නව තරග වාර්තා 8ක් සමඟින් දෙවන දිනය නිමා වෙයි

309

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (03) ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලගන අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවය තරගාවලිය අද (04) දෙවන දිනට නිමාව දකින විට නව තරග වාර්තා 8ක් බිහි වී තිබුණි.

අද දිනය නිමා වන විට විදුලි හා යාන්ත්‍රික බලඇණිය පිරිමි ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටියි. කාන්තා ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය සමත් වී ඇත.

නිමාලි, හිමාෂ, ෂෙලින්ඩා, චතුරංග, සුගන්ධි ප්‍රථම ස්ථානවලට

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දෙවන අදියරේ තරගාවලිය..

එම්. කේ. කුෂාන්ත මීටර 800 පිරිමි ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර ඔහු ඒ සඳහා ගත කළ කාලය මිනිත්තු 1:49.36කි. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා තේරීපත්වූ ග්‍රේෂන් පියරත්න දුර පැනීම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු විසින් වාර්තා කළ දුර ප්‍රමාණය  මීටර 7.86කි. කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ නව තරග වාර්තාවට හිමිකම් කියන්නට එස්. එම්. ආසික් සමත් වූ අතර ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 44.27කි.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තෝරා ගැනීමේ තරග ඇරඹේ

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තරග…

අද දිනය තුල දී කාන්තා අංශයෙන් නව තරග වාර්තා 3ක් බිහි වූ අතර ඉන් ප්‍රථම වාර්තාව පිහිටු වීමට මීටර 10000 ඇවිදීම ඉසව්ව නියෝජනය කළ  එම්. එන්.නන්දසේනට හැකි විය. ඇය විසින් වාර්තා කළ කාලය මිනිත්තු 37:34.58කි.

මීටර 3000 බාධක දිවීම කාන්තා ඉසව්ව නියෝජනය කළ එස්. එන්. බණ්ඩාර නව තරග වාර්තාවක් පිටවූ අතර ඇය විසින් වාර්තා කළ කාලය මිනිත්තු 11.17.11කි. දිනයේ අවසාන කාන්තා වාර්තාව පිහිටුවීමට මිටිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ එස්. එම්. අමරසිංහට හැකි විය. ඇය විසින් වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 44.60කි.  

ශ්‍රී ලංකා යෞවනයෝ රිදී 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනති

3 වැනි වරටත් පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් 3ක් සමඟින්..

ලකුණු 128ක් ලබා ගත් විදුලි හා යාන්ත්‍රික බලඇණිය පිරිමි ඉසව්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටින අතර ලකුණු සටහනේ දෙවන ස්ථානය ලකුණු 93ක් ලබාගෙන සිටින පාබළ රෙජිමේන්තුවට හිමි වී ඇත.

කාන්තා ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය සමත් වී සිටින්නේ ලකුණු 144ක් ලබා ගනිමිනි. මෙම තරගාවලිය හෙටින් (05) අවසන් වීමට නියමිතයි.

