1923 වසරේ ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ උපන් ජෝන් හර්බට් ඉන් සැතපුම් 5500 කටත් එපිටින් පිහිටි ශ්‍රී ලංකාව නම් වූ දිවයිනේ පැසිපන්දු ක්‍රීඩාව නඟා සිටුවිමට දායක වනු වනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. වයස අවුරුදු 17දීම පල්ලිය හා සම්බන්ධ වුනු මෙතුමා පූජක ධුරයට පත්වීමෙන් අනතුරුව 1954 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණියේය.

Rev.Fr. Eugene Herbert SJ
ඉයුජන් හර්බට් පියතුමන්

ඉන් වසර 16කට පසුව එනම් 1971 වසරේ දී ත්‍රිකුණාමලයේ සාන්ත ජෝසප් විද්‍යාලයේ සිට මඩකලපුව සාන්ත මයිකල්ස් විදුහලට මාරුවක් ලද ජෝන් හර්බට් පියතුමාගේ ක්‍රීඩාවට බැදුණු ලෙන්ගතු බව එහි දී තවත් වැඩි වන්නට විය.

එතැන් පටන් සාන්ත මයිකල් විදුහලට තම උපරිම දායකත්වය ලබා දුන් පියතුමා පැසිපන්දු ක්‍රීඩාවට නව අරුතක් එක් කිරීමට සමත් විය. වයස අවු.13 සිට වයස අවු.19න් පහළ දක්වා වූ පැසිපන්දු කණ්ඩායම් සඳහා පුහුණුවීම් ආරම්භ කළ මෙතුමා, ක්‍රීඩකයින්ගේ හා කණ්ඩායමේ දක්ෂතාවයන් ඔප් නැංවීමට අගනා මෙහෙයක් ඉටු කරන ලදී.

මෙහි ප්‍රතිඵලය වූයේ 1971 සිට 1990 දක්වා වූ කාල වකවානුව තුල පාසල් පැසිපන්දු තරගාවලියේ මයිකල්ස් ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනෙන්නට වීමයි. එයින් නොනැවතුණු ඔවුන් එම කාල වකවානුවේ පැවති තරගවලින් කිහිපයකම ශූරතාවය දිනා ගන්නට ද සමත් විය.

புனித மைக்கல் கல்லூரியின் கூடைப்பந்தாட்ட அணியுடன் தந்தை இயூஜின் அவர்கள்

මෙහි දී ජාතික කනිෂ්ඨ පැසිපන්දු ශූරතාවය සය වතාවක් තම පාසලේ නම යටතේ තබා ගැනීමට ඔවුන් සමත් වීම, පාසල් පැසිපන්දු ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීමක් වන අතර ඉන් පිට පිට  තෙවරකම ශූරතාවය තමන් සතු කර ගැනීමට ඔවුන් සමත් වීම, තවමත් කිසිදු කණ්ඩායමකට සම කිරීමට හෝ නොහැකි විය.

புனித மைக்கல் கல்லூரியின் கூடைப்பந்தாட்ட அணியுடன் தந்தை இயூஜின் அவர்கள்

නමුත් වසර 26කට මත්තෙන් එතුමාගේ වියෝව සාන්ත මයිකල්ස් විදුහලේ පැසිපන්දු ක්‍රීඩාවට පමණක් නොව ලාංකේය පැසිපන්දු ඉතිහාසයටම විශාල පාඩුවක් වූ බව නොඅනුමානය. එසේ සිදුනොවන්නට උක්ත ඉතිහාසය පිළිබඳව තවත් මතක සටහන් එක්කරන්නට හැකිවන්නට තිබූ බව නොරහසකි.

තම පාසලට එනම් පාසල් පැසිපන්දු ඉතිහාසයට විශාල මෙහෙවරක් කළ එතුමා අනුස්මරණය කිරීම සඳහා සාන්ත මයිකල්ස් විදුහලේ ආදී පැසිපන්දු ක්‍රීඩකයින් විසින් සංවිධානය කරන්නට යෙදෙන හර්බට් කුසලාන පැසිපන්දු තරගාවලිය මෙම මස 28, 29, 30 යන තෙදින තුල සාන්ත මයිකල්ස් පැසිපන්දු ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

HSC Blues after winning the trophy in 2015
HSC බ්ලූස් කණ්ඩායම 2015 කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව

2015 වසරේ පැවති තරගාවලියේ දී ඒකාබද්ධ සරසවි කණ්ඩායම අවසන් තරගයේ දී පරාජය කරන්නට සත්කාරක මඩකලපු කණ්ඩායම සමත් වූ අතර බොහොමයක් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ඉස්මතු වූ තරගාවලියක් ලෙසත් මෙය සඳහන් කළ හැක. එසේම තරගාවලිය තුල ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයීමට ලක්වීම ද දක්නට හැක.

වසර වටිනාම ක්‍රීඩකයා දක්ෂතාම අක්‍රමණශීලි ක්‍රීඩකයා   දක්ෂතම ආරක්ෂාකාරී ක්‍රීඩකයා
2012 රෝෂන් ප්‍රනාන්දු හර්ෂදේව ද සිල්වා
2013 I වෙනිටෝ වහීෂන් ශාම්මුගලිංගම් T. තිමති
2014 රොෂාන් රන්දිම ඔසඳ අමරසේන වහීෂන් ශාම්මුගලිංගම්
2015 T.නිතුෂන් I වෙනිටෝ ටෙරන්ස් නෙයිද්රෝෆ්ට්
2016 චරිත් පෙරේරා චරිත් පෙරේරා පවන් ගමගේ

6 වන හර්බට් කුසලානය සඳහා කණ්ඩායම් අටක් තරග වැඳීමට නියමිත අතර ගියවර ශූරයන් වූ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම මෙවර සහභාගී නොවන බව වාර්තා වේ.

Colombo District Basketball Club after winning the trophy in 2016
කොළඹ දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායම 2016 කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව

ගුවන් හමුදා කණ්ඩායම, පොලිස් කණ්ඩායම, යුධ හමුදා කණ්ඩායම, නාවික හමුදා කණ්ඩායම, යාපනය දිස්ත්‍රික් පිල, මුතුවාල් ක්‍රීඩා සමාජය, මොරටුව දිස්ත්‍රික් පිල හා සත්කාරක මඩකලපුව දිස්ත්‍රික් පිල තරග වැදීමට නියමිතව ඇත.

තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගැනීමට වර්තමාන ජාතික ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරයින් වන ගුවන් හමුදා කණ්ඩායම සමත් වී ඇති අතර සත්කාරක මඩකලපුව කණ්ඩායම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට