දිමුත් සහ සඳකැන් විසඳුමක් නැති තරගයේ අවසන් දිනයේ දක්ෂතා අතරට

2588

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී සාහුර් අහමඩ් චෞද්‍රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ජය පරාජයෙන් තොරව නිමා විය.

ශ්‍රී ලංකා A ක්‍රීඩකයන්ට බංගලියන්ගෙන් පන්දු රැකීමේ පුහුණු සැසියක්

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායමේ මොසඩැක් හුසේන් සහ සබීර් රහමන් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා එක් කළ ලකුණු 209ක සබඳතාව ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට…

තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 262ක් ලබා සිටිය හ. පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රැස් කළ ලකුණු සංඛ්‍යාව කඩුලු 8ක් දැවී 449කි. බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 414ක් රැස් කළහ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී නායක දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු 161ක් ද ඇතුලත් ය. ආරම්භක පිතිකරු ලෙසින් පැමිණි දිමුත් පන්දු165කට මුහුණ දෙමින් හතරේ පහර 23කින් සහ හයේ පහරකින් තම ඉනිම වර්ණවත් කළේය. දිමුත් සහ ලහිරු මිලන්ත (30) අතර පළමු කඩුල්ලට ලකුණු සබඳතාව 93කි.

එතැන් සිට ලහිරු තිරිමාන්න හා එක්වූ දිමුත් දෙවැනි කඩුල්ලට ගොඩ නැගූ ලකුණු සබඳතාව 165කි. පළමු ඉනිමේ දී දැවැන්ත ඉනිමක් ගොඩ නැගූ තරගය නතර කරන විට තිරිමාන්න පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයේ සිටියේ අශාන් ප්‍රියංජන් (02) ය.

තෙවැනි දිනය නිමාවේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 360ක් ලබා සිටි අතර සිව්වැනි දිනය ආරම්භ කරමින් සබීර් රාහ්මන් (144*) සහ සකීර් හසන් (27*) පිටියට පිවිසිය හ. නමුත් ලකුණු පුවරුව 27ක් පිවිසෙද්දී සකීර් හසන් (35) පිටියෙන් ඉවත් කිරීමට ලක්ෂාන් සඳකැන් සමත් විය. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ ලකුණු සබඳතාව 104කි.

ඒ හා සමගම තවත් ලකුණු 7ක් ලකුණු පුවරුවට එක් වෙද්දී එතෙක් වේලා දැවැන්ත ඉනිමක් ගොඩ නගමින් සිටි සබීර් රහමන් දවා ගැනීමට නැවත ක්‍රියාත්මක වූ සඳකැන් සමත් විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් දැවී ගිය රහමන් පන්දු 287කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 165ක් ලබා ගත්තේ ය.

එතැන් සිට වූ කඩුලු 4 ලකුණු 20ක් තුළ දවා ගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

බංග්ලාදේශ ඉනිම නිමාවේ දී ලක්ෂාන් සඳකැන් බංග්ලාදේශයේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙමින් ලකුණු 108කට කඩුලු 5ක් දවා ගත්තේය. ඊට අමතරව ප්‍රභාත් ජයසූරිය ලකුණු 83කට කඩුලු 3ක් ද, ඉනිමේ ආරම්භක කඩුලු 2ක දවා ගත් නිසල තාරක සහ චරිත් අසලංක කඩුල්ල බැගින් ද ලබා ගත් හ.

ලකුණු 35ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය නිමාවේ දී කඩුලු 2ක් දැවී ලකුණු 262ක් ලබා සිටිය හ.

සජිත් ප්‍රනාන්දුට නව තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක් මෙන්ම දක්ෂ පළමු පෙළ ක්‍රීඩකයෙක් වූ සජිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස පත් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ජූලි 03 වැනිදා සිට 06 වැනිදා දක්වා කොක්ස් බසාර් හි පිහිටි ෂෙයික් කමාල් ඇකඩමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා A කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 449 (131.1) දිමුත් කරුණාරත්න 60, ලහිරු තිරිමාන්න 168, අශාන් ප්‍රියංජන් 23, චරිත් අසලංක 90, සම්මු අශාන් 70, නිසල තාරක 20, අබු හයිඩර් රොනි 2/69, කාලිඩ් අහමඩ් 4/92

බංග්ලාදේශ A කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 414 (135.0) සෞම්‍ය සාකර් 21, තුෂාර් ඉම්රාන් 25, මොසඩැක් හුසේන් 135,  සබීර් රාහ්මන් 165, සකීර් හසන් 35, ප්‍රභාත් ජයසූරිය 3/83, ලක්ෂාන් සඳකැන් 5/108

ශ්‍රී ලංකා A කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 262 (57.0) දිමුත් කරුණාරත්න 161, ලහිරු මිලන්ත 30, ලහිරු තිරිමාන්න නොදැවී 67

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<