ඉන්දියාව පරාජය කරන්නට සැරසෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ශූරයෝ

168

2018 වසරේ පැවති දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් ජූලි මස 15 වැනිදා සිට ජූලි මස 24 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා අභියෝගය ඉන්දියාව ජය ගනී

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (10) විශිෂ්ට හා ප්‍රහාරත්මක පිතිකරණයක් …

මේ සුවිශේෂී ක්‍රිකට් තරගාවලිය විස්සයි – විස්ස ක්‍රිකට් තරග 5කින් හා එක්දින ක්‍රිකට් තරග 3කින් සමන්විත වන අතර තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය විසිනි. එහි එසියලුම තරග කොළඹ BRC ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

ප්‍රබල පාකිස්තානයට නොසිතූ අභියෝගයක්

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (15) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව …

මේ ක්‍රිකට් තරගාවලිය 2020 පැවැත්වෙන ලෝක කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් දෙකේම නවක ක්‍රීඩකයින් හට හොඳ අත්දැකීමක් වනු ඇත.

තරග කාලසටහන

ජූලි 15 – පළමු එක්දින තරගය – කොළඹ BRC ක්‍රීඩාංගණය
ජූලි 16 – දෙවන එක්දින තරගය – කොළඹ BRC ක්‍රීඩාංගණය
ජූලි 17 – තෙවන එක්දින තරගය – කොළඹ BRC ක්‍රීඩාංගණය

ජූලි 19 – පළමු විස්සයි – විස්ස තරගය – කොළඹ BRC ක්‍රීඩාංගණය
ජූලි 20 –  දෙවන විස්සයි – විස්ස තරගය – කොළඹ BRC ක්‍රීඩාංගණය
ජූලි 23 –  තෙවන විස්සයි – විස්ස තරගය – කොළඹ BRC ක්‍රීඩාංගණය
ජූලි 24 – සිව්වන විස්සයි – විස්ස තරගය – කොළඹ BRC ක්‍රීඩාංගණය (උදෑසන)
ජූලි 24 – විස්සයි – විස්ස තරගය – කොළඹ BRC ක්‍රීඩාංගණය (සවස)

 

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංචිතය – චන්දන සූරියආරච්චි (නායක – B3), දිනේෂ් මතුගම (උප නායක – B2), චන්දන දේශප්‍රිය (B3), දිමුත් රවීන්ද්‍ර (B1), නුවන්ත සුදේශ් (B1), චන්දන බණ්ඩාර (B2), දමිත් සඳරුවන් (B3), කේ. සිල්වා (B1), සහන් කුමාර (B1), සමන් කුමාර (B1), සමන් තුෂාර (B2), ප්‍රියන්ත කුමාර (B3), රුවන් වසන්ත (B2), මනුක සචින්ත (B1), දමිත් තුෂාර (B1), කෝසල හේරත් (B1), තුෂාර උදයංග (B3), රුවන් කරුණාතිලක (B3)

තරගාවලියේ සියලුම තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<