වර්ෂාව තීරණය කල තරගයේ ජය පරාජය

285
Sri Lanka A v Durham cc 1st Cricket ODI day 4

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය ආරම්භ කරමින් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟය  (26) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී ආරම්භ විය. අද (29) මෙම තරගයේ අවසන් දිනය විය. වර්ෂාවෙන් බාධා පැමිණි නිසා තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය.

පසුගිය ලිපි: අර්ධ ශතක 3ක් ලබා වාර්තාවක්

අද දින (29) චෙස්ටර් ලී ස්ට්‍රීට් ප්‍රදේශයට වැටුණු අධික ධාරානිපාත වර්ෂාව නිසා තරඟයේ සිව්වන දිනය හා අවසන් දිනය වන ආරම්භ කිරීමට නොහැකි වූ අතර එම නිසා විනිසුරුවරුන් තරඟය ජය පරාජයෙන් තොරව නිමා කරන ලදි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගයේ සම්පූර්ණ ලකුණු වාර්තාව පහත දැක්වේ.

ශ්‍රී ලංකා A පළමු ඉණිම – 353 (114.2) රොශ්න් සිල්වා 109, සචිත් පතිරණ 51, ළහිරු ගමගේ 43* , මාධව වර්ණපුර 34, සිං සන්දු 4/70, පෝල් කෝලින් 3/65

ඩර්හැම් කණ්ඩායම පළමු ඉණිම – 205-10 (54.1)  ජේම්ස් මිචෙල්  70, පිලිප් මස්ටර්ඩ් 38, විලියම් පොයින්ටර් 29, විශ්ව ප්‍රනාන්දු 5/37, ළහිරු ගමගේ 3/49

ශ්‍රී ලංකා A දෙවන ඉණිම – 143-2 (52)* මහේල උඩවත්ත 45*, රොශ්න් සිල්වා 43*, මාධව වර්ණපුර 27, ජෝශ් කෝලින් 1/10

ශ්‍රී ලංකා A කණ්ඩායම එංගලන්ත තරඟ සංචාරයේ මීළඟ තරඟය පාකිස්තාන A කණ්ඩායම සමඟ ලබන ජුලි 3 සිට 6 දක්වා එංගලන්තයේ ලෙස්ටර් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න