Home Sinhala බංගලියන් ශානක සහ ජයසූරියගේ උත්සාහයන් අපතේ යවයි

බංගලියන් ශානක සහ ජයසූරියගේ උත්සාහයන් අපතේ යවයි

8984

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් අද (23) ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ දී පැවති පෙරහුරු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

මාලිංග සිය අවසන් තීරණය නිල වශයෙන් ප්‍රකාශ කරයි

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ මස 26 වැනි සිකුරාදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වන…..

කාසියේ වාසිය තමන් සතුකරගත් සභාපතිගේ කණ්ඩායම් නායක නිරෝෂන් දික්වැල්ල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ තරග ආරම්භයේ දී ම බංග්ලාදේශ කණ්ඩායම වෙත පීඩනය යොමු කිරීමේ අරමුණින් වූව ද අපේක්ෂා කළ පරිදි දිගු ඉනිමක් ගොඩනගමින් කණ්ඩායමට අවශ්‍ය කර තිබූ ස්ථාවර අඩිතාලම සකසා දීමට ඔහු ඇතුළු ඉදිරිපෙළ පිතිකරුවන් කිහිපදෙනාම අපොහොසත් වීම කැපී පෙණුනි.

රූබල් හුසේන් යැවූ තෙවැනි පන්දුවේ දී ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ නිරෝෂන් දික්වැල්ල හට ලකුණු නොලබාම ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යාමට සිදු වූ අතර අලංකාර හතරේ පහර කිහිපයක් ද සමඟින් වේගවත් ලකුණු 26ක් රැස්කළ ධනුෂ්ක ගුණතිලක හට ද අවාසනාවන්ත ලෙස නැවත ක්‍රීඩාගාරය බලා ගමන් කිරීමට සිදු වූයේ ටස්කින් අහමඩ් යැවූ පන්දුවට මොසැදික් හුසෙන් අතට පහසු උඩපන්දුවක් ලබා දීම හේතුවෙනි.

බංග්ලාදේශ එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ ක්‍රීඩකයින් විසිදෙදෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත් නොවූ ඕෂධ ප්‍රනාන්දු හට සාර්ථක වීමට කිසිදු ඉඩක් ලබානොදුන් රූබල් හුසේන් ඇතුළු බංග්ලාදේශ ආරම්භක පන්දු යවන්නන් පන්දුවාර 7.3ක් අවසානයේ ලකුණු 32ක් පමණක් ලබා දෙමින් පිතිකරණ ලැයිස්තුවේ මුල් කඩුලු ත්‍රිත්වයම දවා ගැනීමට සමත් විය.

ඉන්පසු පිටියට පිවිසි භානුක රාජපක්ෂ සමඟ එක්වූ ෂෙහාන් ජයසූරිය ඉනිම සවිබල ගැන්වීමේ කාර්‍යභරය ඔවුන්ගේ කර මතට ගත්තේ සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 82ක සාර්ථක සබඳතාවක් ගොඩනගමිනි.

හතරේ පහර හතරකින් වර්ණවත් වූ භානුකගේ ඉනිම මෙන්ම පන්දු 76ක දී හතරේ පහර 5ක් ද සමඟින් ලකුණු 56ක් රැස්කර සිටි ෂෙහාන් ජයසූරියගේ සටන්කාමී ඉනිම ද නිමා කිරීමට සෞම්‍ය සර්කාර් සමත් වූයේ තරගය නැවත වතාවක් දෙපිලටම විවෘත කරදෙමිනි.

ඔවුන් දෙදෙනාගේ නික්ම යාමෙන් අනතුරුව පැමිණි ඇන්ජලෝ පෙරේරාගේ ඉනිම ලකුණු හතකට සීමා වූ අතර ඉනිම නිමා වීමට තවත් පන්දුවාර 19ක් ඉතිරිව තිබිය දී ලකුණු 146කට කඩුලු 6ක් දැවී ගොස් ඉතා අසීරු අඩියකට ඇඳ වැටී තිබුණු සභාපතිගේ කණ්ඩායම් ඉනිමට නව ජීවයක් එක්කිරීමට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දියත් කළ ප්‍රවේගකාරී ඉනිම මහත්සේ මහෝපකාරී විය. පන්දු 63ක් පමණක් වැය කරමින් ඔහු විසින් ක්‍රියාත්මක කළ එම සුපිරි ඉනිම දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 4කින් වර්ණවත් විය. ශානකගේ දක්ෂ පිතිකරණය නිසාවෙන් කඩුලු 8ක් දැවී ගොස් අවසානයේ ලකුණු 282ක් රැස්කරමින් ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක්කිරීමට සත්කාරක පිලට හැකි විය.

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වෙනස් වෙයි!

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ නායක මෂ්රෆි….

ලකුණු 283ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කිරීමට සමත් වූ නමුත් ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීම ඉඩ අවකාශ ලබා නොදීමට ළහිරු කුමාර වගාබලා ගත්තේය. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 54ක් වන විට ආරම්භ පිතිකරුවන් දෙදෙනා නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔහු සමත් විය.

කෙසේ නමුත් නිර්මාණය වෙමින් තිබූ පීඩනය ඉතා හොඳින් මැඬපවත්වා ගනිමින් තරගය තම පාලනය යටතට ගත් මොහොමඩ් මිතුන් සහ අත්දැකීම් බහුල මුෂ්ෆිකර් රහීම් පිළිවෙළින්  ලකුණු 91ක් සහ 50ක් රැස්කරමින් බංග්ලාදේශය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන කාර්‍යභරයක් ඉටු කිරීමට දායක විය.

