පුෂ්පකුමාර හා ජයසූරිය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය රැගෙන එයි

1446

බංග්ලාදේශ A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති තෙවන නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 38කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙස සමස්ත තරගාවලිය ජය ගැනීමට අද (12) සමත් විය.

ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව ගෞරවනීයත්වයට පත් කරයි

සංචාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ගෞරවනීය තැනක තබමින් ෂෙහාන් ජයසූරිය…

තෙවැනි දිනය සඳහා අද තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 57ක් ලබාගෙන සිටියා. එක් 4 පහරක් සමඟ ලකුණු 13ක් ලබා සිටි මිසනුර් රහ්මන් දැවී යාමත් සමඟම බංග්ලාදේශ A කණ්ඩායමේ බිඳ වැටීම ආරම්භ විය. එම බිඳ වැටීම කඩුලු 6ක් බිඳ වැටෙන තුරු නවතා ගැනීමට බංග්ලාදේශ A පිතිකරුවන් අපොහසත් විය.

අනතුරුව පිටියේ එක්වූ සුන්සමුල් ඉස්ලාම් හා සයිෆ් හසන් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් එක් කරමින් එක පෙළට බිඳ වැටුණු කඩුලුවලට විරාමයක් තබන ලදි. සුන්සමුල් ඉස්ලාම් හා සයිෆ් හසන් පිළිවෙළින් ලකුණු 16කට හා ලකුණු 17කට දැවී යද්දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සාකර් 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 28කට දැවී ගියේය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් සටනේ වැඩි බර කා හට ද?

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාසයකට…

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ අවසන් කඩුලු 4 ලකුණු 10ක් තුල දවා ගනිමින් දක්ෂ ලෙස ක්‍රීඩා කළ අතර පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟපන්දු යවන මලින්ද පුෂ්පකුමාර පන්දුවාර 19යි පන්දු 3ක් තුල ලකුණු 46කට කඩුලු 6ක් දවා ගන්නා ලදි. ඊට අමතරව ෂෙහාන් ජයසූරිය හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

තරගයේ වීරයා – ෂෙහාන් ජයසූරිය

බංග්ලාදේශ A පළමු ඉනිම – 167/10 (62.3): සකීර් හසන් 42, සුන්සමුල් ඉස්ලාම් 41, නයීම් හසන් 22, ෂෙහාන් ජයසූරිය 3/47, මාලින්ද පුෂ්පකුමාර 3/48, ප්‍රභාත් ජයසූරිය 3/12

ශ්‍රී ලංකා A පළමු ඉනිම – 312/10 (81.1): ෂෙහාන් ජයසූරිය 142, සම්මු අශාන් 60, මනෝජ් සරත්චන්ද්‍ර 33, මලින්ද පුෂ්පකුමාර 27, මුස්ටෆිසුර් රාහ්මන් 3/44, නයීම් හසන් 2/95, සුන්සමුල් ඉස්ලාම් 4/104

බංග්ලාදේශ A දෙවන ඉනිම – 107/10 ( 45.3): සෞම්‍ය සාකර් 28, ෂද්මන් ඉස්ලාම් 19, මලින්ද පුෂ්පකුමාර 6/46.

ශ්‍රී ලංකා A කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු නිල නොවන එක්දින ක්‍රිකට් තරගය ලබන 17 වනදා සිලේට් හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<