කොදෙව්වන් පන්දුවේ වාසියත් හිමිකර ගනිද්දී නායකයා හුදකලා සටනක

1660

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර ජැමෙයිකාවේ ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයටත් වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර දිනය තුළ ක්‍රියාත්මක  හැකි වුණේ පන්දු වාර 53ක් පමණයි.

මේ අනුව තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීම තරමක් අසීරු ඉලක්කයක් බවට පත් වුවත් ශ්‍රී ලංකා ‘ඒ’ කඩුලු7ක් දවා ගනිමින් තරගයේ වැඩි ගෞරව තමන් වෙත හරවා ගන්නට කොදෙව්වන් සමත් විය.

දෙවන දිනයට වැස්ස හරස් වෙයි – කොදෙව්වන් ප්‍රබල ස්ථානයක

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වර්ෂාව හේතුවෙන්…

ඊයේ (13) තුන්වන දිනයට තරගය ආරම්භ කරන අවස්ථාවේ දී ම පළමු ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමට කොදෙව් ‘ඒ’ නායක සාමාර් බෘක්ස් පියවර ගන්නා ලදි. කියොන් ජෝසප් සිය පළමු පන්දුවෙන්ම ශ්‍රී ලංකා කඩුලු දඩයම ආරම්භ කළේ සඳුන් වීරක්කොඩි ලකුණු ලබා ගැනීමට පෙර නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

රොන් චන්ද්‍රගුප්ත පන්දු 57ක් පුරා පිටියේ රැඳී සිටිය ද ශෙල්ඩන් කොට්‍රෙල්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 11ක් පමණි. චරිත් අසලංක ලකුණු 10කට දැවී ගිය අතර, දසුන් ශානක ලකුණු 20ක් සහ වනිඳු හසරංග ලකුණු 24ක් සමඟින් සාර්ථක ආරම්භයන් ලබා ගත්ත ද, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට දෙදෙනාම අසමත් විය.

තමන් වටා පිතිකරුවන් එකිනෙකා දැවී යද්දී හුදකලා සටනක නිරත වූ නායක ධනංජය ද සිල්වා සිය සුපුරුදු පිතිකරණ රටාව ප්‍රදර්ශනය කරන්නට සමත් විය. පිටිය සිසාරා හතරේ පහර 10ක් සහ හයේ පහර 3 ක් එල්ල කළ ධනංජය ලකුණු 104 ක් රැස් කළේ පන්දු 143කට පමණක් මුහුණ දෙමින්. වරෙක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 171ක් ලබාගෙන ස්ථාවර තත්ත්වයක පසු වුවත් ලකුණු 10ක් තුළ කඩුලු 3ක් දවාගත් කොදෙව්වන් තෙවන දිනයේ තේ පානය සඳහා තරගය නතර කිරීමට පෙර යලි තරගයට අවතීර්ණ වීමට සමත් විය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට අකිල ධනංජයගෙන් පාඩමක්!

පාකිස්තානු පිතිකරුවන් ශතක වාර්තා කරමින් දස්කම් පෑ තණතිල්ලේ ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ වීම නිසා අද (13) පාකිස්තානය සමඟ පැවති පළමු එක්දින තරගයෙන්…

ෂෙහාන් ජයසුරිය සහ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 20ක නොබිඳුණු සබඳතාවක් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම නවතාලන්නට සමත් වූ අතර තේ පානය අතරතුර ඇතිවූ විදුලි කෙටීම් සහ වැසි සහිත කාලගුණය හේතුවෙන් තෙවන දිනයේ කටයුතු නවතා දැමීමට විනිසුරුවන්ට සිදු විය. අද තරගයේ අවසන් දිනයයි.

ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ පළමු ඉනිම (අත්හිටුවන ලදී) – 364/8 (120) – සුනිල් අම්බ්‍රිස් – 106, විශාල් සිං – 81, ජෝන් කැම්බල් – 56, රකීම් කෝන්වෝල් – 36, මාලින්ද පුෂ්පකුමාර – 3/104, චාමික කරුණාරත්න – 2/61, අසිත ප්‍රනාන්දු – 1/37, ෂෙහාන් ජයසූරිය – 1/43

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 201/7 (53) – ධනංජය ද සිල්වා – 104, වනිඳු හසරංග – 24, දසුන් ශානක – 20, ෂෙහාන් ජයසුරිය – 12*, කියොන් ජෝසප් 2/28,  ඩේමියන් ජෙකබ්ස් 2/33 ශෙල්ඩන් කොට්‍රෙල් 2/41,

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න