ගිම්හාන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

162
Sri Lanka Athletic Squad

2019 ජූලි මස 03 වනදා සිට 14 වනදා දක්වා ඉතාලියේ නැපෝලි නුවර පැවැත්වීමට නියමිත “30 වන ගිම්හාන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල” (30th Summer Universiade) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජවන සහ පිටිය ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කරනු ලබයි.

අපේ දෙයකින් කරන හොඳ වැඩක්

සමපෝෂ පූර්ණ අනුග්‍රහය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල එක්ව සංවිධානය කරනු ලබන ” 2019..

ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට අධික සංඛ්‍යාවක්, ඉසව්වන් 50ක් සඳහා තරග වදින යුනිවර්සියාඩ් හි විශාලතම තනි ක්‍රීඩාව වන “මලල ක්‍රීඩා” 2019 ගිම්හාන විශ්වවිද්‍යාලය ක්‍රීඩා උළෙල තුළ වඩාත් ජනප්‍රිය ක්‍රීඩා ඉසව්වක් වනු ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරග වදින අතර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව, රුහුණ, කොළඹ, වයඹ සහ කැලණිය යන විශ්වවිද්‍යාල නියෝජනය කරනු ඇත. රොෂාන් දම්මික, ඔමායා උදයංගනී සහ හෂිනි පබෝදා වැනි ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් වීම මෙම සංචිතයේ ශක්තිය තීව්‍ර කරනු ඇත.

ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුකරුවන් ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ සමන්තා ලලානි මහත්මිය සහ ඩබ්. ඒ. එල්. රොහාන් මහතා කටයුතු කරන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එස්. එම්. බී. බී. සමරකොන් මහතා මෙම සංචාරයේ කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.

අහිමිවීම් මැද ඉපදුනු ඔහු – ඔස්කා පිස්ටෝරියස්

ලොව පුරා සිටින දෛවයට සිනාසුනු මිනිසුන් වෙනුවෙන් පවත්වන එක් ක්‍රීඩා උළෙලක් තිබෙනවා…

ගිම්හාන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය :

කවිඳු ලක්නාත් (මීටර 400/ මීටර 4*400), යොහාන් කාවින්ද (4*400), කේ. දයාරත්න (4*100), එස්. වැනිලන් මාර්ක් (තුන් පිම්ම), ඩී. සී. පතිරාජ (දුර පැනීම), කවිඳු අරලිය (4*100), ඩිලානි ප්‍රනාන්දු (මීටර 800), කේ. අබේරත්න (මීටර 400 කඩුලු), ඔමායා උදයංගනී (මීටර 100/200/400/4*400), රොෂාන් දම්මික (මීටර 100 කඩුලු ) – සබරගමුව විශ්වවිද්‍යාලය 

එල්. ඒ. කුමාර (මීටර 400/ 4*400), මලින් උදයකුමාර (දුර පැනීම/ 4*100), අක්ෂණ මාරලන්ද (මීටර 4* 100), අයි. ශ්‍රීමාලි (මීටර 4*100), බී. එස්. දුලක්ෂි (4*100), එස්. වී. වික්‍රමරත්න (මීටර 4*100), හෂිනි පබෝදා (තුන් පිම්ම) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පසිඳු පියතිලක (4*100), කසුන් ඩයස් (4*100 ), ඒ. ජයමිණි (හෙල්ල විසිකිරීම) – රුහුණු විශ්වවිද්‍යාලය

ශමිෂ රිෂාඩ් (යගුලිය දැමීම) – කැළණිය විශ්වවිද්‍යාලය

එම්. නිෆ්රාස් (මීටර 1500 ), චේතක විජේසිංහ (හෙල්ල විසිකිරීම), ගිහාන් රණවීර (මීටර 100/4*100)කොළඹ විශ්වවිද්‍යාලය 

මෙම තරගාවලියේ ජවන හා පිටිය තරග ජූලි මස 08 වන දින සිට ජූලි 13 වන දින දක්වා නැපෝලි හි සැන් පලෝ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<