කොදෙව්වන් පරාජය කරමින් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

455
Jeffrey Vandersay

රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී, සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වුනු තෙවන හා අවසන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ලකුණු 138ක ජයග්‍රහණයක් සමඟින් තරගාවලියේද ජයග්‍රහණය දිනා ගැනීමට අද (21) සමත් විය.

පසුගිය ලිපි: සඳකැන්, කසුන් කොදෙව් සිහින බොඳ කරයි?

දිනය ආරම්භ කරන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි රොෂේන් සිල්වා එක් 4 පහරක් සමගින් ලකුණු 29*ක් හා දසුන් ශානක ලකුණු 7ක් ලබා ගෙන සිටි අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු  211ක් ලෙස සටහන්ව තිබුණි.

පෙර දිනයේ සිටම දසුන් ශානක හා රොෂේන් සිල්වා විසින් 6 වන කඩුල්ලට ලකුණු 65ක හොඳ සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය අද උදෑසනම අවසන් වීමත් සමගින් තරගයේ දෙවන ඉණිම අත්හිටුවීමට ශ්‍රී ලංකා A කණ්ඩායම තීරණය කරන ලදි. රොෂේන් 4 පහර 3ක් සමගින් ලකුණු 44ක් ලබා ගෙන 6වන කඩුල්ල ලෙස දැවීයන ලදි.

ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවන ඉණිම – 257/06 dec (74.2): අසේල ගුණරත්න 69, සඳුන් වීරක්කොඩි 48, රොෂේන් සිල්වා 44, කිරෙන් පවෙල්  44, දසුන් ශානක 33*, රහකීම් කෝන්වල් 4/87

ලකුණු 333ක අභියෝගයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම විසින් හොඳ ආරම්භක සබඳතාවයක් ගොඩනගා ගත්තද, මැදපෙළ පිතිකරණය ජෙෆ්රි වැන්ඩර්සේගේ පන්දු හමුවේ අන්ද මන්ද වී යන ලදි.

පළමු කඩුල්ල සඳහා ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැංවූ රජේන්ද්‍ර චන්ද්‍රික හා කිරෙන් පවෙල් ආරම්භක සබඳතාවය හොඳ මට්ටමකට ගෙන ආ අතර 4 පහර 7ක් හා එක් 6 පහරක් ලබා ගෙන සිටි පවෙල් පළමු කඩුල්ල ලෙස දැවීයන ලදි.

ලකුණු 124කට කඩුලු 4ක් දැවීගොස් තිබියදී පිටියට පිවිසි නායක ශම්රා බෲක්ස් හා ජමාර් හැමිල්ටන් 5වන කඩුල්ල සඳහා ලකුණු 47ක සබඳතාවයක් ගොඩනඟන ලදි. එම සබඳතාවය බිඳ දමන්නට ක්‍රියාත්මක වූ වැන්ඩර්සේ 4 පහර 5ක් සමගින් ලකුණු 46ක් ලබාගෙන සිටි නායක බෲක්ස් දවාගනිමින් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හරවා ගන්නා ලදි.

ඡායාරූප ඇල්බමය

කොදෙව් කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 23ක් ඇතුළත දවාලීමට වැන්ඩර්සේ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 138ක දැවැන්ත ජයක් සමගින් සිව්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

කොදෙව් A කණ්ඩායම දෙවන ඉණිම – 194/10 (67.2): ශම්රා බෲක්ස් 46, ජමාර් හැමිල්ටන්, ජෙෆ්රි වැන්ඩසේ 6/47, ලක්ෂාන් සඳකැන් 3/61

තරගයේ පළමු ඉණිමේ සාරාංශ ලකුණු පුවරුව,

ශ්‍රී ලංකා පළමු ඉණිම – 318/10 (89.2): සඳුන් වීරක්කොඩි 79, කුසල් ජනිත් 69, රොශ්න් සිල්වා 49, චරිත් අසලංක 46, කසුන් මදුසංක 20, ඩිලොරන් ජොන්සන් 4/65, රහකීම් කෝන්වල් 3/93

කොදෙව් A පළමු ඉණිම – 243/10 (61.4): ශිම්රන් හේට්මයර් 94, ශම්රන් බෲක්ස් 54, රහකීම් කෝන්වල් 25, කසුන් මදුසංක 3/45, ලක්ෂාන් සඳකැන් 3/54

දෙරට අතර පළමු නිල නොවන එක්දින තරඟය ඔක්තෝබර් 24 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට

Crawler