ශ්‍රී ලංකා – බංග්ලාදේශ A සටනේ පළමු දිනයට වැස්ස හරස් වෙයි

79

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය කටුනායක FTZ Sports Complex (BOI) ක්‍රීඩාංගණයේ දී අද (23) ආරම්භ වීමට නියමිතව තිබුණි. 

සාන්තුවරයෝ ශූරතාව සම සේ බෙදා ගනී

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර ඊයේ (22) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති…

එහෙත් අද දිනය පුරාවටම ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු විය. 

කණ්ඩායම් දෙක මෙහෙයවනු ලබන්නේ අශාන් ප්‍රියන්ජන් සහ මොමිනුල් හක් දෙදෙනා විසිනි. මෙම සිව්දින තරගයේ දෙවන දිනය හෙටයි (24).

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<