 Sri Lanka Army Volunteer Force Inter Regiment Athletics Championship
               
Day 2 Results
Event No   201   10Km Race Walk Men Final  
Place Bib Regiment No Rank Athlete Name Regiment Performance Remarks
1 317 S/D100912 PTE BANGAMUWAGE  BGS SLLI 52:08.76
2 616 S/Q103163 PTE YAPARATHNA YMW SLNG 52:20.66
3 556 S/92771 CFM CHAMARA OLAN SLEME 53:08.34
4 630 S/Q105301 PTE RAJAPAKSHA CNDZ SLNG 54:17.91
5 319 S/VFRD97337 REC NADEESHA  PAS SLLI 54:53.20
6 390 S/G101909 PTE RATHNAYAKA RDS GR 55:17.90
7 572 S/98419 CFM THANUSHAN S SLEME 1:00:44.35
Event No   202   10Km Race Walk Women Final  
Place Bib Regiment No Rank Athlete Name Unit Performance Remarks
1 156 S/R100427 PTE MADIRIKA  UVK 4(V) SLAWC 57:25.90
Event No   205   Long Jump Men Final  
Place Bib Regiment No Rank Athlete Name Regiment Performance Remarks
1 566 S/94502 CFM PIYARATHNA GKDS SLEME 7.86 * NMR +1.0
2 550 S/89677 CFM DANANJAYA LG SLEME 7.50 -0.0
3 301 S/D101703 PTE KARUNASEKARA  KKMK SLLI 7.48 -0.5
4 302 S/VFRD98809 REC JAYASIRI  WPA SLLI 7.45 +1.6
5 300 S/D101169 PTE NILANGA  LPS SLLI 7.14 +0.8
6 226 S/A100478 GNR ARIYAARATHNA  GJAM SLA 7.10 +1.5
7 543 S/M100944 CFM UDAYAKUMARA WM SLEME 7.01 +2.1
8 362 S/101395 PTE WEERAKAMAL  PD GW 6.69 +2.2
Event No   207   100m Hurdles Women Final  
Place Bib Regiment No Rank Athlete Name Unit Performance Remarks
1 113 S/R101623 PTE HAPUARACHCHI   HWK 2(V) SLAWC 15.19 -1.1
2 107 S/R100429 PTE FREANANDO PSN 2(V) SLAWC 15.70
3 123 S/3R01678 CPL NELUMDEVI TA 3(V) SLAWC 20.55
4 166 S/96162 REC SHANIKA DMT 4(V) SLAWC 22.42
5 171 S/2018VFRD 96183 REC CHATHURANGI SHS 5(V) SLAWC 25.29
6 178 S/96170 REC WEERASINGHE NMH 4(V) SLAWC 26.33
7 176 S/2018VFRD 95710 REC HANSIKA ADL 5(V) SLAWC 26.40
181 S/2018VFRD95684 REC WIJESINGHE WADS 5(V) SLAWC DNF
Event No   208   3000m Steeple Chase Women Final
Place Bib Regiment No Rank Athlete Name Unit Performance Remarks
1 106 S/R100426 PTE BANDARA ASN 2(V) SLAWC 11:17.11 * NMR
2 104 S/R100412 PTE UDAYA KUMARI HIG 2(V) SLAWC 12:06.41
3 158 S/R100816 PTE JAYATHUNGA JASU 4(V) SLAWC 14:08.53
Event No   209   3000m Steeple Chase Men Final  
Place Bib Regiment No Rank Athlete Name Regiment Performance Remarks
1 214 S/5A02987 BDR PUSHPAKUMARA  RMS SLA 9:19.00
2 353 S/100700 L/CPL KUMARA  KHMS GW 9:25.17
3 294 S/D100557 L.CPL WIJENAYEKA    DGJ SLLI 9:33.52
4 618 S/Q109190 PTE SAMARASINGHA MA SLNG 9:39.05
5 537 S/M101195 L/CPL CHANDRADASAN S SLEME 9:42.56
6 405 S/3H97396 REC WIKRAMASINGHA  WMSE VIR 9:43.21
7 549 S/89676 CFM RUPASINGHA SAM SLEME 9:45.29
8 567 S/97311 CFM DILSHAN SMVS SLEME 10:01.16
Event No   216   Discuss Throw Women Final  
