නැන්ජින් ලෝක ශූරතාවයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

167
Beach Volleyball

එළඹෙන ජුනි මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා චීනයේ දී පැවැත්වීමට නියමිත බීච් වොලිබෝල් ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම් සමත් විය.

හසිනි සහ රංග බීච් වොලිබෝල් කණ්ඩායම සමඟ තායිලන්තයට

ආසියානු වොලිබෝල් සම්මේලනය මඟින් ප්‍රථම වරට පවත්වනු ලබන වයස අවුරුදු 21න් පහළ ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය, එළඹෙන මාර්තු මස 02 වැනිදා සිට මාර්තු 04 වැනිදා දක්වා තායිලන්තයේ “රොසිට්” නුවර දී පැවැත්වේ…

මාර්තු  02 වැනිදා සිට 04 වැනිදා දක්වා තායිලන්තයේ රෝ සිටි හිදී පැවති වයස අවුරුදු 21න් පහළ ආසියානු ශූරතා බීච් වොලිබෝල් තරගාවලියේ දී දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදි.

මෙම තරගාවලිය සඳහා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකක් සහභාගී වූ අතර සමස්ත තරගාවලියට පිරිමි කණ්ඩායම් 23ක් හා කාන්තා කණ්ඩායම් 19ක් සහභාගී විය.

තරගාවලියේ මූලික වටයේ පිරිමි තරග, කාණ්ඩ 8ක් යටතේ පැවති අතර මෙහි දී ශ්‍රී ලංකාව විසින් වියට්නාමය වට 2 – 1ක් ලෙස පරාජය කරමින් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව දෙවන වටයේ දී ප්‍රබල කණ්ඩායමක් වන චීනය සමඟ තරග කළ අතර එහි දී 14 – 21ක් හා 17 – 21ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු විය. නමුත් කසකස්තානය සමඟ පැවති තරගය, වට 2 – 0ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පිරිමි තරගාවලිය නිමා වන විට ආසියාව නියෝජනය කල රටවල් 9 අතරින් 6 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඩී. කේ. රංග ප්‍රභාත්, ජේ. එල්. අශේන් රශ්මික, තරිඳු මදුසංඛ, පී. ජී. මිහිරංග උදයකුමාර යන ක්‍රීඩකයින් ආසියානු තරගාවලිය සඳහා සහභාගී වූ පිරිමි කණ්ඩායම නියෝජනය කරන ලදි.

මේ අතර නැන්ජින් ලෝක ශූරතාව සඳහා සුදුසුකම් ලබා ගැනීමට කාන්තා කණ්ඩායම ද සමත් වූයේ, තෝරා ගත්  රටවල් 9ක් අතරින් 6 වැනි ස්ථානය හිමි කර ගනිමිනි.

එම්. එච් . හෂිනි මල්ෂා ප්‍රියමාලි, ඒ. තාරකී නෙළුම් ප්‍රියදර්ශනි, ඩබ්. ෂෙහානි අසංගා, ඩබ්. රමේෂා මධුෂානි පීරිස් කාන්තා කණ්ඩායම නියෝජනය කරන ලදි.

පිරිමි කණ්ඩායම එම්. ජේ. මහේෂ් පෙරේරා මහතා ද කාන්තා කණ්ඩායම කේ. ඒ. සජිත් නන්දසිරි මහතා විසින් ද පුහුණු කරවන ලදි.

කෙසේ නමුත් නැන්ජින් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් පමණක් සහභාගී කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට