Home Sinhala ඉන්දීය අණසක හමුවේ හුදෙකලා වූ ශෙහාන්ගෙන් තවත් ශතකයක්

ඉන්දීය අණසක හමුවේ හුදෙකලා වූ ශෙහාන්ගෙන් තවත් ශතකයක්

1510

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (08) පැවැත්වූ දෙවන නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය A කණ්ඩායම සමත් විය.

හුදකලා වූ ශෙහාන්ගෙන් මන්දගාමී ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියට මුල පුරමින් අද (06) පැවැත්වූ පළමු නිල නොවන එක්දින…

දිවා තරගයක් ලෙස බෙලගාම්හිදී පැවැත්වූ මෙම තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක අශාන් ප්‍රියන්ජන් තීරණය කළ අතර එහි දී ශ්‍රී ලංකා A කණ්ඩායම තම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 242ක් ලබා ගත්තේ ය.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ නිරෝෂන් දික්වැල්ල සහ සධීර සමරවික්‍රමයි.

නමුත් ඉනිම ආරම්භයේම අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සිව් දෙනෙකුම පළමු පන්දුවාර 10 තුළ එකා පිට එකා දැවී ගියේ ලකුණු 27ක් තුළ දී ය.

ඉන් පළමු කඩුල්ල ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 6ක් සටහන් වන විට ලකුණු 5ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ එම අසාර්ථක ආරම්භයට මුල පුරමිනි. ශාන් පොරෙල්ගේ පන්දුවක් හමුවේ පෙරළා ඔහුටම උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියේ ය.

ඉන්පසු පිටියට පිවිසි භානුක රාජපක්ෂ ද ආ විගසම ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 7/2ක් බවට පත් කරමිනි. ඔහු දැවී ගියේ තුෂාර් දේශ්පන්ඩේගේ පන්දුවක් හමුවේ දීපක් හූඩා අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

අනතුරුව නො.4 පිතිකරු ලෙස පිටියට පිවිසියේ පළමු තරගයේ ශතකලාභී පිතිකරු ශෙහාන් ජයසූරියයි.

මුළු ලකුණු 16 වන විට ආරම්භක පිතිකරු සධීර ද දැවී ගියේ ලකුණු 6ක් පමණක් ලබා සිටිය දී ය. තුෂාර් දේශ්පන්ඩේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔහු දැවී ගියේ ඉනිමේ තෙවන කඩුල්ල ලෙසිනි.

ඉන්පසු ශෙහාන් සමඟ අනෙක් අන්තයට පිතිකරණයට පිවිසියේ නායක අශාන් ප්‍රියන්ජන් ය. එහෙත් ඉනිමට තවත් ලකුණු 11ක් එක් කරමින් ප්‍රියන්ජන් ද ආ විගසම දැවී ගියේ ශ්‍රී ලංකා පිතිකරණ අංශය තවත් අන්ත අසරණ කරමිනි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 27/4ක් ලෙස සටහන් කරමින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේ ශිවාම් ඩුබේගේ පන්දුවක් හමුවේ තුෂාර් දේශ්පන්ඩේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

පළමු කඩුලු 4ම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් අනතුරුව නො.6 පිතිකරු වශයෙන් පිටියට එක් වූයේ පිවිසි කමිඳු මෙන්ඩිස් ය.

ශෙහාන් සමඟ එක්ව ලකුණු 22ක සබඳතාවයක් පමණක් පැවැත්වූ ඔහු ද ලකුණු 10ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 49/5ක් බවට පත්කරමිනි. ඔහු දැවී ගියේ ශිවාම් ඩුබේගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ඉෂාන් කිශාන් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන්පසු ශෙහාන්ගේ සහයක පිතිකරු ලෙසින් පිටියට එක් වූයේ ප්‍රහාරාත්මක පිතිකරු දසුන් ශානකයි. අනෙකුත් පිතිකරුවන්ට සාපේක්ෂව ඔහු ලකුණු ලබාගත් නමුත් නිත්‍ය පිතිකරුවෙකු ලෙස පන්දු 19කට පමණක් මුහුණ දී ඔහු ද ලකුණු 20ක් වැනි අඩු ලකුණු ගණනකට දැවී ගියේ ශෙහාන්ව අනෙක් අන්තයේ හුදකලා කරමිනි. ගෝපාල්ගේ පන්දුවක් හමුවේ ගයික්වාඩ් අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 81/6ක් ලෙස දිස් විය.

අනතුරුව පිටියට පිවිසියේ තුන් ඉරියව් ක්‍රීඩක ඉෂාන් ජයරත්නයි. අනෙකුත් නම් දැරූ සියලුම මුල්පෙළ හා මැදපෙළ පිතිකරුවන්ට ආදර්ශයක් වෙමින් ඔහු ශෙහාන් හට අනගි සහයක් ලබා දීමට සමත් වූයේ ශ්‍රී ලංකා ඉනිම නොසිතූ ලකුණු සංඛ්‍යාවකට රැගෙන යමිනි.

එමෙන්ම පළමු තරගයේ තම රිද්මය ඒ ආකාරෙයෙන්ම පවත්වා ගත් ශෙහාන් ද පිටියේ තැන්පත් වෙමින් පිට පිට තම දෙවන ශතකය ද වාර්තා කළේ වගකීම් සහිත පිතිකරණයක නිරත වෙමිනි. පන්දු 139කට මුහුණ දෙමින් ලකුණු 101ක් ලබා ගැනීමට ඔහු සමත් වූයේ ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ නැංගුරම බවට පත්වෙමිනි.

ඊට අනගි සහයක් ලබා දුන් ඉෂාන් ජයරත්න ශෙහාන්ගේ ඉනිමට හාත්පසින්ම වෙනස් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 73කින් වේගවත් ලකුණු 79ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවමිනි.

ඒ සමඟම ශෙහාන් – ඉෂාන් යුගලය එක්ව ලකුණු 142ක සබඳතාවයක් පැවැත්වූයේ ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ ප්‍රධාන නියමුවන් දෙදෙනා බවට පත්වෙමිනි.

මුළු ලකුණු සංඛ්‍යාව 223ක් දක්වා එම සබඳතාවය ඇදී ගිය අතර අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ශෙහාන් ඉනිමේ 49 වැනි පන්දු වාරයේ දී දැවී ගියේ දීපක් හූඩාගේ පන්දුවක් හමුවේ චොප්‍රා අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉනිම අවසන් වන තුරුම කඩුල්ලේ රැඳී සිටීමට ඉෂාන් ජයරත්න සමත් වූයේ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව 242/7ක් ලෙසින් ඔසවා තබමිනි. ඉනිම අවසානයේ ඔහු සමඟ නොදැවී කඩුල්ලේ රැඳී සිටි අකිල ධනංජය පන්දු 5කදී ලකුණු 7ක් ලබා ගනිමිනි.

පන්දු යැවීමේ දී ශිවාම් ඩුබේ 47/2ක් සහ තුෂාර් දේශ්පන්ඩේ 51/2ක් ලෙස තම පන්දු යැවීම් වාර්තා සටහන් කළේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නන් බවට පත් වෙමිනි.

ඕස්ට්‍රේලියාව බේරගත්ත කෝල්ටර්-නයිල් සංචිතයෙන් හැලේ?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (6) ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති…

ලකුණු 243ක ඉලක්කයක් හඹා යාම සඳහා පිළිතුරු ඉනිම ඇරඹීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ රුටුරාජ් ගයික්වාඩ් සහ ෂුබ්මන් ගිල් දෙදෙනායි.

ඉනිම ආරම්භයේ පටන්ම ප්‍රවේගකාරී පිතිහරඹය රටාවක නිරත වූ ඔවුන් දෙදෙනා පිටිය සිසාරා පන්දුවට වැරෙන් පහර දුන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි.

වේගපන්දු යවන්නන්ට පමණක් නොව දඟපන්දු යවන්නන්ට ද එලව එලවා පහර දෙමින් පිටිය වර්ණවත් කළ ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 226ක දැවැන්ත සබඳතාවයක් පැවැත්වීමට සමත් වූයේ කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුව තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. ගයික්වාඩ් සහ ගිල් දෙදෙනා ඔවුනොවුන්ට දෙවැනි නොවෙමින් ආක්‍රමණශීලී ලෙස ලකුණු ලබා ගනිමින් ශතක වාර්තා කළේ ඉන්දියාව මෙම තරගාවලියේ දෙවන තරගයේ ජයග්‍රහණයට ද දොරටු විවර කරමිනි.

මෙම තරගාවලියේ පිට පිට තම දෙවන ශතකය ද වාර්තා කිරීමට සමත් වූ ගයික්වාඩ් පන්දු 94කින් නොදැවී ලකුණු 125ක් වාර්තා කිරීමට සමත් වූයේ ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමිනි.

ඔහුට නොදෙවැනි වූ ශුබ්මාන් ගිල් ද පන්දු 96කින් ප්‍රවේගකාරී ලකුණු 109ක් ලබා ගත්තේ ගයික්වාඩ්ට අනගි සහයක් ලබා දෙමිනි. එහෙත් තරගය අවසන් කිරීමට සුළු මොහොතකට පෙරාතුව අවසාන මොහොතේ ගිල් ආබාධයකට ගොදුරු වී නැවත ක්‍රීඩාගාරය කරා ගමන් කළේ තම විශිෂ්ට ඉනිමේ අවසානය සනිටුහන් කරමිනි.

දෝනිට අත් ආවරණ ගලවන්නට වෙයි ද?

ඉන්දියානු යුධ හමුදා පැරා කණ්ඩායම් වල සංකේතය වන බලිදාන් සංකේතය සහිත අත් ආවරණ සමඟින් කඩුලු රකින මහේන්ද්‍ර…

අවසානයේ කිසිවකු නොදැවී ඉන්දියාව මෙම තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කළේ පන්දු වාර 16.3ක් ම ඉතිරිව තිබිය දී ය. පන්දු වාර 33.3ක් තුළ ඉන්දියාව 243/0 ලෙස තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ තරගාවලියේ මේ දක්වා සියලුම ගෞරව තමන් සන්තක කර ගනිමිනි.

ඉන්දීය පිතිකරුවන්ගේ අණසක හමුවේ අන්ත අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙකුට එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වූයේ සමස්ත තරගයේම ආධිපත්‍යය ඉන්දියානුවන්ට හිමිකර දෙමිනි.

තරගය අවසන් වන විට ශතකලාභී රුටුරාජ් ගයික්වාඩ් සමඟ අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි නො.3 පිතිකරු ප්‍රශාන්ත් චොප්රා පන්දු 11ක දී එක් ලකුණක් ලබා සිටියේ ය.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය A කණ්ඩායම සමත් විය. තරගාවලියේ තෙවන නිල නොවන එක්දින තරගය එළඹෙන 10 වැනිදා බෙලගාම්හීදීම පැවැත්වීමට නියමිතව ඇත.

Result


Sri Lanka A Team
242/7 (50)

India A Team
243/0 (33.3)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c & b Ishan Porel 5 13 1 0 38.46
Sadeera Samarawickrama lbw b Tushar Deshpande 6 15 1 0 40.00
Bhanuka Rajapaksa c Deepak Hooda b Tushar Deshpande 0 4 0 0 0.00
Shehan Jayasuriya c Prashant Chopra b Deepak Hooda 101 139 8 1 72.66
Ashan Priyanjan c Tushar Deshpande b Shivam Dube 5 10 1 0 50.00
Kamindu Mendis c Ishan Porel b Shivam Dube 10 24 2 0 41.67
Dasun Shanaka c Shreyas Gopal b Ruturaj Gaikwad 20 19 3 0 105.26
Ishan Jayaratne not out 79 73 7 1 108.22
Akila Dananjaya not out 7 5 0 0 140.00


Extras 9 (b 0 , lb 5 , nb 2, w 2, pen 0)
Total 242/7 (50 Overs, RR: 4.84)
Fall of Wickets 1-6 (2.5) Niroshan Dickwella, 2-7 (3.6) Bhanuka Rajapaksa, 3-16 (5.6) Sadeera Samarawickrama, 4-27 (9.4) Ashan Priyanjan, 5-49 (15.5) Kamindu Mendis, 6-81 (23.1) Dasun Shanaka, 7-223 (48.4) Shehan Jayasuriya,

Bowling O M R W Econ
Ishan Porel 9 1 38 1 4.22
Tushar Deshpande 10 0 51 2 5.10
Shivam Dube 8 0 47 2 5.88
Washington Sundar 10 0 38 0 3.80
Shreyas Gopal 7 0 26 1 3.71
Deepak Hooda 6 0 37 1 6.17


Batsmen R B 4s 6s SR
Ruturaj Gaikwad not out 125 94 14 4 132.98
Shubman Gill not out 109 96 14 2 113.54
Prashant Chopra not out 1 11 0 0 9.09


Extras 8 (b 0 , lb 2 , nb 0, w 6, pen 0)
Total 243/0 (33.3 Overs, RR: 7.25)
Bowling O M R W Econ
Lahiru Kumara 5 0 42 0 8.40
Asitha Fernando 5 0 28 0 5.60
Akila Dananjaya 9 0 56 0 6.22
Kamindu Mendis 5.3 0 44 0 8.30
Ishan Jayaratne 2 0 20 0 10.00
Shehan Jayasuriya 5 0 32 0 6.40
Ashan Priyanjan 2 0 19 0 9.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<