Home Sinhala පංචාල්ගේ පිතිකරණයට විශ්ව සහ දික්වැල්ලගෙන් නැවතීමේ තිත

පංචාල්ගේ පිතිකරණයට විශ්ව සහ දික්වැල්ලගෙන් නැවතීමේ තිත

412

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගය අද (25) බෙල්ගාම් හිදී ඇරඹිණි.

තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහර දීමට ඉන්දීය නායක ප්‍රියන්ක් පංචාල් තීරණය කළ අතර එහි දී ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වූ නායක ප්‍රියන්ක් පංචාල් සමඟ අභිමන්යු ඊස්වරන් ය.

දිමුත්ගේ සහ ඇන්ජලෝගේ මහන්සිය ෆෙලුක්වායෝ අපතේ යවයි

ෆෆ් ඩු ප්ලෙසිස් සහ හෂීම් අම්ලාගේ අර්ධ ශතකවලින් හැඩවුනු දකුණු අප්‍රිකා ලකුණු පුවරුව පසුකර යෑමට දිමුත් කරුණාරත්න…

අද දිනය නිමා වන විට පළමු දිනයේ වාසිය මුළුමනින්ම තමන් සතුකර ගනිමින් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 376ක් රැස්කිරීමට සමත් වූයේ තරගයේ ආධිපත්‍යය තමන් වෙත නතු කරගනිමිනි.

අතිවිශිෂ්ට පිතිහරඹයක යෙදුණු පංචාල් සහ ඊස්වරන් පිළිවෙළින් ලකුණු 160ක් සහ නොදැවී ලකුණු 189ක් ලබා ගැනීමට සමත් විය. දිනය නිමා කරන විට ඊස්වරන් සමඟ අනික් අන්තයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි ලෙස ජයන්ත් යාදව් නොදැවී ලකුණු 6ක් ලබා සිටියේ ය.

තරමක් මන්දගාමී ලෙස කෙමෙන් කෙමෙන් ඉනිම ගොඩනගමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මොවුන් දෙදෙනා සමත් වූයේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හට තරගයේ මුල් පන්දුවාර කිහිපයේ තණතීරුවේ වාසිය ලබා ගැනීමේ අවකාශ උදුරා ගනිමිනි.

එහි දී ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය වූ ජාත්‍යන්තර අත්දැකීම් ද සහිත විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න යන කිසිදු පන්දු යවන්නෙකුට සාර්ථක වීමට ඉඩහසර ලබා නොදුන් පංචාල් සහ ඊස්වරන් දෙදෙනා තරගය දිවා විවේකය සඳහා නවතන විට වන ලකුණු සියයේ සීමාව ද ඉක්මවා ගියේ ප්‍රතිවාදීන් හට කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි.

සාර්ථක පළමු සැසියෙන් අනතුරුව තේ පානය දක්වා කාලසීමාවේ ද ඔවුන් දෙදෙනා තම කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන්නේ වේගපන්දු යවන්නන්ට පමණක් නොව දඟපන්දු යවන්නන්ට ද එලව එලවා පහර දෙමිනි. මෙහි දී ඊස්වරන් තරමක් ආක්‍රමණශීලී ලෙස ලකුණු ලබා ගත් අතර අනෙක් අන්තයේ සිටි නායක පංචාල් තරමක් සෙමෙන් තම ඉනිම ගොඩනගනු ලැබීය.

ශ්‍රී ලංකා A සංචිතයේ වෙනසක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා නම් කළ ටෙස්ට් සංචිතයේ සිටි වමත් දඟපන්දු ‍යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනියට එම තරග…

මෙහි සුවිශේෂීත්වය වන්නේ ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය මෙන්ම දඟපන්දු බලඇණියේ තුරුම්පු දෙක වන අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් යන දෙදෙනාත් ජාත්‍යන්තර තරග අත්දැකීම් සහිත පන්දු යවන්නන් වීමයි.