Place Bib Regiment No Rank Athlete Name Unit Performance Remarks
1 148 S/4R00919 CPL NILMINI  EP 4(V) SLAWC 34.13
2 175 S/R100406 PTE RATHNASIRI WMSN 5(V) SLAWC 24.46
3 168 S/5R00882 SGT ABEYKOON WAWP 5(V) SLAWC 21.88
4 128 S/3R02208 L/CPL LAKMINI  COORAY RAS 3(V) SLAWC 20.08
5 141 S/2018VFRD95691 REC EKANAYAKE EMSM 3(V) SLAWC 17.73
6 116 S/R101789 PTE PEREAMUNA MVUM 2(V) SLAWC 16.43
7 151 S/4R01475 L/CPL SUNETHRA GG 4(V) SLAWC 15.32
8 144 S/2018VFRD95698 REC DULANJALEE MGS 3(V) SLAWC 14.35
Event No   217   Shot Put Men Final  
Place Bib Regiment No Rank Athlete Name Regiment Performance Remarks
1 534 S/M100943 L/CPL JAYAWARDHANE RS SLEME 15.98 * NMR
2 229 S/A100471 GNR FERNANDO  WSM SLA 15.37
3 553 S/92763 CFM FERDINANDAS WHC SLEME 14.34
4 545 S/M101158 CFM DELWITA BD SLEME 13.78
5 227 S/12A02156 L/BDR PERERA  UPD SLA 13.64
6 475 S/2K02149 PTE SILVA GSS SLASC 13.41
7 455 S/8S00096 L/CPL DE SILVA  MGIT CES 12.74
8 228 S/A100085 GNR JAYAKODI  S SLA 12.42
Event No   218   200m Women Final  
Place Bib Regiment No Rank Athlete Name Unit Performance Remarks
1 130 S/3R02278 L/CPL JAYATHILAKA MAS 3(V) SLAWC 25.86 -2.7
2 157 S/R100705 PTE JAYASINGHE DGKS 4(V) SLAWC 26.24
3 138 S/2017VFRD94249 REC PREMARATHNA DGJHPR 3(V) SLAWC 30.28
4 262 S/C101288 SGM ARIYASINGHE  RDAV SLSC(W) 34.05
5 261 S/C101287 SGM DE SILWA  J S N T SLSC(W) 34.52
6 141 S/2018VFRD95691 REC EKANAYAKE EMSM 3(V) SLAWC 35.16
7 181 S/2018VFRD95684 REC WIJESINGHE WADS 5(V) SLAWC 38.53
Event No   221   4x 400m Women Final  
Place Bib Regiment No Rank UNIT   Performance Remarks
1 34 4(V) SLAWC 4:05.2 Hand Time
2 32 2(V) SLAWC 4:29.4
3 33 3(V) SLAWC 5:00.3
4 31 SLSC(W) 5:29.6
5 35 * 5(V) SLAWC 5:33.1
Event No   222   800m Men Final  
Place Bib Regiment No Rank Athlete Name Regiment Performance Remarks
1 535 S/M100621 L/CPL KUSHANTHA MMK SLEME 1:49.36 * NMR
2 339 S/E100646 RFM KUMARA  HMS SLSR 1:50.08
3 286 S/D100656 L.CPL FONSEKA    HKT SLLI 1:50.44
4 287 S/D100732 L.CPL WEDAGEDARA  WNSK SLLI 1:51.02
5 212 S/A100322 GNR KUMARA  WAD SLA 1:52.93
6 614 S/Q107662 PTE RATHNAYAKE RMRP SLNG 1:53.31
7 536 S/M100861 L/CPL BUDDIKA WPP SLEME 1:56.06
569 S/97313 CFM LAKSHAN RPI SLEME DNR
Event No   223   Decathlon Men Final  
Place Bib Regiment No Rank Athlete Name Regiment Performance Remarks
1 562 S/94497 CFM ASAN MIM SLEME 6721 * NMR
2 547 S/M101154 CFM LAKMAL MMR SLEME 6262
3 327 S/15E01063 L/CPL GURUSINHA  PD SLSR 5837
4 533 S/M100869 L/CPL SATHEESAN R SLEME 5634
5 316 S/D100618 PTE FANANDO  TPD SLLI 5554
6 438 S/H102160 PTE NAWODITH PERERA  DPAH VIR 5310
7 366 S/F100630 L/CPL PERAMUNA  PRRL GW 5094

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<