දෙවන අවසන් පූර්ව තරගයේ ජය පුත්තලමට

415
Club Basketball

තරගාවලියේ මූලික තරගවලින් අනතුරුව දෙවන අවසන් පූර්ව තරගයට තරග කරන්නට පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම හා කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නා ලදි. දෙවන අවසන් පූර්ව තරගය ආරම්භයේ සිටම තරගයට හොඳින් අවතීර්ණ වීමට කණ්ඩායම් දෙකම සමත් වූ නිසා තරගය ඉහල තරගකාරීත්වයකින් සමන්විත විය.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team.

පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමට ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඇතුලත් වූ අතර, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම නවක ක්‍රීඩකයින් රැසකගෙන් සැදුම් ලද එකක් විය.

තරගයේ පළමු අර්ධය ලකුණු 10-06 ලෙස සටහන් වූයේ කුරුණෑගල කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

තරගයේ දෙවන අර්ධය තුලද තම දක්ෂතා ප්‍රදර්ශනය කල කුරුණෑගල ක්‍රීඩකයින් දෙවන කාර්තුව අවසානයේ තම ලකුණු පුවරුවට තවත් ලකුණු 9ක් එක් කරගනු ලැබුවේ ප්‍රතිවාදී කණ්ඩායමට තවත් ලකුණු 7ක් පමණක් ලබා දෙමිනි.

මෙම කාර්තුව තුල කුරුණෑගල කණ්ඩායම ආරක්ෂක අන්තයෙහි හොඳින් ක්‍රීඩා කල අතර ආක්‍රමණශීලී අන්තයේ දී විශිෂ්ට ලෙස පන්දුව තම කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර හුවමාරු කරමින් ලකුණු රැස් කරගන්නා ලදී.

පළමු අර්ධය අවසානයේ ලකුණු පුවරුව 13-19 ලෙස දිස් විය.

දෙවන අර්ධය ආරම්භයේ පටන් ඉතා සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල පුත්තලම ක්‍රීඩකයින්, ප්‍රතිවාදී කුරුණෑගල ක්‍රීඩකයින්ට අභියෝගයක් වීමට සමත් විය. කණ්ඩායම් දෙකම තම ලකුණු 3 විසි කිරීම් පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කල අතර එයින් තරමක් සාර්ථක වීමට පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් තරගයේ තෙවන කාර්තුව නිමා වන විට 33-27 ලෙසින් පුත්තලම කණ්ඩායම ඉදිරියට පැමිණීමට සමත් විය.

තම අත්දැකීම් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් පුත්තලම ක්‍රීඩකයින් තම ආරක්ෂාකාරී අන්තයේදී ප්‍රතිවාදී කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට සමත් විය. උණුසුම් තරගයකින් අනතුරුව අවසන් මහා තරගයේ මහනුවර කණ්ඩායම හා තරග වැදීමට පුත්තලම කණ්ඩායම අවස්ථාව හිමි කර ගන්නා ලදි.

තරගයේ අවසන් ලකුණු පුවරුව ලකුණු 53-45 ලෙස දැක්විය.

තරගයෙන් අනතුරුව අප වෙත අදහස් දැක්වූ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමේ පුහුණුකරු පවසා සිටියේ තරග කාලසටහන හේතුවෙන් තම ක්‍රීඩකයින් තරමක් වෙහෙසට පත්ව සිටි නිසා තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් බවත්, තරගාවලිය ජය ගැනීම තම ඒකායන අරමුණ බවත් ය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට