදානය යොමුවී ඇත.

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පැසිපන්දු ශූරතාවයට සූදානමින්

2017 තරග වාරය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිත 51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයට ඇත්තේ තවත් සති දෙකකටත් වඩා අඩු කාලයකි.

මෙවර  තරගාවලියට තම ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන චරිත් පෙරේරා හා දනුක මුතුකුඩ යන ක්‍රීඩකයින්ගේ දායකත්වය නොමැති වුවත්, නවක ක්‍රීඩකයින් රැසක් සමඟ එක්වන නාවික හමුදා පිලෙහි සුක්කානම නායක නිපුන් ලක්රුවන් හට හිමිව තිබේ.

නාවික හමුදා පිලට 2015 වසරේ පැවති 50 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු තරගාවලියෙහි අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත්වන්නට සිදුවුණු අතර නැවත ආරක්ෂක සේවා පැසිපන්දු තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසුනත්, අවාසනාවන්ත ලෙස අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වීම හේතුවෙන් තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

SL Navy Capatin
නාවික හමුදා පැසිපන්දු කණ්ඩායමේ නායක නිපුන් ලක්රුවන්

කණ්ඩායමේ නායක නිපුන් ලක්රුවන් අපහට අදහස් දක්වමින් පවසා සිටියේ තම කණ්ඩායම අවසන් කාල වකවානුවේදී සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකි වුවත්  කණ්ඩායමක් වශයෙන් තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසුවන බවයි.

තවදුරටත් අදහස් දැක්වූ කණ්ඩායමේ නායක නිපුන් ලක්රුවන් පවසා සිටියේ තම ප්‍රබල ක්‍රීඩකයින්ගේ අඩුව පිරවීමට නවකයින්ගේ දායකත්වය නොඅඩුව ලැබෙන බවත් තම ප්‍රධානතම අරමුණ කණ්ඩායම ජ්‍යේෂ්ඨ පැසිපන්දු තරගාවලියෙහි, එනම් එළඹෙන ආරක්ෂකසේවා පැසිපන්දු තරගාවලියේදී තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවීම බවයි.

SL Navy Vice Captain
නාවික හමුදා කණ්ඩායමේ උප නායක අසංක මහේෂ්

කණ්ඩායමේ උපනායකත්වය අසංක මහේෂ් හට හිමිව ඇති අතර ප්‍රබල ක්‍රීඩක චරිත් පෙරේරාගේ අඩුව පිරවීමට ඔහුගේ බාල සොහොයුරා වන ලහිරු පෙරේරාගේ දායකත්වය කණ්ඩායමට හිමිව ඇත.

කණ්ඩායමේ නායක නිපුන් ලක්රුවන්, උපනායක අසංක මහේෂ් හා බුද්ධි යසස් යන ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය නාවික හමුදා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා බෙහෙවින් බලපාන අතර, අවසන් කාර්තුවේදී එම ක්‍රීඩකයින් තම සුපුරුදු රිද්මයට පැමිණීම කණ්ඩායමට වාසිදායක වනු ඇත.

වේගයෙන් ලකුණු ලබා ගැනීමට නම් දරා සිටින එක් කණ්ඩායමක් වන නාවික හමුදා කණ්ඩායම, ලකුණු 3ක විසිකිරීම් (3 Points) ප්‍රතිශතයක් සමඟ කණ්ඩායමක් ලෙස ඉහලින් සිටියි. එසේම ආරක්ෂාකාරී ක්‍රීඩා රටාව තුලින් ඔවුන් ඉදිරියෙන් සිටීම තරගාවලිය තුල ඔවුන්ට වාසිදායක වනු ඇත.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team…

නවක ක්‍රීඩකයින්ගේ අත්දැකීම් මදිකම හා පසුපෙළ ක්‍රීඩකයින්ගේ අවම භාවය හා අවසන් කාල වකවානුවේ ලද පරාජිත මානසිකත්වය ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යාමට අවාසිදායක වනු ඇත. නමුත් තරගාවලිය තුල පෙරළිකාර වෙනසක් සිදු කිරීමට නාවික හමුදාව සුදානම් බව ඔවුන් තුලින් පෙනී යයි.

නාවික හමුදාවේ පිරිමි කණ්ඩායමේ ඡායාරූප ඇල්බමය

අවසන් වශයෙන් කණ්ඩායමේ පුහුණුකාර ධූරය දරණ නෙරිස් ස්ටැන්ලි මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, නාවික හමුදා පැසිපන්දු ක්‍රීඩා පිටියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තම කණ්ඩායමට පුහුණුවීම්වලදී අපහසුතාවයක් ඇතිවුවත්, තමා ඇතුළු පුහුණුකරුවන්ගේත්, නාවික හමුදාවේත් හා ක්‍රීඩකයින්ගේ කැපවීම මත තරගාවලියට සුදානම් වීමට හැකිවූ බවයි.

තවදුරටත් අදහස් දැක්වූ එතුමා සඳහන් කර සිටියේ අවසන් තරගාවලි කිහිපයේදී කණ්ඩායමෙන් සිදුවූ අඩුපාඩු හදුනාගෙන මෙවර තරගාවලිය ජය ගැනීමට තම කණ්ඩායම් සුදානමින් සිටින බවයි.

51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු තරගාවලිය සඳහා සහභාගී වන නාවික හමුදා පිරිමි කණ්ඩායම මෙසේය.

SL Navy Sinhala

නිපුන ලක්රුවන් (නායක), අසංක මහේෂ් (උපනායක), පාලිත සංජය, ලක්ෂිත ජයමහ, රවිචන්ද්‍ර කිෂාන්, බුද්ධි යසස්, අනුෂ්ක පෙරේරා, හෙන්රිසන්, සහන් දුවින්දු, ලහිරු පෙරේරා, පසිඳු රසංජන, සංජය දසනායක, නේරිස් ස්ටන්ලියි (ප්‍රධාන පුහුණුකරු), උදිත නිරංජන (සහය පුහුණුකරු)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<