හතුරුසිංහට, චන්දිමාල්ට හා ගුරුසිංහට තරග හයක් තහනම්

1549

ස්වාධීන අධිකරණ නිලධාරි ගරු මයිකල් බෙලොෆ් මහතා අද (16) ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු අසංක ගුරුසිංහ හට තරග තහනම් ලකුණු (eight suspension points) අටක් නියම කළ අතර ඒ අනුව මේ තිදෙනාට දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරග දෙක හා පළමු එක්දින තරග හතර අහිමි වනු ඇත.

දකුණු අප්‍රිකානුවන්ට වැඩ පෙන්වූ දිමුත්ට උසස්වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (15) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන්….

ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා විසින් ජුනි 19 වැනිදා ශ්‍රී ලංකා පුහුණුකරු, නායක හා කළමනාකරු යන තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කළ අතර ඔවුන් තිදෙනා තුන් වෙනි මට්ටමේ, 2.3.1 කොටසේ, “ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම” පිළිබඳ කොටස කඩ කළ බවට වරද පිළිගන්නා ලදි.

ICC චර්යා ධර්ම කමිටුවේ සභාපතිගේ මූලිකත්වයෙන් ජූලි 11 වැනිදා, දුරස්ථ වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් චෝදනා විමසීමක් පැවැත්වූ අතර පාර්ශව දෙකම සහභාගී වූ පැය හයක පමණ චෝදනා විමසීමක් එහි දී පැවැත්විය.

එම නඩු විභාගය තුල දී පාර්ශව දෙකම එකඟතාවකට එළඹුණු අතර 3 වන මට්ටමේ වරදකට දඬුවම වූයේ ටෙස්ට් තරග දෙකක තරග තහනමකි. විත්තිකරුවන් තිදෙනා ගාලු ටෙස්ට් තරගයට (12-14 ජූලි) හා කොළඹ පැවැත්වෙන ටෙස්ට් තරගයට (20-24 ජූලි) සහභාගී නොවනු ඇත.

ඔවුන්ට තහනම් ලකුණු අටක් බැගින් නියම කළ නිසා ඔවුන්ට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින, විස්සයි විස්ස තරග හතරක තහනමක් හිමිවන අතර පළමුව පැමිණෙන තරග හය මෙලෙස තහනම් වනු ඇත. ඒ අනුව ස්වාධීන අධිකරණ කොමසාරිස්වරයාගේ තීරණය අනුව ඔවුන් තිදෙනා දඹුල්ලේ පැවැත්වෙන එක්දින තරග දෙක (ජූලි 29, අගෝස්තු 1) හා මහනුවර පැවැත්වෙන එක්දින තරග දෙක (අගෝස්තු 5, අගෝස්තු 8) සඳහා සහභාගි නොවනු ඇත.

තවද චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ යන තිදෙනාටම ‘අයහපත් දක්ෂතා ලකුණු’ හය බැගින් ඔවුන්ගේ විනය වාර්තාවලට එක් කරනු ඇත.

මේ හතුරුසිංහ හා ගුරුසිංහගේ පළමු විනය විරෝධී ක්‍රියාව වන අතර චන්දිමාල්ට දඬුවම් හිමිවූ දෙවන අවස්ථාව මෙයයි.

එම ටෙස්ට් තරගයේම පන්දුව පළුදු කිරීමේ සිදුවීමට අදාලව (චර්යා ධර්ම සංග්‍රහයේ 2.2.9 කොටස) චන්දිමාල් වරදකරු වූ අතර ඒ අනුව චන්දිමාල්ගේ නමට ඉදිරියෙන් අයහපත් දක්ෂතා ලකුණු 10ක් සටහන් වී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<