ශ්‍රී ලංකා සවි ඔසවන්නෝ සමස්ත පිරිමි ශූරතාව දිනා ගනිති!

ආසියා පැසිෆික් Classic හා Equipped සවි එසවීමේ ශුරතාවලිය 2019

115

ශ්‍රී ලංකා සුපිරි සවි ඔසවන්නන් වන ප්‍රදීප් කුමාර, හිරාන් ප්‍රනාන්දු සහ රන්සිළු ජයතිලක අද (13) ඉතිහාසය අලුතෙන් ලියන්නට සමත් වූයේ 2019 ආසියා පැසිෆික් Classic හා Equipped සවි එසවීමේ ශූරතාවලියේ සමස්ත පිරිමි ශූරයින් ලෙස සම්මාන දිනා ගනිමිනි. තරගාවලියේ පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් හීදීයි.

Video – ආසියාව ජය ගන්න සවි ඔසවන්නන් සූදානම්

මාර්තු මස 12 වැනිදා සිට17 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර දී පැවැත්වෙන 2019 ආසියානු සවි එසවීම් ශූරතාවයට සහභාගී වීම සඳහා එකොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්…

ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර සවි එසවීමේ තරගාවලියක සමස්ත ශූරතාවයක්  දිනා ගත් පළමු අවස්ථාව මෙයයි. ඊයේ කාන්තා ක්‍රීඩිකාවන් පදක්කම් හතරක් දිනා දෙමින් ලබා දුන් සුපිරි ආරම්භය ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉදිරියටම රැගෙන ගිය අද දිනයේ පදක්කම් හතක් දිනා ගනිමින්. ඒ පදක්කම් හත තුලට රන් පදක්කම් හයක් හා එක් රිදී පදක්කමක් අඩංගු වීම විශේෂත්වයක්.

රන්සිළු ජාතික වාර්තා දෙකක් බිඳ හෙළයි

රන්සිළු විවෘත කාණ්ඩයේ රන් පදක්කම් තුනක් දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ ශූරතා බලාපොරොත්තු දල්වමිනි. ශ්‍රී ලංකාවේ දක්ෂතම සවි එසවීමේ ක්‍රීඩකයා වන රන්සිළු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගාවලි හතළිහකට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කර ඇති අතර Equipped 120Kg වැඩි කාණ්ඩයේ තරඟ කළ ඔහු සුපිරි දක්ෂතා දැක්වූයේ කිලෝග්‍රෑම් 720ක් ඔසවමිනි. රන්සිළු එම දක්ෂතාව දැක්වීමේ දී ජාතික වාර්තා දෙකක් ද බිඳ දැමුවේ 290Kgක් squat අකාරයෙන් හා 300Kgක් deadlift ආකාරයෙන් ඔසවමිනි.

ප්‍රදීප් කුමාර පිරිමි කිලෝග්‍රෑම් 59 කාණ්ඩයේ රන් පදක්කමක් දිනා ගත්තේ කිලෝග්‍රෑම් 550ක් ඔසවමිනි. ඔහු Squat ආකාරයට 180Kgක්,  Bench ආකාරයට 105Kgක් හ Deadlift ආකාරයට 220Kgක් ඔසවන ලදි. හිරාන් ප්‍රනාන්දු ද රන් පදක්කමක් දිනා ගත්තේ පිරිමි කිලෝග්‍රෑම් 93 කාණ්ඩයෙනි. ඒ කිලෝග්‍රෑම් 600ක මුළු බරක් ඔසවමිනි. ඔහුගේ එම දක්ෂතාවය සටහන් වූයේ Squat ආකාරයට 240Kgක්, Bench ආකාරයට 140Kgක් හා deadlift ආකාරයට 220Kgක් ලෙසයි.  

මේරියන් ජාතික වාර්තා හතරක් බිඳ දමද්දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

2019 ආසියා පැසිෆික් Classic හා Equipped සවි එසවීමේ ශූරතාවලිය ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර දී ආරම්භ වූ අතර පළමු දිනයේම සුපිරි දස්කම් දක්වමින් ශ්‍රී ලංකා සවි එසවීමේ…

ප්‍රවීණ රග්බි පුහුණුකරුවෙකු හා ක්‍රීඩා උපදේශකයෙකු වන මෝතිලාල් ජයතිලක මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතරම වයස හුදෙක්ම ඉලක්කමක් පමණක් බව පසක් කරමින් කිලෝග්‍රෑම් 50 කාණ්ඩයෙන් රන් පදක්කමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීම සුවිශේෂයි. ඔහු එසවූ මුළු බර කිලෝග්‍රෑම් 360ක්.ඒ Squat ආකාරයට 100Kgක්, Bench ආකාරයට 80Kgක් හා deadlift ආකාරයට 180Kgක් ලෙසිනි.

යොවුන් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පිවිසෙයි

සවි එසවීමේ අනාගත බලාපොරොත්තු ඉතා දීප්තිමත් බව පෙන්නුම් කරමින් යොවුන් ක්‍රීඩකයින් ද තරගාවලියේ කනිෂ්ඨ කාණ්ඩයේ ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. යොවුන් ක්‍රීඩකයින් රන් පදක්කම් දෙකක් දිනා ගත් අතර නිවේන්ද්‍ර සිල්වා කිලෝග්‍රෑම් 120+ කාණ්ඩයෙන් රන් පදක්කමක් දිනා ගත්තේ මුළු බර ලෙස කිලෝග්‍රෑම් 435ක් ඔසවමිනි. ඒ Squat ආකාරයට 150Kgක්, Bench ආකාරයට 115Kgක් හා deadlift ආකාරයට 170Kgක් ලෙසයි. කකොල්‍ය ජන්මොඩ් කිලෝග්‍රෑම් 105 කාණ්ඩයෙන් තරග කළ අතර ඔහුත් රන් පදක්කමක් දිනා ගත්තේ කිලෝග්‍රෑම් 492ක මුළු බරක් ඔසවමිනි. ඔහුගේ මුළු බර සමන්විත වූයේ Squat ආකාරයට 180Kgක් Bench ආකාරයට 100Kgක් හා deadlift ආකාරයට 212Kgක් ලෙසිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ equipped කාණ්ඩයේ සුපිරි දස්කම් දැක්වූයේ පළමු දින දෙකේ පදක්කම් 11ක් දිනා ගනිමිනි. එයට රන් පදක්කම් අටක් හා රිදී පදක්කම් තුනක් ඇතුළත්. Classic අංශයේ තරග එළඹෙන 15 හා 16 දිනවල පැවැත්වෙන අතර හෙට දිනය (14) විවේක දිනයක් ලෙස නම් කර ඇත.

තරගාවලියේ තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<