Photos: Sri Lanka vs Bangladesh – Warm-up Game

මැද පන්දුවාරයන්හී ප්‍රතිවාදී කඩුලු දවා ගැනීමට අපොහොසත් වීම නිසාවෙන් තරගයේ තීරණයට වැඩි බලපෑමක් එල්ල කිරීමට සත්කාරක කණ්ඩායමේ පන්දු යවන්නන් හට නොහැකි වූ අතර 46 වැනි පන්දුවාරය වන තෙක් රැඳී සිටී මොහොමඩ් මිතුන්, මහමදුල්ලා සහ සබීර් රෙහ්මාන් සමඟ එක්වෙමින් බංග්ලාදේශය ජයග්‍රාහී කඩඉම දක්වා රැගෙන යාමට දායකත්වය ලබා දුන්නේය.

සබීර් රෙහෙමාන් පන්දු 26කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 31 රැස්කළ අතර ඒ අනුව පන්දු 11ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් ද අතැතිව තරගය පහසු ජයක් අත්පත් කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ළහිරු කුමාරගේ කඩුලු ද්විත්වයට අමතරව අනෙක් දවා ගත් අනෙක් කඩුලු ත්‍රිත්වය වනිඳු හසරංග, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් අතරේ සමසේ බෙඳී ගියහ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එළඹෙන සිකුරාදා (26) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කොට තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka Board President’s XI
282/8 (50)

Bangladesh
285/5 (48.1)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella lbw b Rubel Hossain 0 0 0 0 0.00
Danushka Gunathilaka c Mosaddek Hossain b Taskin Ahamed 26 27 5 0 96.30
Oshada Ferenado c Mosaddek Hossain b Rubel Hossain 2 14 0 0 14.29
Bhanuka Rajapaksa c Sabbir Rahaman b Soumya Sarkar 32 49 4 0 65.31
Shehan Jayasuriya c Rubel Hossain b Soumya Sarkar 56 78 5 0 71.79
Angelo Perera c Mehidy Hasan Miraz b Mustafizur Rahman 7 10 1 0 70.00
Dasun Shanaka not out 86 63 6 6 136.51
Wanindu Hasaranga c Mahmudullah b Farhad Reza 28 30 3 1 93.33
Akila Dananjaya run out (Tamim Iqbal) 9 19 0 0 47.37
Amila Aponso not out 13 9 2 0 144.44


Extras 23 (b 0 , lb 7 , nb 3, w 13, pen 0)
Total 282/8 (50 Overs, RR: 5.64)
Fall of Wickets 1-1 (0.3) Niroshan Dickwella, 2-28 (6.5) Oshada Ferenado, 3-32 (7.3) Danushka Gunathilaka, 4-114 (25.5) Bhanuka Rajapaksa, 5-127 (28.4) Angelo Perera, 6-146 (31.3) Shehan Jayasuriya, 7-195 (39.3) Wanindu Hasaranga, 8-243 (46.3) Akila Dananjaya,

Bowling O M R W Econ
Rubel Hossain 7 0 31 2 4.43
Taskin Ahamed 8 0 57 1 7.12
Mustafizur Rahman 7 0 29 1 4.14
Mosaddek Hossain 6 1 25 0 4.17
Mehidy Hasan Miraz 4 0 25 0 6.25
Mahmudullah 3 0 15 0 5.00
Soumya Sarkar 6 0 29 2 4.83
Taijul Islam 6 0 42 0 7.00
Farhad Reza 3 0 22 1 7.33


Batsmen R B 4s 6s SR
Soumya Sarkar c Amila Aponso b Lahiru Kumara 13 24 2 0 54.17
Tamim Iqbal c Kasun Rajitha b Lahiru Kumara 37 47 6 0 78.72
Mohammad Mithun c Wanindu Hasaranga b Kasun Rajitha 91 100 11 1 91.00
Mushfiqur Rahim c Dasun Shanaka b Wanindu Hasaranga 50 46 6 1 108.70
Mahmudullah b Akila Dananjaya 33 37 3 0 89.19
Sabbir Rahaman not out 31 26 5 0 119.23
Mosaddek Hossain not out 15 10 3 0 150.00


Extras 15 (b 0 , lb 1 , nb 1, w 13, pen 0)
Total 285/5 (48.1 Overs, RR: 5.92)
Fall of Wickets 1-45 (9.4) Soumya Sarkar, 2-58 (13.1) Tamim Iqbal, 3-131 (24.6) Mushfiqur Rahim, 4-227 (39.6) Mahmudullah, 5-262 (45.4) Mohammad Mithun,

Bowling O M R W Econ
Vishwa Fernando 6.1 0 25 0 4.10
Kasun Rajitha 8 0 57 1 7.12
Danushka Gunathilaka 3 1 15 0 5.00
Lahiru Kumara 6 0 26 2 4.33
Akila Dananjaya 7 0 47 1 6.71
Amila Aponso 6 0 43 0 7.17
Wanindu Hasaranga 7 0 39 1 5.57
Angelo Perera 3 0 17 0 5.67
Dasun Shanaka 2 0 15 0 7.50