කෙසේ වෙතත් තේ පානයට තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 253ක් ලබා ගැනීමට ඊස්වරන් සහ පංචාල් සමත් විය.

තේ පානයෙන් අනතුරුව ද පිටිය සිසාරා තම සුපුරුදු පිතිහරඹය දියත් කළ මොවුන් දෙදෙනා ලකුණු 352ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය.

එහි දී ශ්‍රී ලංකා නායක අෂාන් ප්‍රියන්ජන්ට පන්දු යවන්නන් 8 දෙනෙකුම අත්හදා බැලීමට සිදු වූ අතර ඔවුන් අතරින් අවසාන මොහොතේ හෝ සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ විශ්ව ප්‍රනාන්දුට පමණි.

ඒ අනුව දිනය නිමා වීමට පන්දුවාර සුළු මොහොතකට පෙරාතුව, දිනයේ සැඳෑ භාගයේ දී ඉන්දීය නායක පංචාල්ගේ කඩුල්ල දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූ අතර දැවී යන විට ඔහු ලකුණු 160ක් රැස්කර තිබුණි. කඩුලු රකින නිරෝශන් දික්වැල්ලගේ අතට උඩපන්දුවක් ලබා දෙමින් සාර්ථක ඉනිමක් නිමා කළ ඔහුගෙන් පසුව පිටියට පිවිසියේ ජයන්ත් යාදව් ය. ඔහු දිනය නිමා වන විට නොදැවී ලකුණු 6ක් ලබා සිටියේ ය.

ශ්‍රී ලංකා A සමඟ සටනට ප්‍රබල ඉන්දීය කණ්ඩායමක්

මේ මස 25 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන…

ඉන්දියානු පිතිකරුවන් පළමු දිනය පුරා තම අණසක පැතිරවීමට සමත් වූයේ ප්‍රතිවාදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.

අද දිනයේ සාර්ථකම පිතිකරුවා බවට පත්කරමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ දැමූ අභිමන්යු ඊස්වරන් දිනය නිමා වන විට නොදැවී ලකුණු 189ක් ලබා ගත්තේ තරගයේ ප්‍රථම දින සියලු ගෞරවය තම කණ්ඩායම වෙත ලබා දෙමිනි.

Result


Sri Lanka A Team
232/10 (63.4) & 185/10 (52.3)

India A Team
622/5 (141)

Batsmen R B 4s 6s SR
PK Panchal c Niroshan Dickwella b Vishwa Fernando 160 261 9 2 61.30
AR Easwaran lbw b Akila Dananjaya 233 321 22 3 72.59
Jayant Yadav c Niroshan Dickwella b Vishwa Fernando 8 18 1 0 44.44
Anmolpreet Singh not out 116 165 11 0 70.30
Ricky Bhui b Lakshan Sandakan 1 3 0 0 33.33
Siddhesh Lad c Niroshan Dickwella b Lahiru Kumara 76 89 6 1 85.39


Extras 28 (b 8 , lb 12 , nb 5, w 3, pen 0)
Total 622/5 (141 Overs, RR: 4.41)
Fall of Wickets 1-390 (44.4) Jayant Yadav, 2-352 (83.1) PK Panchal, 3-466 (109.6) AR Easwaran, 4-469 (110.5) Ricky Bhui, 5-622 (141.6) Siddhesh Lad,

Bowling O M R W Econ
Vishwa Fernando 20.1 0 83 2 4.13
Lahiru Kumara 21 2 81 0 3.86
Akila Dananjaya 29 0 136 1 4.69
Chamika Karunaratne 18.5 1 62 0 3.35
Lakshan Sandakan 28 0 145 1 5.18
Ashan Priyanjan 12 1 48 0 4.00
Bhanuka Rajapaksa 10 0 27 0 2.70
Sangeeth Cooray 2 0 15 0 7.50
Batsmen R B 4s 6s SR
Sangeeth Cooray b Sandeep Warrier 0 6 0 0 0.00
Pathum Nissanka c AR Easwaran b Shivam Dube 6 38 1 0 15.79
Sadeera Samarawickrama b Sandeep Warrier 31 56 5 0 55.36
Bhanuka Rajapaksa c PK Panchal b Shivam Dube 0 1 0 0 0.00
Ashan Priyanjan c Ricky Bhui b Jayant Yadav 49 87 8 2 56.32
Niroshan Dickwella c Ankit Rajpoot b PK Panchal 103 113 13 0 91.15
Chamika Karunaratne b Rahul Chahar 1 11 0 0 9.09
Akila Dananjaya c KS Bharat b Rahul Chahar 16 28 2 1 57.14
Lakshan Sandakan lbw b Jayant Yadav 13 37 0 0 35.14
Vishwa Fernando not out 2 6 0 0 33.33
Lahiru Kumara c Ricky Bhui b Rahul Chahar 0 5 0 0 0.00


Extras 11 (b 0 , lb 5 , nb 6, w 0, pen 0)
Total 232/10 (63.4 Overs, RR: 3.64)
Fall of Wickets 1-1 (1.3) Sangeeth Cooray, 2-18 (11.4) Pathum Nissanka, 3-18 (11.5) Bhanuka Rajapaksa, 4-50 (20.1) Sadeera Samarawickrama, 5-161 (42.4) Ashan Priyanjan, 6-170 (45.4) Chamika Karunaratne, 7-203 (51.6) Akila Dananjaya, 8-229 (61.1) Niroshan Dickwella, 9-231 (62.2) Lakshan Sandakan, 10-232 (63.4) Lahiru Kumara,

Bowling O M R W Econ
Ankit Rajpoot 11 4 13 0 1.18
Sandeep Warrier 12 2 50 2 4.17
Shivam Dube 6 1 19 2 3.17
Rahul Chahar 17.4 1 78 4 4.48
Jayant Yadav 17 2 67 2 3.94


Batsmen R B 4s 6s SR
Sangeeth Cooray c Ricky Bhui b Sandeep Warrier 1 6 0 0 16.67
Pathum Nissanka c KS Bharat b Ankit Rajpoot 0 2 0 0 0.00
Sadeera Samarawickrama c Ricky Bhui b Rahul Chahar 48 92 6 0 52.17
Bhanuka Rajapaksa b Ankit Rajpoot 1 9 0 0 11.11
Ashan Priyanjan st KS Bharat b Rahul Chahar 39 69 7 0 56.52
Niroshan Dickwella c KS Bharat b Sandeep Warrier 27 39 0 0 69.23
Chamika Karunaratne c Jayant Yadav b Rahul Chahar 20 20 0 0 100.00
Akila Dananjaya st KS Bharat b Jayant Yadav 10 19 0 0 52.63
Lakshan Sandakan not out 10 30 0 0 33.33
Vishwa Fernando st KS Bharat b Jayant Yadav 10 18 0 0 55.56
Lahiru Kumara b Rahul Chahar 8 10 0 0 80.00


Extras 11 (b 4 , lb 6 , nb 0, w 1, pen 0)
Total 185/10 (52.3 Overs, RR: 3.52)
Fall of Wickets 1-1 (0.5) Pathum Nissanka, 2-3 (1.3) Sangeeth Cooray, 3-4 (4) Bhanuka Rajapaksa, 4-92 (28.4) Ashan Priyanjan, 5-99 (30.4) Sadeera Samarawickrama, 6-133 (36.1) Chamika Karunaratne, 7-153 (41.4) Akila Dananjaya, 8-153 (42.6) Niroshan Dickwella, 9-166 (47.6) Vishwa Fernando, 10-185 (52.3) Lahiru Kumara,

Bowling O M R W Econ
Ankit Rajpoot 5.2 1 11 2 2.12
Sandeep Warrier 10.4 4 26 2 2.50
Shivam Dube 7 0 27 0 3.86
PK Panchal 1 0 8 0 8.00
Rahul Chahar 13.3 2 45 4 3.38
Jayant Yadav 15 0 58 2 3.87



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<