මැතිව්ස්, ධනුෂ්ක හා කෞශාල් අර්ධ ශතක අතරට

1572

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද (7) ආරම්භ වූ අතර තරගයේ පළමු දිනය ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක හා කෞශාල් සිල්වා අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූහ.

ටෙස්ට් සංචිතයෙන් උඩවත්ත හැලේ; නායකත්වය තවමත් චන්දිමාල් අතේ

ලබන 12 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට්….

කාසියේ වාසිය තමන්ගේ වාසියට හරවා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබා දෙන ලදි.

ඒ අවසරයෙන් පළමුව පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන කෞශාල් සිල්වා හා ධනුෂ්ක ගුණතිලක ප්‍රබල දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හමුවේ ලකුණු 84ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනේ, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නිල ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙරාතුවම දකුණු අප්‍රිකානු කණ්ඩායම අසීරුතාවට පත්කරමිනි.

එහි දී මනරම් ලෙස පිතිකරණ රිද්මය පවත්වා ගත් සිල්වා හා ගුණතිලක, ඩේල් ස්ටේන් ඇතුළු දකුණු අප්‍රිකානු වේගපන්දු බල ඇණිය හමුවේ ඉතාමත් ඉවසිලිවන්ත ලෙස සිය ඉනිම් ද්විත්වය ගොඩනංවන ලදි. පන්දු 66ක දී ලකුණු 53ක් ලබාගෙන තරමක ජවසම්පන්න පිතිකරණයක නිරත වුන හැඩක් දැකගන්නට ලැබුණු ගුණතිලකගේ ඉනිමට 4 පහර 9ක් අන්තර්ගතව තිබුණි.

ෂෝන් වොන් බර්ග් එවූ පන්දුවකට ගුණතිලක දැවී ගිය අතර අනතුරුව සිල්වා හා පිටියේ ස්ථාවර වූ දකුණතින් පිත්ත හසුරුවන ධනංජය ද සිල්වා දෙවන කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 68ක හොඳ සබඳතාවයක් එක්කාසු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සටහන පුෂ්ටිමත් කිරීමේ අරමුණ අතැතිවයි.

4 පහර 9ක් සිය ලකුණු සටහනට එක්කරගත් සිල්වා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුව දෙවන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 76ක් රැස්කරගෙන අවසන්ය. ධනංජය ලකුණු 28යි. කොදෙව් තරග සංචාරයේ දී ද එතරම් දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ රොෂේන් සිල්වා අද දිනයේ දී ලකුණු ලබා ගැනීමට පෙරම ක්‍රීඩාගාරය දෙසට හරවා යැවීමට දඟපන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි සමත් විය. එසේම වමතින් පිත්ත හසුරුවන කඩුලු  රකින පිතිකරුවෙක් වන මිනෝද් භානුක හටද මේ ලැබුණු අනගි අවස්ථාවෙන් අනාගත ක්‍රිකට් දිවියට යම් ඵල ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඔහු අසමත් විය.

ලකුණු 161කට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ කඩුලු 3ක් දැවී ගොස් තිබිය දී පිටියට අවතීර්ණ වූ දකුණතින් පිත්ත හසුරුවන නායක මැතිව්ස් මැදපෙළ ආරක්ෂා කර නොගන්නට ශ්‍රී ලංකා ලකුණු පුවරුව මීට වඩා හාත්පසින්ම වෙනස්වීමට වැඩි ඉඩකඩක් තිබුණි. නමුත් මැතිව්ස් සතුව තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අත්දැකීම් සම්භාරය නිසාවෙන් ඔහුට ඉවසිලිවන්ත ලෙස දිගු ඉනිමක් ගොඩනංවා ගැනීමට හැකි විය. අනෙක් අන්තයේ සිටි පිතිකරුවන් වගකීම් විරහිතව දැවී යද්දී ක්‍රියාත්මක වූ මැතිව්ස් සිය ඉනිම 4 පහර 13කින් අලංකාරවත් කරගත්තේය.

ප්‍රශ්න ඇතිවීම සාමාන්‍යයි – අපි සූදානම් – චන්දිමාල්

පිටිය තුළ සහ ඉන් පිටත විවිධාකාර ගැටලු මතුවීම ඕනෑම ක්‍රීඩකයෙකු මුහුණ දීමට සූදානම්ව සිටිය යුතු තත්ත්වයක්…

පන්දු යැවීමේ දී දක්ෂ පන්දුකරණයක නිරත වූ දඟපන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 45කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත් ලකුණු 287ට පිළිතුරු පළමු ඉනිම දියත් කරන ලද දකුණු අප්‍රිකාව තරගයේ පළමු දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 17යි. එයිඩ්න් මැක්රම් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 270ක් පසුපසින් සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිම – 287/10 (78.2): ඇන්ජලෝ මැතිව්ස් 92, කෞශාල් සිල්වා 76, ධනුෂ්ක ගුණතිලක 53, තබ්‍රයිස් ශම්සි 5/45, ෂෝන් වොන් බර්ග් 2/82.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 17/1 (4): ලහිරු ගමගේ

මේ තරගයේ දෙවන හා අවසන් දිනය හෙට (8) ක්‍රියාත්මක වන අතර එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<