තරගාවලියේ දෙවන දිනය ආරම්භ කරමින් කොළඹ පොලිස් පැසිපන්දු පිටියේ පැවති තරග වලින් ජය ලැබීමට සත්කාරක පොලිස් පිල, කොළඹ දිස්ත්‍රික් කාන්තා කණඩායම හා වෙළඳසේවා කණ්ඩායම සමත් විය.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team. Place your vote and make your team the Peoples Team of the championship.

පළමුව තරග බිමට පිවිසියේ සත්කාරක පොලිස් කණ්ඩායම හා මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායමයි. තරගය ආරම්භයේ ඉතා දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කල සත්කාරක පිල පළමු කාර්තුව අවසන් කලේ ලකුණු 19-07ක් ලෙස මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායමට විශාල පීඩනයක් එක් කරමිනි.

නමුත් තම ජවය හා වේගය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් මඩකලපු ක්‍රීඩකයින් තරගයේ දෙවන කාර්තුව 29-33ක් ලෙස අවසන් කලේ ලකුණු 4ක් පොලිස් කණ්ඩායමට වඩා පිටුපසින් සිටිමිනි.

Photos: 51st Senior Nationals 2017| Level I | Day Two

තරගයේ දෙවන අර්ධය පාලනයකින් තොරව කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරනු දක්නට ලැබුනත්, පොලිස් කණ්ඩායමේ ආරක්ෂාකාරී අන්තයේ ප්‍රතිවාදීන්ගේ ලකුණු රැස් කිරීම් සීමා කිරීමට සමත් වීම තරගයේ ජය ගැනීමට මඟ පැදීමක් විය.

තරගය අවසානයේ ලකුණු සටහන ලකුණු 74-55ක් ලෙස දැක්වුණු අතර පොලිස් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩක සුජිත් ලකුණු 24ක් වාර්තා කල අතර ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිෂාන් චාමර ලකුණු 28ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කර ගන්නා ලදී. මෙය තරගාවලියේ පොලිස් පිල ලබා ගත් පළමු ජය යි.

මඩකලපු කණ්ඩායම වෙනුවෙන් S. සන්තෝෂ් හා V. විවේක්ෂ්ගේ දක්ෂතා කැපී පෙනුනත් තරගය ජයග්‍රහණය කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

දිනයේ දෙවන තරගයේදී කොළඹ දිස්ත්‍රික් කාන්තා පිලට එරෙහිව යුධ හමුදා කාන්තා පිල තරග බිමට පිවිසුණි.

තරගය ආරම්භයේ දෙපිලම ඉතා හොඳින් තරග වැදුණු අතර පළමු කාර්තුවේ පෙරමුණ ගැනීමට යුධ හමුදා පිල සමත් විය. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසකගේ දායකත්වය හිමි කොළඹ දිස්ත්‍රික් කාන්තා කණ්ඩායම තරගයේ දෙවන කාර්තුව අවසන් කලේ ලකුණු 19-15ක් ලෙස පෙරමුණ ගනිමිනි.

නවක ක්‍රීඩිකාවන් වන කෙයාෂා සිරිවර්ධන හා යසාරා සිරිවර්ධන සොහොයුරියන්ගේ දක්ෂතා කැපී පෙන්නෙන්නට වූ අතර තරගය ජය ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

දෙවන භාගයේ තරගය තම පාලනයට ගත් කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන් තරගය ජය ගත් අතර ලකුණු සටහන 44-35ක් ලෙස දැක්විය.

කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම වෙනුවෙන් ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩිකාවන් දේපලක් වන ඉමේෂා තත්සරණි (ලකුණු 14) හා එරන්දි රාජපක්ෂ (ලකුණු 8) ගේ දායකත්වය කැපී පෙන්නේන්නට විය.

දෙවන දිනයේ අවසන් තරගය ලෙස පැවති පාසල් කණ්ඩායම හා වෙළඳසේවා කණ්ඩායම අතර තරගයේ ආරම්භය වෙළඳසේවා කණ්ඩායමට එතරම් සුබදායක නොවීය. තරගය අරම්භයේදීම ලකුණු 7-2ක් ලෙස පෙරමුණ ගැනීමට වෙළඳසේවා කණ්ඩායම සමත් වුවත් පළමු කාර්තුව අවසන් වූයේ ලකුණු සටහන 11-11ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ තබමිනි.

තරගයේ දෙවන අර්ධය අවසන් වන විට ලකුණු තත්වය 29-25ක් ලෙස දැක්වුණු අතර පාසල් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය වූ කාර්තුවක් ලෙස සැලකිය හැක. වෙළඳසේවා කණ්ඩායමේ ක්‍රීඩක ක්ලින්ටන් ස්ටැලෝන්ගේ ක්‍රීඩා විලාශය මෙහි දී ඉස්මතුවී පෙන්නෙන්නට විය.

තෙවන කාර්තුවේදී කණ්ඩායම් දෙකම කරට කර තරගයක නිරත වුනු අතර තෙවන කාර්තුවේ අවසන් භාගයේ  පෙරමුණ ගැනීමට පාසල් කණ්ඩායම සමත් වූ අතර කාර්තුව අවසානයේ  ලකුණු සටහන දැක්වූයේ 43-40ක් ලෙස පාසල් ක්‍රීඩකයින් තරගයේ ඉදිරියෙන් තබමිනි.

අවසන් කාර්තුව සහෝදරයින්ගේ සටනක් බඳු වූ අතර එම කාර්තුව තුලදී වෙළඳසේවා කණ්ඩායම වෙනුවෙන් ක්ලින්ටන් ස්ටලෝන් ලකුණු 11ක් රැස් කල අතර ඔහුගේ බාල සොහොයුරු අර්නොර්ඩ් බ්‍රෙන්ට් ලකුණු 6ක් රැස් කරන ලදී.

තරගය අවසන් මොහොතේ ජය ගැනීමට සමත් වූ අතර අවසන් තත්පර 32 දී වෙළඳසේවා කණ්ඩායමේ චරිත් පෙරේරා දියත් කල ආරක්ෂාකාරී දක්ෂතාවය එයට හේතු සාධක විය.

පාසල් කණ්ඩායම වෙනුවෙන් නිමේෂ් පෙරේරා ලකුණු 16ක් රැස් කල අතර තරගයෙහි අවසන් ලකුණු සටහන ලකුණු 62-58ක් ලෙස දැක්විය. වෙළඳසේවා කණ්ඩායම සහභාගී වූ තරග 2 කම ජය ගැනීමට මේ වන විට ඔවුන්ට හැකි වී ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට