සමස්ත ශූරතාවය යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු බලඝණයට

187

ශ්‍රි ලංකා යුද හමුදා ස්වේච්ඡා බලඝන අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවය අද (05) සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ නව තරග වාර්තා 22ක් සමඟිනි.

නව තරග වාර්තා 8ක් සමඟින් දෙවන දිනය නිමා වෙයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (03) ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලගන අන්තර්…

ඊයේ දිනය නිමාව දකින විට නව තරග වාර්තා 8 බිහිවී තිබු අතර අද දිනයේ දී එයට තවත් තරග වාර්තා 14ක් ඇතුළු වීම විශේෂත්වයකි. මෙම නව තරග වාර්තා අතර පිරිමි මීටර 100 ඉසව්ව තත්පර 10.37න් අවසන් කිරීමට සමත් වූ හිමාෂ එෂාන් ෙවඩාත් කැපී පෙනුණි.  ඔහු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තේරී පත්වූ ක්‍රීඩකයෙක් වීම තවත් විශේෂ කාරණයක් විය. පිරිමි මීටර 200 නව තරග වාර්තාවට හිමිකම් කීමට ඩී. කේ. විජේරත්න සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 21.31කි.

නිමාලි, හිමාෂ, ෂෙලින්ඩා, චතුරංග, සුගන්ධි ප්‍රථම ස්ථානවලට

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දෙවන අදියරේ තරගාවලිය අද..

කාන්තා ඉසව්වල සමස්ත නව තරග වාර්තා 7ක් වාර්තා වී තිබූ අතර ඉන් මීටර 100 ඉසව්වේ නව තරග වාර්තාවට හිමිකම් කීමට එල්. එස්. සිල්වා ක්‍රීඩිකාවට හැකි විය. කාන්තා මීටර 400 ඉසව්වේ නව තරග වාර්තාවේ හිමිකාරිණිය ආර්. නදීෂා වූ අතර ඇය වාර්තා කළ  කාලය තත්පර 53.30කි. මෙම නව තරග වාර්තා ගොන්නට පිරිමි ඉසව් නියෝජනය කරමින් වාර්තා 15ක් එක්වූ අතර කාන්තා ඉසව් නියෝජනය කරමින් වාර්තා 7ක් බිහි විය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තෝරා ගැනීමේ තරග ඇරඹේ

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තරග මාර්තු 22..

අද දිනය නිමා වන විට සමස්ත පිරිමි ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට විදුලි හා යාන්ත්‍රික බලඝනය සමත් වූ ඇතර ඔවුන් ලබා ගත් ලකුණු ප්‍රමාණය 273කි. කාන්තා ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුද හමුදා 4 වැනි කාන්තා බලඝනය සමත් විය. අවසන් දෙදින පුරාවටම සමස්ත ලකුණු සටහනේ පෙරමුණේ ප්‍රථම ස්ථානවල කිසිදු වෙනසක් නොවීම විශේෂත්වයකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<