තරගාවලිය පැවැත්වෙන හෙන්ද්‍රි පේද්‍රිස් හා කොළඹ පොලිස් පැසිපන්දු පිටිය අවට ප්‍රදේශයට සිව්වැනි දිනය පුරාවට ඇදහැළුණු වර්ෂා තත්වය හේතුවෙන් පාසල් කණ්ඩායම හා ගම්පහ කණ්ඩායම අතර තරගය කල් දැමීමට සංවිධායකවරුන් තීරණය කරන ලදි.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team.

නමුත් සවස් කාලයේ  කාලගුණය තරමක් යහපත් අතට හැරෙන්නට වීම නිසා ඉතිරි තරග 2 සුපුරුදු ලෙස පැවැත්විය. මෙහි දී කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන්ට එරෙහිව පාසල් කාන්තා කණ්ඩායම තරග වැදුණු අතර අනෙක් තරගයේ දී හම්බන්තොට කණ්ඩායමට එරෙහිව මඩකලපු ක්‍රීඩකයින් තරග කරන ලදි.

කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන්ට එරෙහිව පාසල් කාන්තා කණ්ඩායම

තරගයේ ආරම්භය කණ්ඩායම් දෙකටම එතරම් සුබදායක නොවීය. කණ්ඩයම් දෙකම තම සුපුරුදු තරග රටාවන් අනුගමනය කරන බවක් පෙනෙන්නට දක්නට නොලැබුනි. මේ හේතුවෙන් තරගයේ පළමු අර්ධය අවසන් වූයේ 8-6ක් ලෙස කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන් පෙරමුණේ තබමිනි.

තරගයේ දෙවන කාර්තුවේ දී ද තරගයට අවතීර්ණ වූ බවක් කණ්ඩායම් දෙකෙන්ම නොපෙනුණු අතර කණ්ඩායම් 2කම ලබා ගත්තේ ලකුණු 11ක් පමණි.

පළමු අර්ධය අවසානයේ ලකුණු සටහන ලකුණු 15-10ක් ලෙස සටහන් විය.

තරගයේ අවසන් කාර්තුව තමන් වෙතට හරවා ගැනීමට කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන් සමත් වීම පාසල් කණ්ඩායමට තම තෙවැනි පරාජය අත්කරදීමට හේතු විය.

පාසල් කණ්ඩායම වෙනුවෙන් නිහාරි පෙරේරා ලකුණු 6ක්, පවනි රණේපුර ලකුණු 8ක් හා ලුබ්නා මොර්සේත් ලකුණු 7ක් වාර්තා කිරීමට සමත් විය. තරගයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව බවට පත් වීමට කොළඹ කණ්ඩයමේ ඉමේෂා තත්සරණි සමත් වූ අතර ඇය ලකුණු 15ක් ලබා ගන්නා ලදි.

තරගය අවසානයේ ලකුණු සටහන 38-26ක් ලෙස දැක්විය.


හම්බන්තොට කණ්ඩායමට එරෙහිව මඩකලපුව කණ්ඩායම

කණ්ඩායම් දෙකටම තරගාවලිය තුල තවදුරටත් රැදී සිටීමට මෙම තරගය වැදගත් වූ අතර හම්බන්තොට ක්‍රීඩකයින් තරගය ජය ගෙන තරගයක් පරාජය වීම මෙයට හේතුව විය.

තරගය ආරම්භයේ සිටම දක්ෂ ක්‍රීඩා රටාවක් දියත් කල හම්බන්තොට ක්‍රීඩකයින් පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 20-06ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. තරගයේ දෙවන කාර්තුවේ දී ද තම ආක්‍රමණශීලි ක්‍රීඩා රටාව දියත් කල හම්බන්තොට ක්‍රීඩකයින් ලකුණු 30-11ක් ලෙස පළමු අර්ධය නිමා කරන්නට සමත් විය.

Photo Album: 51st Senior Nationals 2017 | Level I | Day Four

නමුත් තරගයේ තෙවන කාර්තුව වඩා වෙනස් ස්වරුපයක් ගත් අතර හම්බන්තොට කණ්ඩායමේ ආරක්ෂාකාරී අන්තයේ අඩුපාඩු හඳුනා ගත් මඩකලපු ක්‍රීඩකයින් තම ලකුණු රැස් කිරීම දියත් කල නමුත් කාර්තුව අවසන් වූයේ ලකුණු 36-22ක් ලෙස හම්බන්තොට කණ්ඩායම නැවතත් ඉදිරියෙන් තබමිනි.

තරගයේ පළමු අර්ධයේ දී මුහුණ තුවාල වීම හේතුවෙන් හම්බන්තොට කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ඉසුරු පෙරේරා තරගයෙන් ඉවත් වූ අතර ඊළඟ තරගය සඳහා ඔහු සුවය ලබමින් සිටින බව වාර්තා වේ.

හම්බන්තොට කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක රොෂාන් රන්දිම මෙම තරගය සඳහා සහභාගී නොවූ අතර එයට හේතුව තම කකුලේ ඇතිවූ ආබාධයක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් තරගයේ අවසන් කාර්තුවේ දී නැවත තරගය තමන් දෙසට හරවාගත් හම්බන්තොට ක්‍රීඩකයින් තරගය ජයග්‍රහණය වාර්තා කලේ ලකුණු 57-37ක් ලෙසයි.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට