Home Sinhala හුදකලා වූ භානුකගෙන් ප්‍රවේගකාරී ශතකයක්

හුදකලා වූ භානුකගෙන් ප්‍රවේගකාරී ශතකයක්

238

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවන නිල නොවන ටෙස්ට් තරගය පසුගිය දා හුබ්ලි හීදී ඇරඹුණු එහි තෙවන දිනය අද (02) සාර්ථකව නිමාවට පත්විය.

අද දිනය නිමා කරන විට ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් තම දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 210ක් ලබා සිටි අතර එහි දී පිටියේ පිතිකරණයේ නියැලෙමින් සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 33ක් සහ ලක්ෂාන් සඳකැන් එක් ලකුණක් බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

කමිඳුගේ ලකුණු 68න් ශ්‍රී ලංකාවේ ජාමය බේරෙයි

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවන නිල නොවන ටෙස්ට්…

තරගයේ මුලින්ම පන්දුවට පහර දීම තෝරාගත් ඉන්දියානුවන් තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 269ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස තම පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා ලකුණු 212ක් ලබා ගත්තේ ය. ඉන්පසු තම දෙවන ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 372ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය.

ඊයේ දිනය අවසානයේ තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 216ක් ලබා සිටි අතර ඒ වන විට පිටියේ පිතිකරණයේ නියැලෙමින් ශිවාම් ඩුබෙ සහ රාහුල් චහාර් ලකුණු 5 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ය.

අද දිනය ආරම්භයේ කඩුල්ලේ රැඳී සිටි ශිවාම් ඩුබෙ සහ රාහුල් චහාර් දෙදෙනා එක්ව ලකුණු පුවරුව 243ක් දක්වා රැගෙන යාමට සමත් වූයේ පිටියේ තැන්පත් වෙමින් ලබා ගත් ආරම්භයත් සමඟිනි.

පසුව ක්‍රියාත්මක වූ ලක්ෂාන් සඳකැන් විසින් ශිවාම් ඩුබෙගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ ඔහු ලකුණු 19ක් ලබා සිටිය දී ය. පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ඔහු දැවී යාමත් සමඟම ඉන්දීය ලකුණු පුවරුව 243/7ක් ලෙස සටහන් විය.

ඉන්පසු පිටියට පිවිසියේ දේශීය පිටියේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වන දකුණත් පිතිකරු ජයන්ත් යාදව් ය.

රාහුල් චහාර් සමඟ එක්ව ඔහු කෙමෙන් කෙමෙන් ඉන්දීය ලකුණු පුවරුව ඉදිරියට රැගෙන ගියේ ඉතා වගකීම සහිත පිතිකරණයක නිරත වෙමිනි. ඔවුන් දෙදෙනා එක්ව ඉන්දීය ලකුණු පුවරුව 366ක් දක්වා රැගෙන යාමට සමත් වූයේ ලකුණු 123ක දැවැන්ත සබඳතාවයක් පිහිටුවමිනි. ඒ සමඟම තරගයේ සම්පූර්ණ ආධිපත්‍යය තමන් වෙත නතුකර ගැනීමට ඉන්දියාව සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව අන්ත අසරණ කරමිනි.

ඔවුන් දෙදෙනා තම පන්දු යැවීමෙන් ද ශ්‍රී ලංකාවට විශාලතම අභියෝගයක් වූ පන්දු යවන්නන් වූ අතර අද දින ඔවුන්ගේ පිතිකරණයෙන් ද හිසරදයක් වූයේ පිළිවෙළින් චහාර් සහ යාදව් ලකුණු 84ක් සහ 53ක් ලබා ගනිමිනි.

මුළු ලකුණු සංඛ්‍යාව 366 දී ඉන්දීය ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස ලහිරු කුමාර විසින් එම සබඳතාවය බිඳ දැමීමට සමත් වූයේ රාහුල් චහාර්ගේ කඩුල්ල දවා ගනිමිනි.

අපිට තව තරග අටක් තිබෙනවා – දිමුත්

නවසීලන්තය සමඟ තරගය පරාජය වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ……

ඒ සමඟම අනෙක් අන්තයේ සිටි ජයන්ත් යාදව් ද විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ඉනිමේ 9 වැනි කඩුල්ල වශයෙන් දැවී ගියේය.

ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවීමට තිබූ විශාලතම හානිය සිදු වී හමාර වූ අතර ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් සන්දීප් වෝරියර් ද ලකුණු නොලබා දුවද්දී දැවී ගියේ ඉන්දීය දෙවන ඉනිම ලකුණු 372කට සීමා කරමිනි.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු 68/3ක් සහ සඳකැන් 87/3ක් ලෙස තම පන්දු යැවීම් වාර්තාව සටහන් කළහ.

ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් තම දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය බවට පත්වූයේ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වූ සධීර සමරවික්‍රම සහ පැතුම් නිස්සංක දෙදෙනායි. එහෙත් පළමු ඉනිමේ මෙන්ම ඉතා අසාර්ථක ආරම්භයක් ලබාගත් ඔවුන් දෙදෙනාවම ආ විගස ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය වේගපන්දු යවන්නන් සමත් වූයේ තරගය ශ්‍රී ලංකාවෙන් තවත් දුරස් කරමිනි.

මෙහි දී ලකුණු 4ක් ලබා සිටි සධීර සමරවික්‍රම සන්දීප් වෝරියර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින භරත්ට උඩ පන්දුවක් ලබා දී මුලින්ම දැවී ගිය අතර ඉන්පසු ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 4/1ක් ලෙස දිස් විය.

ඉන්පසුව පැතුම් නිස්සංක ද ලකුණු 5ක් ලබා සිටිය දී දැවී ගියේ ශිවම් ඩූබෙගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. මුල් කඩුලු දෙක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ 34/2ක් ලෙස යි. ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි වමත් පිතිකරු භානුක රාජපක්ෂ සමඟ නො.4 පිතිකරු ලෙස පිටියට එක්වූයේ ශ්‍රී ලංකා නායක සහ දකුණත් පිතිකරු අශාන් ප්‍රියන්ජන් ය.

එනමුත් නායකත්වයේ වගකීමෙන් දුරස් වෙමින් නායක ප්‍රියන්ජන් ද තෙවන කඩුල්ල ලෙස මුලු ලකුණු 56 දී ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ශ්‍රී ලංකා පිල තවත් අසරණ කරමිනි. ලකුණු 6ක් ලබා සිටි ප්‍රියන්ජන් ද දැවී ගියේ ශිවම් ඩූබෙගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

අනතුරුව පිටියට එක්වූයේ කලකට පසු යළි ලකුණු අතරට එමින් සාර්ථක වූ ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නා සහ වමත් පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ලයි. අනෙක් අන්තයේ සිටි භානුක සමඟ එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 119ක් කරා ගෙන යාමට දික්වැල්ල සමත් වූවත් එම ලකුණු 63ක සබඳතාවයෙන් දික්වැල්ලට ලබාගත හැකි වූයේ ලකුණු 19ක් පමණි. ඔහු දැවී ගියේ රාහුල් චහාර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

නමුත් අනෙක් අන්තයේ හුදකලා වූ භානුක රාජපක්ෂ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පිටිය සිසාරා පහරවල් එල්ල කලේ ශ්‍රී ලංකා පිතිකරණ අංශයෙන් අස්වැසිල්ලක් වූ එකම පිතිකරුවා බවට පත්වෙමිනි.

ක්‍රිකට් හදපු ඉංග්‍රීසීන්ට ටිකට් බෙදන්න බැරි වෙයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙන්නේ….

ඉන්පසු පිටියට එක්වූයේ දකුණත් මැදපෙළ පිතිකරු ප්‍රියමාල් පෙරේරා වන අතර ඔහු ද ආ විගස ලකුණු 11කට දැවී ගියේ භානුකව අනෙක් අන්තයේ තනි කරමිනි. මුළු ලකුණු 143 දී ප්‍රියමාල් දැවී ගියේ රාහුල් චහාර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. අනතුරුව පිටියට පිවිසියේ වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් ය.

අනෙක් අන්තයෙන් එකපිට එක කඩුලු දැවී යද්දී තම සටන්කාමී ඉනිම නොනවත්වාම දියත් කළ භානුක ප්‍රවේගකාරී ලෙස පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් විශිෂ්ට ශතකයක් ලබාගත්තේ ඉන්දීය පන්දු යවන්නන්ව තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.

පන්දු 112ක දී වේගවත් ලකුණු 110ක් රැස්කළ භානුක ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 175 දී ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව වූ ඔහු දැවී ගියේ ඉන්දියාව දෙසට තරගය තවත් නැඹුරු කරමිනි.

ඉන්පසු කමිඳුගේ සහයක පිතිකරු ලෙස පිටියට එක්වූයේ මලින්ද පුෂ්පකුමාර යි. මලින්දට ද හරි හැටි දායකත්වයක් ලබා නොහැකි වූ අතර ඔහු ද ආධිත්‍ය සර්වටේගේ පන්දුවක් හමුවේ සිදේශ් ලාඩ් අතට උඩපන්දුවක් ලබා දී ලකුණු 11කට දැවී ගියේ ය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 200/7ක් ලෙස දිස්විය.

කෙසේ වෙතත් ඒ වන විට පිටියේ රැඳී සිටි කමිඳු සාර්ථක පිතිකරණයක නිරත වූ අතර අද දිනය අවසන් වන විට ඔහු නොදැවී ලකුණු 33ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයේ රැඳී සිටි ලක්ෂාන් සඳකැන් නොදැවී ලකුණු 2ක් ලබා සිටියේ ය.

දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 210/7ක් ලෙස දිස් වූ අතර ඔවුන් තවත් කඩුලු 3ක් පමණක් අතැතිව ලකුණු 220ක්ම පසුපසින් සිටින්නේ තරගයේ සියලු වාසි ඉන්දියාවට දැනටමත් විවර කරමිනි. තරගයේ අවසන් දිනය හෙටයි (03).

Result


Sri Lanka A Team
212/10 (60) & 277/10 (66.4)

India A Team
269/10 (69.1) & 372/10 (112.2)

Batsmen R B 4s 6s SR
PK Panchal c Niroshan Dickwella b Lahiru Kumara 0 3 0 0 0.00
AR Easwaran c Niroshan Dickwella b Lahiru Kumara 0 2 0 0 0.00
Anmolpreet Singh c Bhanuka Rajapaksa b Priyamal Perera 65 116 6 2 56.03
Siddhesh Lad c Niroshan Dickwella b Vishwa Fernando 32 47 5 0 68.09
KS Bharat c Niroshan Dickwella b Lahiru Kumara 117 156 14 1 75.00
Shivam Dube b Lakshan Sandakan 15 24 2 0 62.50
Jayant Yadav b Lakshan Sandakan 1 11 0 0 9.09
A Sarwate c Kamindu Mendis b Lakshan Sandakan 10 31 2 0 32.26
Rahul Chahar c Niroshan Dickwella b Lahiru Kumara 21 24 3 0 87.50
Sandeep Warrier lbw b Lakshan Sandakan 0 4 0 0 0.00
Ishan Porel not out 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 3 , nb 4, w 1, pen 0)
Total 269/10 (69.1 Overs, RR: 3.89)
Fall of Wickets 1-0 (0.3) PK Panchal, 2-2 (0.3) AR Easwaran, 3-64 (18.5) Siddhesh Lad, 4-155 (39.1) Anmolpreet Singh, 5-184 (48.4) Shivam Dube, 6-194 (52.4) Jayant Yadav, 7-214 (60.3) A Sarwate, 8-268 (67.6) Rahul Chahar, 9-269 (68.5) Sandeep Warrier, 10-269 (69.1) KS Bharat,

Bowling O M R W Econ
Lahiru Kumara 15.1 3 53 4 3.51
Vishwa Fernando 14 2 56 1 4.00
Malinda Pushpakumara 24 2 87 1 3.62
Bhanuka Rajapaksa 2 1 6 0 3.00
Lakshan Sandakan 14 0 64 4 4.57
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Jayant Yadav b Sandeep Warrier 0 1 0 0 0.00
Sadeera Samarawickrama lbw b Shivam Dube 8 15 2 0 53.33
Bhanuka Rajapaksa c AR Easwaran b Sandeep Warrier 18 28 4 0 64.29
Ashan Priyanjan c Anmolpreet Singh b Shivam Dube 19 20 3 0 95.00
Niroshan Dickwella c Anmolpreet Singh b Ishan Porel 39 42 6 0 92.86
Priyamal Perera c KS Bharat b Jayant Yadav 36 56 4 1 64.29
Kamindu Mendis b A Sarwate 68 105 11 0 64.76
Malinda Pushpakumara b Jayant Yadav 6 12 1 0 50.00
Lakshan Sandakan c KS Bharat b Jayant Yadav 11 40 0 0 27.50
Vishwa Fernando b Rahul Chahar 5 36 0 0 13.89
Lahiru Kumara not out 0 3 0 0 0.00


Extras 2 (b 0 , lb 0 , nb 2, w 0, pen 0)
Total 212/10 (60 Overs, RR: 3.53)
Fall of Wickets 1-0 (0.5) Pathum Nissanka, 2-26 (7.1) Sadeera Samarawickrama, 3-30 (8.4) Bhanuka Rajapaksa, 4-52 (13.4) Ashan Priyanjan, 5-105 (23.3) Niroshan Dickwella, 6-133 (32.2) Priyamal Perera, 7-145 (34.6) Malinda Pushpakumara, 8-185 (46.5) Lakshan Sandakan, 9-208 (58.3) Kamindu Mendis, 10-212 (59.6) Vishwa Fernando,

Bowling O M R W Econ
Sandeep Warrier 13 3 32 2 2.46
Ishan Porel 15 4 51 1 3.40
Shivam Dube 9 0 44 2 4.89
Rahul Chahar 7 1 39 1 5.57
A Sarwate 4 0 22 1 5.50
Jayant Yadav 12 4 24 3 2.00
Batsmen R B 4s 6s SR
AR Easwaran lbw b Vishwa Fernando 3 7 0 0 42.86
PK Panchal c Niroshan Dickwella b Vishwa Fernando 15 44 0 0 34.09
Anmolpreet Singh b Kamindu Mendis 60 69 9 0 86.96
Siddhesh Lad lbw b Lakshan Sandakan 58 76 6 0 76.32
KS Bharat b Malinda Pushpakumara 60 56 4 2 107.14
Shivam Dube b Lakshan Sandakan 19 28 1 1 67.86
A Sarwate c Niroshan Dickwella b Lakshan Sandakan 0 6 0 0 0.00
Rahul Chahar c Niroshan Dickwella b Lahiru Kumara 84 109 7 2 77.06
Jayant Yadav b Vishwa Fernando 53 96 3 0 55.21
Sandeep Warrier run out (Lakshan Sandakan) 0 7 0 0 0.00
Ishan Porel not out 4 3 1 0 133.33


Extras 16 (b 2 , lb 5 , nb 7, w 2, pen 0)
Total 372/10 (112.2 Overs, RR: 3.31)
Fall of Wickets 1-4 (1.2) AR Easwaran, 2-44 (14.1) PK Panchal, 3-107 (23.4) Anmolpreet Singh, 4-206 (40.6) Siddhesh Lad, 5-206 (41.2) KS Bharat, 6-207 (42.3) A Sarwate, 7-243 (50.5) Shivam Dube, 8-366 (80.1) Rahul Chahar, 9-368 (81.3) Jayant Yadav, 10-372 (82.2) Sandeep Warrier,

Bowling O M R W Econ
Lahiru Kumara 16.2 2 65 1 4.01
Vishwa Fernando 14 0 68 3 4.86
Malinda Pushpakumara 17 1 60 1 3.53
Lakshan Sandakan 19 0 87 3 4.58
Kamindu Mendis 7 0 36 1 5.14
Ashan Priyanjan 39 0 49 0 1.26


Batsmen R B 4s 6s SR
Sadeera Samarawickrama c KS Bharat b Sandeep Warrier 4 6 1 0 66.67
Pathum Nissanka lbw b Shivam Dube 5 23 0 0 21.74
Bhanuka Rajapaksa b Rahul Chahar 110 112 17 3 98.21
Ashan Priyanjan lbw b Shivam Dube 6 17 0 1 35.29
Niroshan Dickwella lbw b Rahul Chahar 18 39 2 0 46.15
Priyamal Perera lbw b Rahul Chahar 11 20 2 0 55.00
Kamindu Mendis b Jayant Yadav 46 63 6 0 73.02
Malinda Pushpakumara c Siddhesh Lad b A Sarwate 11 24 0 1 45.83
Lakshan Sandakan lbw b Rahul Chahar 8 38 1 0 21.05
Vishwa Fernando st KS Bharat b Rahul Chahar 32 42 5 1 76.19
Lahiru Kumara not out 13 20 1 1 65.00


Extras 13 (b 0 , lb 4 , nb 4, w 5, pen 0)
Total 277/10 (66.4 Overs, RR: 4.15)
Fall of Wickets 1-4 (0.6) Sadeera Samarawickrama, 2-34 (9.2) Pathum Nissanka, 3-56 (13.5) Ashan Priyanjan, 4-119 (26.6) Niroshan Dickwella, 5-143 (32.6) Priyamal Perera, 6-175 (38.5) Bhanuka Rajapaksa, 7-200 (45.2) Malinda Pushpakumara, 8-222 (54.4) Lakshan Sandakan, 9-234 (57.6) Kamindu Mendis, 10-277 (66.4) Vishwa Fernando,

Bowling O M R W Econ
Sandeep Warrier 8 0 33 1 4.12
Ishan Porel 5 2 11 0 2.20
A Sarwate 10 1 24 1 2.40
Shivam Dube 9 3 26 2 2.89
Rahul Chahar 20.4 0 112 5 5.49
Jayant Yadav 14 1 67 1 4.79



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<