ජාතික පුහුණුකරුවෙකු රිය අනතුරකින් මිය යයි

163
Sri lanka beach volleyball

ශ්‍රී ලංකා ජාතික වෙරළ වොලිබෝල් සංචිතයේ පුහුණුකරු ලෙස සේවය කළ ඩබ්. ඒ. ප්‍රසන්න උදයකුමාර මහතා ඊයේ (20) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වී ඇත.

ඊයේ උදෑසන 8.30 පමණ සීදුව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වීමට යන අතරතුර වේයන්ගොඩ පට්ටිගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී ඔහු ගමන් ගත් මෝටර් රථය දුම්රියක ගැටීම නිසාවෙන් සිදු වූ අනතුරෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය. අනතුරින් ඔහු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

විදුලි සැරයෙන් යුධ හමුදා බර අවි අක්‍රීය වෙයි

වොලිබෝල් ක්‍රීඩාවේ උණුසුම හා චමත්කාරය මනා ලෙස විදහා දක්වමින් අද දින (18) පැවැත්වූ මන්චි..

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් ක්‍රීඩාවට අනගි මෙහෙවරක් ඉටු කර ඇති උදයකුමාර මහතා 2003 වසරේ සිට අඛණ්ඩව 2017 වසර දක්වා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කර ඇත.

කලක් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ උදයකුමාර මහතා සිය වෘත්තිය ජීවිතයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් 21 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 16 දෙනෙකු බිහි කිරීමට සමත් වී ඇති අතර SAF කලාපයේ රන් පදක්කම්, ආසියානු කලාපයේ රිදි හා ලෝකඩ පදක්කම් ඇතුළු ජාත්‍යන්තර පදක්කම් 11ක් ශ්‍රී ලංකාවට දිනා දීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකර ඇත.

ගුවන් ප්‍රහාරයෙන් යුධ හමුදාවට බරපතළ හානි

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ කාන්තා ආධිපත්‍යය තමා සතු බැව් යළිත් වරක් සනාථ කරමින්..

අවසන් කටයුතු සඳහා ඔහුගේ දේහය බණ්ඩාරනායක මාවත, බුලනවැව, දේවහූව, ගලේවෙල යන ලිපිනය සඳහන් නිවසෙහි තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (22) සිදු කිරීමට නියමිතයි.

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<