ගුවන් හමුදාවට වැඩි ගෞරවය – කොළඹට සාර්ථක ආරම්භයක්

281

.

තරගාවලියේ අවසන් එහෙත්, උණුසුම් හා තරගකාරී අදියර ආරම්භ කරමින් ඊයේ (15) කොළඹ පොලිස් පැසිපන්දු පිටියේ දී පැවති පිරිමි අංශයේ තරගවලින් ජය ගැනීමට ගුවන් හමුදාව හා කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

අතීතය නැවත ලියන්නට සැරසෙන ගම්පහ කණ්ඩායම

51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවය නිල වශයෙන් ආරම්භ වී සතියකට අධික කාලයක් ගෙවී යද්දී මේ විමසා බැලීම, තරගාවලියේ…

තරගාවලියේ පළමු මට්ටමේ තරග ආරම්භ කරමින් පැවති තරගවල දී පරාජයට පත්වීමට පිළිවලින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට හා ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට සිදු විය.

තරගාවලියේ කාන්තා අංශයට අදාල තරගයක් ද මෙහිදී පැවැත්වුණු අතර යුධ හමුදා කාන්තා කණ්ඩායම පරදවමින් ජය වාර්තා කිරීමට ගුවන් හමුදා කාන්තා ක්‍රීඩිකාවන් සමත් විය.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ දී සත්කාරක පොලිස් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම තරග වැදුණු අතර ක්‍රීඩාගාරය ක්‍රීඩාලෝලීන්ගෙන් පිරි තිබීම තරගාවලිය පිළිබඳව සුබවාදී දසුනක් විය. තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ පළමු තරගයම ඉතා උණුසුම් මුහුණුවරක් ගැනීම ක්‍රීඩාලෝලීන්ගේ උද්දාමය වැඩි කිරීමට සමත් විය.

දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල පොලිස් ක්‍රීඩකයින් පසුගිය අනුශූරයින් වූ ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියේ තම දක්ෂතා මානව ප්‍රදර්ශනය කරන්නට විය.

තරගාවලියේ පළමු අර්ධය නිමා වූයේ පොලිස් ක්‍රීඩකයින් ලකුණු 24-22ක් වශයෙන් පසුගිය  අනුශූරයින් දෙසට තරගයේ පීඩනය එල්ල කරමිනි.

නමුත් තම අත්දැකීම් උපයෝගී කරගත් ගුවන් හමුදා කණ්ඩායම තුන්වන කාර්තුව අවසන් වන විට නැවතත් තරගය තමන් දෙසට හරවා ගැනීමට සමත් වූ අතර තෙවන කාර්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායමේ නායක රවී දොඩන්ගොඩ හා ක්‍රීඩක ඔසඳ උමයංගගේ ක්‍රීඩා විලාශය  කැපිපෙනෙන්නට විය.

අවසන් කාර්තුවේ අවසන් මොහොතේ දී පොලිස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට තරගයෙන් ඉවත් වීමට සිදු වීමත් සමඟ ගුවන් හමුදාව ජය තහවුරු කිරීමට සමත් විය.

තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 61-53ක් ලෙස දැක්විය.

.

තරගාවලියේ දෙවන තරගය කාන්තා අංශයේ තරගයක් වූ අතර එහි දී ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට එරෙහිව යුධ හමුදා ක්‍රීඩිකාවන් තරග වැදුණි.

ප්‍රබල මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුගේ දායකත්වය සමඟ තරග බිමට පිවිසුණු ගුවන් හමුදා කණ්ඩායම තරගය ආරම්භයේ දී හොඳින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණ ද, නැවත ලබා ගැනීම් ප්‍රමාණය අඩු වීම ගුවන් හමුදා කණ්ඩායම හට ලකුණු රැස් කිරීමට වැඩි වාර ගණනක් හිමි වීමට හේතු විය.

මේ හේතුවෙන් තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 21-14ක් ලෙස ඉදිරියෙන් තබමිනි.

දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකම තම සුපුරුදු රිද්මයෙන් තරග වැදුණු බවක් නොපෙනුණු අතර තම ආරක්ෂාකාරී අන්තයේ දී කණ්ඩායම් දෙකම දුර්වල ක්‍රීඩා රටාවක් පෙනුම් කරන්නට විය.

කෙසේ වෙතත් තරගය අවසන් වූයේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට ලකුණු 48-33ක් ලෙස තරගයේ ජය හිමි කර දෙමිනි.

.

පොලිස් පැසිපන්දු පිටියේ පැවති අවසන් තරගය ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයින් හා කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම අතර පැවැත්විය.

2012 වසරේ පැවති ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී තරග වැදුණු කණ්ඩායම් දෙක සංකේතාත්මකව මෙහි දී තරග වැදුණු අතර 2012 දී ශූරතාවය දිනා ගත් පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයින් කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට එක් වීම එම ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් මානව විදහා දක්වයි.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

තරගය පුරාම සාර්ථක ක්‍රීඩා රටාවක් පෙනුම් කල කොළඹ ක්‍රීඩකයින් තරගාවලිය තම අනසකට ගැනීමට සමත් වුවත් පාසල් කණ්ඩායමේ ක්‍රීඩක අනොර්ඩ් බ්‍රෙන්ට් දිගින් දිගටම ලකුණු රැස් කිරීම කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට නැවැත්වීමට නොහැකිවිය.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 41-28ක් ලෙස කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

තරගයේ දෙවන භාගයේ දී නැවතත් තම ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශය දියත් කල කොළඹ දිස්ත්‍රික් කණ්ඩයම තරගයේ පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 66-50ක් ලෙස දැක්විය.

තරගාවලියේ අනෙක් තරග කොළඹ හෙන්ද්‍රි පේද්‍රිස් පැසිපන්දු පිටියේ දී පැවැත්වෙන අතර අවසන් මහා තරග මෙම මස 21 වැනිදා කොළඹ පොලිස් පැසිපන්දු පිටියේ දී පැවැත් වේ.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට