විශ්ව විද්‍යාල රග්බි ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙනුත් සංචිතයක්

3545

වර්තමානයේ දී ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවෙන් දිගින් දිගටම ජයග්‍රහණ දිනා ගනිමින් ඉදිරියටම ගමන් කර අතර ලෝක විශ්ව විද්‍යාල රග්බි ශූරතාවය කරා යන්නට ද ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව සිටියි.

විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලිය නියෝජන කරන්නට ශ්‍රී ලංකාව මේ වන විට අවස්ථාව දිනා සිටින අතර ලෝක ශූරතා තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල රග්බි සංචිතයක් සහභාගී වන ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

නාමල් ඇතුළු පිරිසක් ජම්මු කාශ්මීර් රග්බි කණ්ඩායමේ සහයට යයි

හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ…

වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය 8 වැනි වතාවට මේ වසරේ දී පැවැත්වෙන්නේ නැමීබියා දේශයේ “ස්වාකප්මුන්ඩ්” අගනුවර දීය. තරගාවලිය ජූලි මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගාවලිය අවසන් වරට 2016 දී  බ්‍රිතාන්‍යයේ “ස්වාන්සේ” අගනුවර දී පැවති අතර එහි බාලක ශූරතාවය ඕස්ට්‍රේලියාව විසින් දිනා ගත් අතර බාලිකා ශූරතාවය ප්‍රංශය විසින් දිනා ගන්නා ලදි.

වයිපර් ගුණරත්න මහතාගේ මග පෙන්වීම යටතේ මෙම සංචිතය තෝරාගෙන ඇති අතර ජාතික පුහුණුකරුවන් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනුජ මල්ලවාරච්චි හා රෝහිත මෙන්ඩිස් කටයුතු කරන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ලක්ෂ්මන් විජේසූරිය කණ්ඩායමේ කළමනාකරු ලෙස සේවය කරයි.

තරගාවලියේ ආරම්භය 2004 දක්වා දිව යන අතර සෑම වසර දෙකක‍ට වරක් තරගාවලිය අඛණ්ඩව පවත්වා ඇත. නිමා වූ විශ්ව විද්‍යාලාන්තර රග්බි තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා සංචිතයට සුදුසුකම් ලබා ඇත.

ඉසිපතනයෙන් තර්ස්ටන් ක්‍රීඩකයින්ට අමතක නොවන සංග්‍රහයක්

කොළඹ ඉසිපතන විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර 47 වැනි වරටත් පැවති අබ්දුල් ජබ්බාර් වාර්ෂික..

සම්පූර්ණ සංචිතය:

  • ඊ. එච්. ජී. එල්. යූ. පීරිස් (කණ්ඩායම් නායක) – රජරට විශ්ව විද්‍යාලය
  • ඊ. එම්. එච්. ඊ. බී. ඒකනායක – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • එම්. යූ. ආර්. යූ. එල්. බී. ආරියරත්න (උප නායක) – ජ’පුර විශ්ව විද්‍යාලය
  • එම්. ජී. ඒ. එන්. ජයතිලක – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • එන්. ඩී. ජී. ලසන්ත – කැලණිය විශ්ව විද්‍යාලය
  • එස්. එච්. එන්. ආරච්චි – මොරටුව විශ්ව විද්‍යාලය
  • එම්. යූ. කන්නන්ගර – කොළඹ විශ්ව විද්‍යාලය
  • ඩබ්. එම්. එස්. පී. වීරකෝන් – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • ඩබ්. එම්. ඒ. වී. වීරකෝන් – මොරටුව විශ්ව විද්‍යාලය
  • එච්. එම්. යූ. අයි. යූ. හේරත් – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • ඩී. එම්. එච්. ඩී. දිසානායක – යාපනය විශ්ව විද්‍යාලය
  • කේ. එම්. එම්. ටී. එස්. මධුසංක – යාපනය විශ්ව විද්‍යාලය

කණ්ඩායම් උප නායක යුවීන් ආරියරත්න ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ සමබර කණ්ඩායමක් තමා වෙත ලැබී ඇති බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණයක් ගෙන දෙන්නට තමා උපරිමයෙන් කටයුතු කරන බවත්ය. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස්  දැක්වූ උප නායකයා;

“දැනට අපි හොඳට පුහුණුවීම් කරගෙන යනවා, පුහුණුකරු අනුජ සර්ගෙන් ලොකු සහයෝගයක් අපට ලැබෙනවා, යම් අනුග්‍රාහකත්වයකුත් අපට ලැබෙනවා නම් අපි ගොඩක් සතුටු වෙනවා.”

මේ අතර කණ්ඩායමේ පුහුණුකරුවකු වන  අනුජ මල්ලවාරච්චි මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ කණ්ඩායමේ උනන්දුව ඉහළ මට්ටමක ඇති බවත්, ප්‍රථම වරට සහභාගී වන හෙයින් අත්දැකීම් සමඟින් තම උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන බවත් ය. වැඩි දුරටත් අදහස් දැක්වූ පුහුණුකරු;

“දරුවෝ ඔක්කොම හොඳයි, රට වෙනුවෙන් ක්‍රීඩා කරන සංචාරයක් නිසා සියලු දෙනාම තමන්ගේ උපරිමය පුහුණුවීම් වෙනුවෙන් කැප කරලා තියෙන්නේ, අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටින නිසා හොඳ මානසිකත්වය කණ්ඩායම තුල තියෙනවා.”

තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර කොළඹ හා මහනුවර කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට දී පුහුණුවීම් ආරම්භ කර ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<